සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 144

අභිජාත

1. වි. උසස් උපතක් ඇති; ශ්‍රේෂ්ඨ පරපුරක උපත ලත්.
2. වි. උගත්; නැණවත්.
3. වි. ශ්‍රේෂ්ඨ උපතකට හිමි දේහ ලක්ෂණ ඇති; රූප සම්පත්තියෙන් යුත්.

අභිජාතිය

නා. උතුම් ඉපදීම; ශ්‍රේෂ්ඨ උත්පත්තිය.

අභිජානන

නා.ප්‍ර. මනා සේ දැන ගැනීම; මනා අවබෝධය; අත්දැකීම් ඇසුරින් ලත් අවබෝධය; ප්‍රත්‍යක්ෂ කර ගැනීම.

අභිජිත්

1. (ජ්‍යෝති.) නා.ප්‍ර. සත්විසි නැකතට අතිරේක ව උතුරුසළ හා සුවණ යන නැකැත් දෙක අතර වූ නැකත.
2. නා.ප්‍ර. එනම් තරුව.
3. නා.ප්‍ර. දිනක මධ්‍යාහ්නයේ වැටෙන අටවන මුහුර්තය.

අභිඤ්ඤාත

1. වි. විශිෂ්ට ප්‍රඥාවෙන් දන්නා ලද; ශ්‍රේෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ.
2. වි. ප්‍රකට; ප්‍රසිද්ධ.

අභිඤ්ඤාව

නා. විශිෂ්ට ප්‍රඥාව; ශ්‍රේෂ්ඨ ඥානය.

අභිඥානය

නා. හඳුනා ගැනීම; හඳුනා ගැනීමේ ලකුණ; සිහි වීමේ සංකේතය.

අභිඥාව

නා. විශිෂ්ට ප්‍රඥාව; සෘද්ධිවිධ ආදි ශ්‍රේෂ්ඨ ඥානය.

අභිඥේය

වි. විශිෂ්ට සේ දැනගත යුතු; අවබෝධ කටයුතු; පිරිසිඳ දත යුතු.

අභිණ්හ

නි. නිතර; නිරන්තරයෙන්; අනවරතයෙන්.

අභිතප්ත

වි. අතිශයින් තැවුණු; දැඩි ලෙස වියැළුණු හෝ රත් වූ.

අභිත්ථවන

නා.ප්‍ර. ස්තුති කිරීම.

අභිතාපය

නා. දැඩි සිත්තැවුල; අධික සන්තාපය.

අභිතුණ්ණ

වි. පහර දෙන ලද; පෙළන ලද.

අභිද්‍යමාන

වි. නොකැඩෙන. නොබිඳෙන;

අභිද්‍රෝහය

1. නා. පීඩාව.
2. නා. ගර්හාව; ආක්‍රෝශය.

අභිධර්ම

නා.ප්‍ර. ගැඹුරු ධර්මය; සියලු ධර්ම චිත්ත චෛතසික රූප සහ නිබ්බාන වශයෙන් වදාළ ධර්මය.

අභිධර්ම පිටකය

නා. අභිධර්ම පාලිය ඇතුළත් පිටකය; ත්‍රිපිටකයේ තුන්වන පිටකය.

අභිධ්‍යානය

1. නා. තණ්හාව; දැඩි ආශාව.
2. නා. භාවනාව.

අභිධ්‍යාව

නා. අධික තණ්හාව; දැඩි ලෝභය.

අභිධානකය

නා. ශබ්දය; හඬ.

අභිධානය

1. නා. දැක්වීම; ඇඟවීම.
2. නා. නාමය; ගරු නාමය; සංඥාව.
3. නා. ශබ්දකෝෂය; අකාරාදිය; නිඝණ්ඩුව.

අභිධායි

වි. කියන; ප්‍රකාශ කරන.

අභිධාව

නා. ශබ්දයක මුඛ්‍යාර්ථය හෙවත් ප්‍රධාන අර්ථය ප්‍රකාශ කිරීමේ ශක්තිය; වාච්‍යාර්ථය දැක්වීමේ හැකියාව.