සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1311
රඟහල
නා. නැටුම් ගැයුම් වැයුම් පවත්වන ශාලාව ; නාට්‍ය ශාලාව ; නෘත්‍ය ශාලාව.
රචකයා
නා. ගද්‍ය පද්යාදිය රචනා කරන්නා ; ප්රබන්ධකයා ; ලිපි සම්පාදකයා.
රචනය
1. නා. රචනා කරනු ලබන දෙය ; රචනාව ; ගද්‍ය පද්යාදී ප්‍රබන්ධය ; ලුහුඬු සංග්‍රහය.
2. යමක් රටාවකට ගළපා සැකසීම ; රචනා කිරීම ; ගද්‍ය පද්‍ය සම්පාදනය.
රචනා චෞරයා
නා. අනුන්ගේ රචනා, අදහස් ආදිය සොරා ගෙන සිය නිර්මාණ ලෙස පෙන්වන තැනැත්තා.
රචනා ප්‍රශ්න
නා.ප්‍ර. රචනා ස්වරූපයෙන් පිළිතුරු ලිවිය යුතු ප්‍රශ්න.
රචයිතෘ
නා.ප්‍ර. රචනා කරන්නා ; රචකයා.
රචිත
වි. රචනා කරන ලද ; ගොතන ලද ; ප්‍රබන්ධ කරන ලද.
රජ
1. නා.ප්‍ර. රාජයා ; මහීපාලයා ; නරපතියා.
2. අධිපතියා ; ශ්‍රේෂ්ඨයා ; උත්තමයා ; විශිෂ්ටයා.
3. රජ කුලය ; රාජ වංශය ; ක්ෂත්රීය කුලය.
4. රජය ; රාජ්‍යය ; රාජධානිය.
5. චන්ද්‍රයා.
6. සූර්ය රශ්මිය ; හිරු රැස්.
7. ධූලී ; රජස්.
8. (මල්) රොන් ; රේණු.
9. කෙලෙස් ; ක්ලේශ.
10. රේඛාව ; ඉඩ ; පේළිය.
11. රොද ; සමූහය ; පඞ්ක්තිය.
12. ඔසප් ලෙය.
1. වි. රජුට අයත් ; රජුන් පිළිබඳ ; රාජකීය.
2. ප්‍රධාන ; ප්රමුඛ ; ශ්‍රේෂ්ඨ.
රජ අණ
නා.ප්‍ර. රජු විසින් පනවන ලද නීතිය ; නියෝගය ; රාජ්‍ය මගින් නිකුත් කරනු ලබන අණ.
රජ අවස
නා.ප්‍ර. රාජ මාළිගාව ; රාජකීය මන්දිරය.
රජ ඇණය
නා. මොටෝරියක ඉදිරි රෝදවල අක්ෂ දඩු, රිය තට්ටුවට සවි කිරීම පිණිස යොදන ඇණ විශේෂයක්.
රජ කෙළෙඹියා
නා. රජුගේ භාණ්ඩාගාරයේ පාලන නිලධාරියා ; රාජ භාණ්ඩාගාරිකයා.
රජ දම්
නා.ප්‍ර. රජකු විසින් පුරවැසියන් කෙරෙහි පිළිපැදිය යුතු දසවැදෑරුම් රාජ ධර්මය ; දශරාජ ධර්මය.
රජ දැකුම
නා. මහනුවර රාජ්‍ය සමය තුළ දී රජු හට වාර්ෂික පුද පඬුරු ඔප්පු කිරීමේ කාරිය ; දැකුම් මංගල්‍යය.
රජ පෙළපත
නා.ප්‍ර. රජ කුලය ; රාජ වංශය.
රජ බද්ද
නා.ප්‍ර. රජයට ගෙවිය යුතු අයබදු.
රජ බිය
නා. රජුන්ගෙන් ඇති වන බිය ; රාජ භය.
රජ බිසෙව්
නා.ප්‍ර. රජකමට පත් කිරීමේ දී කරන අභිෂේකය ; රාජාභිෂේකය.
රජ මැස්සී
නා. මී මැසි රැළක නායක මැස්සිය ; ; එම කණ්ඩායමේ මව් මැස්සී.
රජ මුන්ද
නා.ප්‍ර. රජුගේ මුද්‍රාව ; රාජ ලාංඡනය.
රජකත
නා. රජ බිසොව; කුමාරිකාව.
රජකම
නා. රටක් පාලනය කිරීම ; රාජ්‍යත්වය.
රජකයා
1. නා. රෙදි සෝදන තැනැත්තා.
2. රෙදිපිළි සායම් කරන්නා ; වස්ත්‍ර රඤ්ජකයා.
රජගහ
නා. දඹදිව මධ්‍යයෙහි පිහිටි විශාල නගරයක් ; රාජගහ.
රජගුරු
නා.ප්‍ර. රජුගේ ගුරුවරයා ; රජුට අනුශාසනා කරන්නා.