සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 141

අබු

1. නා.ප්‍ර. ස්ත්‍රිය; කාන්තාව.
2. නා.ප්‍ර. ආවාහ කරගත් ස්ත්‍රිය; අඹුව; බිරිඳ; භාර්යාව.

අබුතු

වි. බොරු; අසත්‍ය; අභූත.

අබුද්දස්ස කාලය

1. (කථා.) නා. බුදුවරයෙකු නැති කාලය; අබුද්ධෝත්පාද කාලය.
2. නා. පුදුම දේ සිදුවන කාලය.

අබේ

වි. භේදයක් නැති; වෙනසක් නැති.

අබෝධ්‍ය

වි. තේරුම් ගත නොහැකි.

අභද්‍ර

1. වි. අවාසනාවන්ත; අශුභ; අභාග්‍යවත්.
2. වි. අයහපත්; පාපී; දුෂ්ට.

අභබ්බ

වි. බියෙන් තොර; නිර්භය; නිර්භීත; අභීත.
1. නා.ප්‍ර. භය රහිත බව; ආරක්ෂාව.
2. නා.ප්‍ර. රක්ෂා ස්ථානය; අභය ස්ථානය.
3. නා.ප්‍ර. සමාව; ක්ෂමාව; අභය.
4. නා.ප්‍ර. සැවැන්දරා.

අභබ්බ පුඟුලෝ

නා.බහු. නුසුදුසු පුද්ගලයෝ; අභව්‍ය පුද්ගලයෝ.

අභය

1. වි. නිර්භය; සුරක්ෂිත.
2. වි. නිර්භීත; අභීත.
1. නා.ප්‍ර. බිය රහිත බව; ආරක්ෂාව.
2. නා.ප්‍ර. රක්‍ෂාවරණය; රක්‍ෂාස්ථානය.
3. නා.ප්‍ර. ක්‍ෂමාව.

අභය මුද්‍රාව

නා. ආරක්ෂාව දෙන බව හෝ නිර්භය බව හෝ හඟවන හස්ත මුද්‍රාවක්; අත මඳක් ඔසවා අත්ල පිටතට හරවා ඇඟිලි ඉහළට දිග හැර ගත් බව දක්වන මුද්‍රාව.

අභය වචනය

නා. ආරක්ෂාව සලසා දෙන බවට පොරොන්දුව.

අභය සංඥාව

නා. බිය නැතැයි යන හැඟීම; බියෙන් තොරබව දක්වන සලකුණ.

අභය ස්ථානය

නා. භය රහිත තැන; ආරක්ෂා සහිත තැන; ක්ෂේම ස්ථානය.

අභයදානය

1. නා. රැකවරණය දීම; ආරක්ෂාව සලසා දීම.
2. නා. මරණයට නොපමුණුවා දිවි මුදා හැරීම; ජීවිත දානය.

අභයපුරය

1. නා. බියෙන් තොර පුරය.
2. නා. නිවන; නිර්වාණය.

අභයභූමිය

නා. වන සතුන් ඝාතනය තහනම් කළ ප්‍රදේශය; වන සතුන්ට ආරක්ෂා සහිත ව නිදහසේ ජීවත් වීම සඳහා වෙන් කොට ඇති කැලෑ පෙදෙස.

අභවය

නා. විපත; අභාග්‍යය; විනාශය.

අභව්‍ය

1. වි. නොවිය යුතු; අශුභ; විකල.
2. වි. සුදුසු නැති; නුසුදුසු; නොනිසි.

අභ්‍යක්ත

වි. තෙල් ගල්වන ලද; කල්කාදිය ආලේප කරන ලද.

අභ්‍යඞ්ගය

නා. තෙල් ඇඟ ගැල්වීම; කල්කාදිය ආලේප කිරීම.

අභ්‍යඤ්ජකය

(පාරිභා.) නා. ස්නේහකය; පහසුවෙන් යන්ත්‍ර ක්‍රියා කිරීමට යොදන තෙල; උපස්නේහන ද්‍රව්‍යය (=lubricant).

අභ්‍යඤ්ජනය

1. නා. ඇස අඳුන් ගෑම; අඤ්ජනය.
2. නා. ආලේප ද්‍රව්‍යය; ආලේපය.
3. නා. යමක් මෘදු ලෙස ක්‍රියා කරවීමට ගානා තෙල් ආදිය; ස්නේහනය.

අභ්‍යන්තර

1. වි. ඇතුළු; අන්තර; මධ්‍යගත.
2. වි. ඉතා කිට්ටු සම්බන්ධතා ඇති; කුලුපග.
3. වි. පෞද්ගලික.

අභ්‍යන්තර මුහුද

(පාරිභා.) නා. සම්පූර්ණයෙන් හෝ බොහෝ දුරට හෝ හාත්පසින් ගොඩබිමින් වැසුණු මුහුද (=inland sea).