සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 140
අබ්බගාත
(කථා.) වි. කොර; අබලන් අත් පා ඇති.
අබ්බෑසය
(කථා.) නා. පුරුද්ද; භාවිතය; අභ්‍යාසය.
අබ්බෝහාරික
1. වි. ගණනට නොගත යුතු; නොසැලකිය යුතු.
2. (විනය.) වි. විනය ප්රඥප්තියට විෂයය නොවන; ඇවතට හේතු නොවන.
අබ්භ
1. නා.ප්‍ර. වලාකූළ; මේඝකූටය.
2. නා.ප්‍ර. අහස; ගුවන.
අබ්භෝකාසය
නා. ආවරණය නොවූ ස්ථානය; එළිමහන් බිම; අභ්‍යවකාශය.
අබ්යංගය
නා. සිරුරේ තෙල් ගෑම නොහොත් ගැල්වීම; ශරීරයේ කල්කාදිය ආලේප කිරීම.
අබ්‍යාකත ධර්ම
නා.ප්‍ර. (අභි.) කුසල් - අකුසල් වශයෙන් නොදක්වන ලද ධර්ම; විපාක නොදීම ලක්ෂණ කොට ඇති ධර්ම; විස්තර නොකරන ලද ධර්ම.
අබ්යාධිය
නා. ව්‍යාධි රහි ත ස්ථානය; ක්ෂේම ස්ථානය; නිර්වාණය.
අබ්යාපාද
නා.ප්‍ර. ව්‍යාපාද රහිත බව.
අබ්යාපිත
වි. පැතිර නොසිටි; නොපැතුරුණු; ව්‍යාප්ත නොවූ.
අබ්‍රහ්මචර්යාව
නා. බඹසරින් මිදීම; මෙවුන්දමෙහි යෙදීම; කාම සේවනය.
අබා
[අ + බා]
1. නා.ප්‍ර. අභය; බිය රහිත බව; නිර්භය භාවය.
2. නා.ප්‍ර. නිර්වාණය.
3. නා.ප්‍ර. ඇතැම් සිංහල රජවරුන්ගේ අභිෂේක නාමයෙන් කොටසක්.
4. නා.ප්‍ර. අභාග්‍යය; අවාසනාව.
අබැද්දිය
(කථා.) නා. බලාපොරොත්තු නොවූ දෙය; විපත; කරදරය.
අබිදම්
නා.ප්‍ර. ත්‍රිපිටකයෙන් එක් පිටකයක්; අභිධර්ම පිටකය.
අබිදාන
වි. නම් වූ; නම් ඇති.
අබිනික්මන
නා.ප්‍ර. පැවිද්ද සඳහා ගිහිගෙයින් නික්ම යෑම; අභිනිෂ්ක්‍රමණය.
අබිමන්
වි. මානයෙන් යුක්ත; අහංකාර.
අබිමුව
නා. ඉදිරිය; ඉස්සරහ; අභිමුඛය.
අබියස
නා. සමීපය; ළඟ; ඉදිරිපස.
අබිරහස
නා. ගැඹුරු රහස; ගූඪ කාරණය; ගුප්ත දෙය.
අබිරු
වි. භය නැති; නිර්භීත; අභීත.
අබිසර
නා. අභිසාරිකාව; වෙසඟන; ගණිකාව.
අබිසෙව්
නා.ප්‍ර. අභිෂේකය.
අබිසෙස්
නා.ප්‍ර. අභිසෙව්.