සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1310

රක්ෂණ යන්ත්‍රනය

(පාරිභා.) නා. ආරක්ෂාව පිණිස ප්‍රයෝජන ගත හැකි යාන්ත්‍රික උපක්‍රමය.

රක්ෂණ වාරිකය

නා. රක්ෂිත පුද්ගලයා විසින් රක්ෂකයාහට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය.

රක්ෂා

1. වි. ආරක්ෂාව ඇති ; 1 ප්‍රවේසම් සහිත ; පරිස්සම් සහිත.
2. යැපෙන ; නඩත්තු වන ; පෝෂ්‍ය වන.
1. නා.ප්‍ර. රැකීම; රැකවල ; ආරක්ෂාව ; ආවරණය.
2. ජීවිකා වෘත්තිය ; ජීවනෝපාය ; ජීවත්වීමේ මාර්ගය ; රැකියාව.

රක්ෂා ස්ථානය

නා. ආරක්ෂා ලැබෙන ස්ථානය ; රැකවරණයක් ඇති තැන.

රක්ෂාධිකාරි නිලධාරියා

නා. ආරක්ෂාව සම්බන්ධයෙන් නිත්‍යනුකූලව ප්‍රධානත්වය උසුලන තැනැත්තා.

රක්ෂාපේක්ෂකයා

1. නා. රැකවලෙහි යෙදෙන්නා ; රැකවලා ; දොරටුපාලයා.
2. නාඩගම්කාරයා ; නළුවා.

රක්ෂාවරණය

[රක්ෂා + ආවරණය]
නා. ආරක්ෂාව ; රැකවල ; රැකවරණය.

රක්ෂිත

1. වි. රක්නා ලද ; රැකුණු ; ආරක්ෂා වූ ; රක්ෂණය කරන ලද.

රක්ෂිතයා

1. නා. රකිනු ලබන්නා ; ආරක්ෂා කෙරෙන්නා.
2. (පාරිභා.) භාරකාරයෙකුගේ ආරක්ෂාව යටතේ සිටින බාලවයස්කාරයා.

රක්ෂිතෘ

නා.ප්‍ර. රකින්නා ; ආරක්ෂා කරන්නා.

රක්සෑගේ

නා. චෛත්‍යයක රැකවරණය පිණිස ඉදිකළ ගෙය.

රකිනවා

1. ක්‍රි. ආරක්ෂා කරනවා ; රැකබලා ගන්නවා ; පෝෂණය කරනවා.
2. සමාදන් වන ව්‍රත, ශීල ආදිය කඩ නොකර පවත්වා ගන්නවා.

රකුසා

නා. මිනීමස් බුදින, මිනිස් ලේ උරාබොන භයානක අමනුෂ්‍ය කොට්ඨාශයක්.
වි. රළු ; නපුරු පෙනුමක් ඇති ; දරුණු ; භයානක.

රග

1. නා.ප්‍ර. පාට ; පැහැය ; වර්ණය.
2. නැටුම ; රැඟුම ; නෘත්‍යය.
3. නැටුම් ගැයුම් වැයුම් පවත්වන ස්ථානය ; රඟමඩල ; නෘත්‍ය භූමිය.
4. ආකාරය ; පිළිවෙල ; විධිය ; ස්වභාවය.
5. රශ්මිය ; කිරණ ; කර ; මරිචිය.

රගංස්ථාපක

(පාරිභා.) නා.ප්‍ර. වර්ණ ස්ථාවර බවට පත් කරන රසායන ද්‍රව්‍යය.

රගණය

නා. සිංහල කාව්‍ය ශිල්පය හා සම්බන්ධ අට ගණ අතුරෙන් එකක් ; මුල හා අග වර්ණ ගුරු ව මැද වර්ණය ලඝු ව ද සිටින ගණය.

රග්බි

නා.ප්‍ර. අන්තර්ජාතික පා පන්දු ක්‍රීඩාවක්.

රඞ්ග මාණික්‍යය

නා. රතු කැටය ; පද්මරාගය.

රඞ්ගක

නා.ප්‍ර. සුදු ඊයම්.

රඞ්ගවීජ

නා.ප්‍ර. රිදී.

රඞ්ගාවලී ලේඛය

(පාරිභා.) නා. වර්ණාවලිය ඡායාරූපගත කිරීම සඳහා උපයෝගී කරගන්නා උපකරණයක් ; වර්ණාවලී දර්ශකය.

රඟ කරළිය

නා. රංග භූමිය ; රඟ මඩල ; රංග පීඨය.

රඟ දෙනවා

ක්‍රි. නටනවා ; රැගුම් පානවා ; නෘත්‍ය පවත්වනවා.

රඟදිව්

නා.ප්‍ර. වර්ණවලින් ජීවත්වන්නා ; සිත්තරා ; අලික්කැමි.