සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1533
විබත
නා. විභක්ති බ.
විබද්ධ
1. වි. බැඳුණු ; ගැට ගැසුණු.
2. බෙලහීන ; දුබල.
විබන්ධනය
1. නා. බැඳීම ; වධය ; මරාදැමීම.
2. පීඩාව ; රෝගය ; ආබාධය.
විබන්ධය
1. නා. බාධාව ; උපද්‍රවය.
2. මලබද්ධය.
විබල
වි. බල රහිත ; බෙලහීන.
විබ්බැහිය
(කථා.) නා. වැනසීම ; විනාශය ; ව්‍යසනය.
විබ්රෂ්ටක
නා.ප්‍ර. නොකිවයුතු වචන ; විහිළු සහගත කථා ; විකාර කථා.
විබාකර
නා.ප්‍ර. ඉර ; සූර්යයා.
විබාධකය
නා. බාධා කරන දෙය ; වළක්වන දෙය ; වළහාලන දෙය.
විබාසා
නා.ප්‍ර. විවිධ භාෂා ; නොයෙක් භාෂා.
විබුධ
1. නා.ප්‍ර. පණ්ඩිතයා ; ඥානවන්තයා.
2. දෙවියා ; සුරයා.
විබුධවධු
නා.ප්‍ර. දෙවඟන ; දිව්‍ය ස්ත්‍රිය.
විබෝධය
නා. පිබිදීම.
විභක්ත
වි. බෙදන ලද ; වෙන් වී ඇති.
විභක්ති
නා.ප්‍ර. (ව්‍යාක.) නාමය ඒ ඒ අර්ථවලට වෙන්කිරීම සඳහා එයින් පරව යොදනු ලබන ප්‍රත්‍යය.
විභක්ති විපර්යාසය
නා. (ව්‍යාක.) විභක්තිය වෙනස් කිරීම හෝ වෙනස් වීම ; විබත් පෙරළිය.
විභක්ති සමාසය
නා. (ව්‍යාක.) විශේෂණය වශයෙන් ඇති නාම පදයේ විභක්ති ප්‍රත්‍යය ලොප් කොට කරනු ලබන සමාසය.
විභග්න
වි. විශේෂයෙන් බිඳෙන ; විනාශ වන.
විභජනය
නා. බෙදීම ; පංගු කිරීම ; කොටස් කිරීම ; කරුණක් හෝ මාතෘකාවක් හෝ බෙදා දැක්වීම.
විභජ්ජවාදය
නා. ධර්මයක් හේතු-ඵල ආදි වශයෙන් මනා තර්කණයෙන් යුක්තව විශ්ලේෂණය කොට දක්වන වාදය ; බුද්ධ ධර්මය.
විභජ්ජවාදියා
නා. ශාස්වත, උච්ඡේදවාදී අන්තයන්හි ගමන් නොකර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නා.
විභව අන්තරය
නා. සන්නායකයක ලක්ෂ්‍ය දෙකක් අතර තිබෙන විද්‍යුත් මට්ටම්වල වෙනස.
විභව තණ්හාව
නා. ත්‍රිවිධ තෘෂ්ණාවලින් එකක් ; උච්ඡේද දෘෂ්ටිය හා සම්ප්‍රයුක්ත ලෝභය.
විභව දෘෂ්ටිය
නා. නැවත උත්පත්තියක් හෙවත් භවයක් නැතැයි විශ්වාස කිරීම.