සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1596
වේලායුද
1. නා.ප්‍ර. ආයුධ විශේෂයක් ; දිග මිටක් හා උල් තුනක් සහිත ආයුධය ; ත්‍රිශූලය ; කඳ කුමරුගේ ආයුධය.
2. කතරගම දෙවියන්ට යෙදූ නාමයක්.
වේලාසන
ක්‍රි.වි. වේලාවට ප්‍රථම ; කල් ඇතිව ; වේලාපහ.
වේලාසලයා
නා. සිංහල රජු දවස සිටි සුළු සේවකයෙක් ; දාසයා.
වේලි කණ්ඩිය
(කථා.) නා. කණ්ඩියක් සෑදීමේදී පස් ගොඩ දමා සෑදූ වැටිය ; මහ නියර.
වේලිකඳ
(කථා.) නා.ප්‍ර. කුඹුරු යායේ අයින් වේල්ල.
වේලිග
(කථා.) නා.ප්‍ර. කුඹුර ; වෙල ; කෙත.
වේවැල
නා. ඉතා තද ඝනකමින් යුක්ත වූ ද, පුටු විවීමටත් කුඩ ආදිය සෑදීමටත් සුදුසු පතුරු ලබා දෙන්නා වූ ද ඝර්ම කලාපික වැල් වර්ගයක්.
වේශ භූෂණය
නා. වේශය හා අලංකාරය ; නොයෙක් ලෙසින් සැරසීම.
වේශධාරී
වි. වෙනත් ආකාරයකට, වෙනස්’ ස්වරූපයකට පැමිණි ; වෙස් වලාගත්.
වේශය
නා. විලාසය ; පෙනුම ; ආකාරය ; ස්වරූපය ; ලීලාව.
වේශ්ම
නා.ප්‍ර. මන්දිරය ; මාළිගය ; ප්‍රාසාදය.
වේශ්‍යා කර්මය
නා. වෛශ්‍යා කර්මය ; වෛශ්‍යාවකගේ වෘත්තිය ; ගණිකා වෘත්තිය.
වේශ්‍යා වීථිය
නා. වේශ්‍යාවන්ගේ ජීවන වෘත්තිය.
වේශ්යාඞ්ගනාව
නා. වෙසඟන ; ගණිකා ස්ත්‍රිය ; වෛශ්‍යාව ; අභිසාරිකා ස්ත්‍රිය.
වේශ්යාලය
[වේශ්ය + ආලය]
නා. වේශ්ය වෘත්තිය කරන ස්ත්‍රිය වසන ගෘහය ; ගණිකා නිවාසය.
වේශ්‍යාව
නා. වෙසගන ; ගණිකාව ; නගර ශෝභිනිය.
වේෂ්ටන
වි. වෙළන ; ඔතන ; වෙළුම් සහිත.
වේෂ්ටනය
1. නා. වෙළීම ; හාත්පසින් එතීම ; වෙළුම ; ආවරණය කිරීම.
2. පැවරීම ; නීතිමය වගකීම.
වේෂ්ටිත
වි. වෙළන ලද ; වෙළූ.
වේස
නා.ප්‍ර. වෙහෙස ; පීඩාව ; මහන්සිය.
වේසත
නා. වෙදකම උගන්වන ශාස්ත්‍රය ; වේදය ; වෛද්‍ය ශාස්ත්‍රය.
වේසාඛ
නා.ප්‍ර. වෙසක් මාසය ; වෛශාව මාසය.
වේසාරජ්ජ
නා.ප්‍ර. බුද්ධිමත් බව ; දැනුම් තේරුම් ඇති බව ; විශාරද බව.
වේසුරු
නා.ප්‍ර. අසුන් මෙහෙයවන්නා ; අසරුවා.