සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1546
විල්ලෝඩි
1. වි. නොහික්මුණු ; හිතුවක්කාර ; කලහකාරී.
2. විහිළුකාර.
නා.ප්‍ර. මෙට්ට ආදිය වටා අලංකාරය පිණිස රැළි දමා අල්ලන රෙදි පටි ; ලොවිච්චි.
විල්වටුවා
නා. පක්ෂි වර්ගයක් ; පඳුරු වටුවා.
විලාප
නා.ප්‍ර. මහ හඬින් හඬමින් කෑගැසීම ; අඳෝනාව.
විලායකය
නා. විද්‍යුත් ධාරාවක් ගමන් කිරීම වළක්වන විද්‍යුත් පරිපථ උපක්‍රමයක් ; පරිපථ බිඳිනය.
විලාසම
නා. යම් තැනැත්තකු, සත්ත්වයකු, භාණ්ඩයක්, ස්ථානයක් හෝ අන් දැයක් හඳුනාගැනීම් සඳහා භාවිත වන මුලකුරු, හංවඩු, ලිපිනය ආදි සලකුණු.
විලාසය
1. නා. විලස බ.
2. කාන්තිය.
3. ස්වභාවය ; ජන්ම ගතිය.
විලාසිත
වි. ශෝභාවත් ; බබළන.
නා.ප්‍ර. අලංකරණ කාරක ; අලංකාර විධි ; මෝස්තර ; නවපන්න.
විලාසිනී
නා.ප්‍ර. විසිතුරු ලෙස සැරසුණු රූමත් කාන්තාව.
විලි
1. නා.ප්‍ර. ශරීරයේ ගෙල, බඩ ආදි තැන්හි ඇති රේඛා.
2. ඇඳුමක රැලි.
3. ගෙඩිය ; ඵලය.
4. ප්රසවය සම්බන්ධ වේදනා.
5. යමක් ශක්තිමත් ව හැප්පීමට, බහාලීමට ද, යමක කොනක් නො පැළී ආරක්ෂා කිරීමට ගැනෙන පුළුල්, පෙතැලි වළලු ; කොපුව ; විල්ල.
වි. පැසුණු ; මේරු ; ඉදුණු.
විලි කුකුළා
වලි කුකුළා බ.
විලි පහරනවා
ක්‍රි. ප්‍රසූති වේදනාවෙන් පෙළෙනවා ; දරු ප්‍රසූතිය සිදු කරනවා.
විලිංගික
වි. ලිංග රහිත ; ලිංගිකතාව නොමැති ; අලිංගික.
විලික්කාඩුව
නා. විරුද්ධත්වය ; පලිය.
විලිකුන
වි. පැසුණු ; ඉදුණු.
විලිඛිත
වි. වයිරම් සහිත
විලිඛිත දේහය
නා. පෘෂ්ඨවංශී මොළයෙහි මස්තිෂ්ක අර්ධ ගෝලවල ගැංග්ලියම් කොටස.
විලිත්
වි. ප්‍රකාශ කළ ; ප්‍රකට කළ ; දැක්වූ.
විලිත්තනවා
ක්‍රි. කට ඇද කරනවා ; දත් නියවනවා ; විරිත්තනවා.
විලිප්ත
වි. ආලේප කළ ; ගාන ලද.
විලිපිලි
1. නා.ප්‍ර. ඇඟ රැලි වැටීම, හිසකෙස් ඉදීම ආදි මහලු වියේ ලකුණු.
2. විලිකුන් ඵලය ඉදුණු ගෙඩිය.
විලිපුවා
නා. රෙදි සෝදන්නා ; රජකයා.
විලිම්පනය
නා. ආලේපනය කිරීම ; විලවුන් ගැල්වීම.
විලිම්බුව
1. නා. මනුෂ්‍ය පාදයෙහි පසු කොටස ; යටිපතුලේ පසු භාගය ; බොලට පිටුපසින් යටිපතුලේ කොටස.
2. ඇඳුම්වල විසිතුරු කළ වාටිය.