සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1413

ලෙව් ලැකිය

නා. ලෝක ව්‍යවහාරය ; ලෝවැසියන් භාවිත කරන පිළිවෙළ.

ලෙව්සත

[ලෙව් + සත]
නා. ලෝක සත්වයා ; ලෝවැසියා.

ලෙවිතයා

නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි පූජකවරයකුට සහායට සිටින තැනැත්තා ; පූජකයා.

ලෙවියුලෝස්

නා.ප්‍ර. පලතුරු වර්ගවල තිබෙන සීනි වර්ගයක්.

ලෙස

නා. ආකාරය ; විලාසය ; අන්දම ; ප්‍රකාරය ; පරිද්ද.

ලෙස්

1. නා.ප්‍ර. ස්වල්ප ; අල්පය ; ලේශය.
2. සමාන බව.

ලෙහෙ

නා.ප්‍ර. ලේ ; රුධිරය.

ලෙහෙනවා

1. ක්‍රි. ගැලවෙනවා ; අහකට යනවා ; ඉවතට යනවා.
2. ලිස්සනවා ; ලිස්සී යනවා.

ලෙහෙබත්

නා.ප්‍ර. ලෙහෙයෙන් තෙමීම ; ලේ වැකීම.

ලෙහෙමුඬු

වි. ලේ වැකුණු ; ලෙයින් ගැවසීගත්.

ලෙහෙලි

1. නා.ප්‍ර. අඩ සඳ ; අර්ධ චන්ද්‍රයා.
2. ලෙල්ල ; පොත්ත.
3. පුතාගේ භාර්යාව ; ලේලිය.

ලෙහෙවුව

1. නා. පහසුව ; ලේසිය.
2. උදව්ව ; උපකාරය.

ලෙහෙසි

වි. පහසු ; අමාරු නැති ; සුකර ; ලේසි.

ලෙළහ

නා.ප්‍ර. මන බඳින ආකාරය ; විලාසය ; ලීලාව ; සුන්දරතාව.

ලෙළුම

නා. වෙවුලීම ; තදින් සෙලවීම ; ලෝලනය.

ලේ

1. නා.ප්‍ර. සත්ත්ව ශරීරයෙහි නහරවල ගමන් කරන රක්තවර්ණ තරලය ; ලෙය ; ලෝහිතය.
2. රේඛාව ; ඉර ; ලේඛාව.
3. ලියන්නා ; ලේඛකයා.
4. ලී පතුර.
5. පංතිය ; පෙළ.

ලේ අතීසාරය

නා. ලේ සහ සෙම සහිතව අධික වේදනා දෙමින් පාචනයවීමේ රෝගය ; රක්තාතීසාරය.

ලේ උරුමක්කාර

වි. (පිය හෝ මව් පාර්ශ්වයෙහි) එකම ලේවලින් පැවත එන නෑකමකට හිමිකම් ඇති.

ලේ උරුමක්කාරයා

නා. (එකම පරම්පරාවක) එකම ලෙයකට හිමිකම් ඇත්තා පියාගේ හෝ මවගේ ලේවලට හිමිකම් ඇත්තා.

ලේ ඔරුව

නා. යාතු කර්මවලදී භාවිත කරන, කෙසෙල් කඳන්වලින් සෑදූ ඔරු විශේෂය.

ලේ ගඩුව

නා. සැරව ගෙඩිය ; විෂ්ඵෝටය ; (සාරය සහිත) ගෙඩිය.

ලේ දඩේ

නා. පුරාණ ලංකාවෙහි ලේ සෙලවීම සම්බන්ධයෙන් පණවන ලද්දා වූ ද, රිදී 7 1/2ක් ගෙවීමෙන් නිදහස් විය හැකි වූ ද දඩයක්.

ලේ දොස

නා. ලේ අපිරිසිදුවීම; ලේ නරක්වීම.

ලේ ධාරාව

නා. වැල නොකැඩී වැටෙන රුධිරය ; නොකඩවා ගලා එන ලෙය ; ලේ දහර.