සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1532

විප්‍රකාරය

1. නා. විකාරය ; විසුළුව ; විකෘතිය ; විරූපය.
2. අපකාරය ; වෙනස ආකාරය.
3. නින්දාව අපකීර්තිය.
4. විනාශය.

විප්‍රකීර්ණ

වි. විසිරගිය ; ගැවසීගත් ; පැතුරුණු.

විප්‍රතිපන්න

වි. වරදවා පිළිපදින්නා වූ ; වැරදි මගට බසින.

විප්‍රතිෂේධය

1. නා. විරෝධය ; විරුද්ධත්වය.
2. (ව්‍යාක.) සමාන බල ඇති නීති දෙකක් එකවර යෙදීම.

විප්‍රමුක්ත

ක්‍රි.වි. විශේෂයෙන් මිදුණා වූ ; ඉවත් වූ.

විප්‍රයුක්ත

වි. වෙන්ව යෙදුණා වූ ; වෙන් වූ ; තොර වූ.

විප්‍රයෝගය

නා. වෙන් වීම ; වෙන්ව සිටීම.

විප්‍රලම්භ ශෘංගාරය

නා. අඹු සැමියන් නොහොත් පෙම්වතුන් වෙන්ව කල් ගෙවීමේ දී ජනිත ශෘංගාරාත්මක හැඟීම්.

විප්‍රලම්භය

නා. විරහය ; වියෝගය ; වෙන්වීම.

විප්‍රලාපය

නා. පරස්පර විරෝධී කථාව ; නිෂ්ඵල වදන ; එකිනෙකට නොගැළපෙන අදහස.

විප්‍රවර

නා.ප්‍ර. විකාරය ; විප්‍රකාරය ; විකෘතිය.

විප්‍රසන්න

වි. විශේෂයෙන් පැහැදුණා වූ ; ඉතා සිත් ඇදගන්නාසුලු වූ ; පැහැදිලි වූ.

විප්‍රහීණ

වි. අතිශයින් දුරු වූ ; බොහෝ සෙයින් හීන කළා වූ.

විපාක චිත්තය

නා. කුසලාකුසල කර්මවල විපාක වශයෙන් උපදනා සිත.

විපාක ජනක

වි. විපාක උපදවන ; විපාක ඇති කරවන.

විපාක දානය

නා. පින් පව් පල දීම ; විපාක දීම.

විපාක වෘත්තය

නා. විපාක නැවත නැවත යමකු කරා පැමිණීම.

විපාකය

1. නා. පල දීම ; ප්‍රතිඵලය.
2. විපාක චිත්තය ; කුසලාකුසල කර්මයන්ගේ විපාක වශයෙන් පහළ වන සිත්.

විපිනය

නා. වනය ; අරණ්‍යය ; කැලෑව.

විපියෝ

නා.ප්‍ර. වියෝව ; විප්‍රයෝගය ; වෙන් වීම.

විපිරියාසය

නා. කෝලම ; විකාරය ; විලම්බීතය.

විපිළිසර

නා.ප්‍ර. පසුතැවිල්ල ; පශ්චාත්තාපය ; විප්පටිසාරය.

විපුබ්බක

1. නා.ප්‍ර. සැරව පිරුණු මළකඳ.
2. අශුභ කර්මස්ථාන දහයෙන් එකක්.

විපුල

වි. විශාල වූ ; මහත් වූ ; බොහෝ වූ.