සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 139
අබ
1. නා.ප්ර. වලාකුළ; මේඝය.
2. නා.ප්ර. කුඩා ඇට සහිත කරල් හට ගන්නා පැළෑටි වර්ගය; එහි ඇට.
3. නා.ප්ර. බිය නොමැතිබව. ඈ. එළිය; ආලෝකය.
අබක
නා. වනසතුන් ඇල්ලීම පිණිස අටවන උගුල් විශේෂය; හබක.
අබග්ගය
1. නා. අවාසනාව; අභාග්යය.
2. (කථා.) නා. ආපදාව; විපත; හදිසිය.
අබතුර
1. නා. ඇතුළත; අභ්යන්තර.
2. නා. චිත්තාභ්යන්තරය; සන්තානය; සිත.
3. නා. මිනුම් ප්රමාණයක්; රියන් විසිඅටක දිග.
වි. ඇතුළු; අභ්යන්තරය.
අබද්ධ
1. වි. නපුරු; අයහපත්; දුෂ්ට.
2. වි. එකට නොබැඳුණු; විසුරුණු.
අබඳ
1. වි. එකට බැඳුණු; නිරතුරු පවත්නා.
2. වි. එකිනෙකට සම්බන්ධකමක් නැති; එකිනෙකට විරුද්ධ.
අබබය
1. නා. අතිවිශාල සංඛ්යාවක් හඳුන්වන නාමය; නහුත සියක් ලක්ෂයක්; විෂ්කම්භ කෝටියක්; නිරබ්බුද සියයක්.
2. නා. උස්සදනිරය එකසිය විසි අටෙන් එකක නාමය.
අබබ්බයා
(කථා.) නා. වැඩකට නැති මිනිහා; අවාසනාවන්තයා.
අබය
වි. භය නැති; නිර්භය; ආරක්ෂාව.
1. නා.ප්ර. භය නැතිබව; නිර්භය.
2. නා.ප්ර. සමාව.
අබර
1. නා. වලාකුළ.
2. නා. අහස; අඹර; ආකාශය.
3. නා. අම්බරය; වස්ත්රය.
වි. බරනැති; සැහැල්ලු.
අබරණ
නා.ප්ර. ශරීරය අලංකාර කිරීම සඳහා පලඳින වළලු, මාල ආදි පලඳනා.
අබල
1. වි. බල නැති; දුර්වල; දුබල.
2. වි. අපොහොසත්; නොහැකි; බැරි.
අබලන්
වි. දුබල වූ; දුර්වල වූ.
අබලි
1. වි. බලහීන; දුබල.
2. වි. පරණ; අබලන්; දිරාපත්.
අබව
නා. නොපැවතීම; අභාවය.
අබවස
1. නා. එළිමහන; මුවාවක් නැති තැන.
2. නා. අභ්යවකාශය.
අබස්
නා.ප්ර. එළිය; ආලෝකය; ආභාසය.
අබළුව
නා. අබ පියල්ල; අබ ඇටයක පළුව.
අබ්ජ
වි. ජලයෙහි උපන්; ජලජ.
1. නා.ප්ර. හක්ගෙඩිය.
2. නා.ප්ර. කපුරු.
3. නා.ප්ර. පියුම; පද්මය.
4. නා.ප්ර. චන්ද්රයා.
අබ්ජයෝනි
1. නා.ප්ර. බ්රහ්මයා.
2. (ජ්යෝති.) නා.ප්ර. රෙහෙණ නැකත.
අබ්දය
1. නා. වලාකුළ; මේඝය.
2. නා. වර්ෂය; සංවත්සරය.
අබ්ධි
1. නා.ප්ර. පොකුණ; විල.
2. නා.ප්ර. මුහුද; සාගරය.
3. නා.ප්ර. සතර; චතුස් සංඛ්යාව.
4. නා.ප්ර. සියාවස නැකත.
අබ්ධිජ
නා.ප්ර. මුහුදින් උපන් දෙය; මුහුදු පෙණ.
අබ්බ
නා.ප්ර. තලාතු මිනිරන්; මිනිරන්.