සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1312
රජගෙය
1. නා. රජු වසන මන්දිරය ; රජ මාළිගය.
2. අන්තඃපුරය ; ඇතොර.
3. දෙවියන් වැඩවසන නිවස ; දේවාලය ; කෝවිල.
රජගොත්
නා.ප්‍ර. රජු අයත් කුල පරපුර ; රාජවංශය.
රජඟ
[රජ + අඟ]
නා.ප්‍ර. රජුට අයත් ස්වාමි, අමාත්‍ය, රාෂ්ට්‍ර, දුර්ග, ධන, මිත්‍ර සහ සේනා යන සත් වැදෑරුම් අඞ්ග.
රජඟණ
රජඟන
[රජ + අගන]
නා.ප්‍ර. රජ කුලයට අයත් කාන්තාව ; රජ බිසොව ; රජ කුමරිය.
රජත
1. නා.ප්‍ර. රිදී ; කලදෝ.
2. ඇත්දළ.
3. රුධිරය ; ලේ ; ; රක්තය.
4. පාෂාණය ; ගල.
5. රන් ; රත්රන්.
6. සුදු පැහැය ; ශ්වේත වර්ණය.
7. මුතුහර.
වි. රිදියෙන් කළ ; රිදී මුවා ; රජතමය.
රජත ජයන්තිය
නා. වැදගත් සිද්ධියක් පිළිබඳව විසිපස් සම්පූර්ණ වීම පවත්වන නිමිත්තෙන් පවත්වන උත්සවය ; රිදී ජුබිලිය.
රජතමය
වි. රිදියෙන් කළ ; රිදී මුවා.
රජතවර්ණය
නා. රිදීපාට ; සුදුපැහැය.
රජති
නා.ප්‍ර. රිදී ; රජත.
රජතිහරණය
නා. රිදී ඉවත් කිරීම; රිදී කොටස බැහැර කිරීම.
රජතුන් කට්ටුව
නා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසීම පිණිස පත් කරනු ලබන විනිශ්චයකරුවන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලය.
රජදත්
නා.ප්‍ර. කටෙහි උඩු ඇන්දේ ඉදිරියෙහි තිබෙන දත් යුවල ; රාජදන්ත.
රජදහන්
නා.ප්‍ර. රටේ පාලන මධ්‍යස්ථානය වන නගරය ; රජු වසන නුවර ; රාජධානිය.
රජදු
නා.ප්‍ර. සන්නාහ සැට්ටය ; යුද්ද සැට්ටය.
රජන
වි. සායම් කරන ; පඬු පොවන ; රජනය කරන.
නා.ප්‍ර. සායම් ; පාට ; පඬු.
රජනා
නා.ප්‍ර. රාජ්‍ය නායකයා ; ප්‍රධාන රජතුමා ; ශ්‍රේෂ්ඨ රජ ; මහ රජ.
රජනි
නා.ප්‍ර. රැය ; රාත්‍රිය.
රජනිකර
නා.ප්‍ර. සඳ ; චන්ද්‍රයා ; උළිඳු.
රජනිජල
නා.ප්‍ර. පිනි ; තුෂාර.
රජනිය
නා. රාජ නීතිය.
රජනී
නා.ප්‍ර. රාජ දේවිය ; රජ මෙහෙසිය ; රජ බිසොව.
රජනීය
වි. සිත් අලවන ; මනෝහර ; ආනන්දජනක ; ආහ්ලාදජනක.