සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1412
ලෙබ්බෙ
නා.ප්ර. මුස්ලිම් පල්ලියක කටයුතු කරවන සහ ආගමික වතාවත් මෙහෙයවන තැනැත්තා.
ලෙබ්ලාං ක්රමය
(පාරිභා.) නා. ලවණවලින් සෝඩියම් කාබනේට් හා අතුරුඵල විශාල ලෙස සෑදීමේ පැරණි ක්රමයක්.
ලෙම්බ
1. නා. අශ්ව වර්ගයට අයත් ගැහැණු සතා ; වෙළඹ.
2. ඇතැම් ගෙඩිවල වෙන්කළ හැකි පිට ලෙල්ල.
ලෙම්බුව
(කථා.) නා. ලෑලි දෙකක් සම්බන්ධ කිරීමේ දී ඒ දෙක අතර හිදෑස් තැන් වසා බස්සවන තුනී ලී කැබැල්ල.
ලෙමින්ගුවා
නා. උතුරු යුරෝපවාසී රෝදන්ත ගණයට අයත් සත්වයෙක්.
ලෙමුරොයිඩෙයා
නා.ප්ර. උණහපුළුවන් ඇතුළු සත්ව ගණය.
ලෙය
1. නා. රුධිරය ; ලේ.
2. ලෙවකෑ යුතු දෙය.
3. ඉරකට සමාන පටු දිග දෙය.
4. රාශි 12න් එකක් වූ සිංහ රාශිය.
ලෙය්ය
නා.ප්ර. ලෙවකෑමෙන් අනුභව කටයුතු පැණි වැනි ආහාර.
ලෙයිදරු
නා.ප්ර. පුරාණ ලංකාවේ ලිපිකරු කටයුතුවල යෙදුණු තැනැත්තා.
ලෙල දෙනවා
1. ක්රි. සෙලවෙනවා ; සසලවෙනවා ; චංචලවෙනවා ; එහා මෙහා වෙනවා.
2. බැබළෙනවා ; දිළිසෙනවා ; කාන්තිය විහිදුවනවා ; ලීලෝපේත වෙනවා.
ලෙල්ල
1. නා. පිටතින් ඇති පොත්ත ; පිටපොත්ත ; පිටවැස්ම.
2. පිටසම.
3. (පාන් ආදියෙහි) වාටිය.
4. කැස්බෑ ආදි ඇතැම් සතුන්ගේ ඝන පිට කබල ; පිටකටුව ; කවචය.
ලෙල්ලම
1. නා. කරදරය ; හිරිහැරය ; වෙහෙස ; විපත.
2. ලෙල්ලන් පළ.
ලෙල්ලම් පළ
නා. තරගයට ඉල්ලුම් කොට වැඩිම ඉල්ලුම්කරුට මාලු විකුණන ස්ථානය ; මාලු වෙන්දේසි පොළ.
ලෙලි කොටුව
නා. දියෙහි පොල්ලෙලි පල්වීම පිණිස දැමීමට කොටුකර සාදන ලද ස්ථානය.
ලෙලි පනාව
නා. හිසේ පැලඳීම සඳහා අර්ධ වෘත්තයක හැඩහුරුකමට කැස්බෑ ලෙල්ලෙන් තැනූ පනාව ; කැස්බෑ ලෙල්ලෙන් සෑදු නැමි පනාව.
ලෙලි බරිය
නා. බෙහෙවින් ඝනකම ඇති ලෙල්ල සහිත ලොකූ පොල් ගෙඩිය ; කුඩා ඇතුළු ගෙඩිය සහිත පොල්ගෙඩිය.
ලෙලි මියච්චි
(කථා.) වි. හොඳට පැසී ලෙල්ල වේලී ගිය.
ලෙලි යනවා
1. ක්රි. සීරීම්, ගලක වැදීම් ආදියෙන් ශරීරයේ හම තුවාල වෙනවා ; හම ගැලවෙනවා.
2. නලියනවා ; පොපියනවා ; සැලෙනවා.
ලෙවකනවා
ක්රි. දිවෙන් රස බලනවා ; දිව ගාමින් රස බලනවා ; දිවේ ලේහ කරනවා.
ලෙවන්
නා.බහු. ලෝවැස්සන් ; ලෝකවාසීන්.
ලෙවලය
නා. තිරස් බව දැනගැනීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණයක් ; මට්ටම් කිරීම සඳහා භාවිත කරන කාර්මික මෙවලම ; මට්ටම ; සමතලය.
ලෙවල්
වි. සමතලය ඇති ; මට්ටම් සහිත ; සමපෘෂ්ඨීය.
ලෙවල් බෝක්කුව
නා. ගොඩනැගිල්ලක් හෝ ගෘහයක් සෑදීමේදී බිත්තියක කවුළුවක් හෝ පරතරයක් ඇති වූ විට, එකී පරතරයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට බඳිනු ලබන බෝක්කුව.
ලෙව්
1. නා.ප්ර. ලෝකය ; ලොව.
2. ලෝවැසියා.
3. ලේපනය ; ආලේප කිරීම.