සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1597

වේහාස කුටිය

නා. මධ්‍යම ප්‍රමාණ පුරුෂයකු සිටගත් විට සිවිලිමෙහි හිස නොගෑවෙන සේ උස්වූ කාමරය ; අහස් කුටිය.

වේළනවා

ක්‍රි. වියළනවා ; තෙත් ගතිය ඉවත් කරනවා.

වේළු

නා.ප්‍ර. හුණ ගස ; උණ ගස ; වේණු.

වේළුරිය

නා.ප්‍ර. වෛඩූර්ය හෙවත් වෛදූර්ය මාණික්‍යය.

වේළුවනාරාමය

නා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ විසූ ආරාමය.

වේළුසුමන

නා.ප්‍ර. කාවන්තිස්ස රජතුමාට හා දුටුගැමුණු රජතුමාට සේවය කළ දස මහා යෝධයන්ගෙන් කෙනෙක්.

වෛ

නි. ඒකාන්තයෙන්ම ; සැබවින්ම.

වෛකටික

නා.ප්‍ර. මැණික් කපා ඔප දමන්නා ; මණිකාරයා.

වෛකල්පික

වි. විකල්ප වශයෙන් ගන්නා ; අමතර වශයෙන් ගත හැකි.

වෛකල්පික ඡන්දය

(පාරිභා.) නා. විකල්ප වශයෙන් භාවිත කළ හැකි ඡන්දය ; කැමැත්ත.

වෛකල්පික පරපෝෂිතයා

නා. අභිමතය පරිදි පරපෝෂිතයකු වශයෙන් හෝ නිදහසේ ජීවත්වන්නකු වශයෙන් විසිය හැකියෙක්.

වෛකල්‍ය වාමී පදය

(පාරිභා.) නා. නිෂේධාත්මක බව හඟවන පදය.

වෛකල්‍යය

නා. විකලත්වය ; වෙනස් බව ; අඩුබව.

වෛකවුන්ට්

(පාරිභා.) නා.ප්‍ර. උසස් පංතියේ වංශාධිපතියා ; එංගලන්තයේ රදළ පංතියේ බැරන් කෙනෙකුට ඉහළ තත්ත්වය.

වෛක්‍රාන්ත

නා.ප්‍ර. දියමන්ති හා සමානකම් සහිත මැණික් වර්ගයක්.

වෛකාරිකය

නා. විකෘතියෙන් හටගත් හෝ ප්‍රකෘති ස්වභාවය වෙනස් වන සුලු දෙය.

වෛකුණ්ඨ

1. නා.ප්‍ර. ඉන්ද්‍ර, කෘෂ්ණ හෝ විෂ්ණු හඳුන්වන නාමය.
2. විෂ්ණු දෙවිඳුගේ වාසස්ථානය.
3. ගුරුළා.

වෛකෘත

වි. විකාරයෙන් වූ ; විකෘතියෙන් සිද්ධ වූ.

වෛඛානස

නා.ප්‍ර. බමුණු ජීවිතයක තුන්වැනි තාපස අවස්ථාව ; වානප්‍රස්ථ නම් තාපස අවස්ථාව. වෛගන්ධය
නා. දුර්ගන්ධය ; දුගඳ.

වෛගුණ්‍යය

නා. සාමාන්‍ය ලක්ෂණවලින් වෙන් වීම ; ගුණාංගවලින් නිදහස් වීම.

වෛචක්ෂණ්‍යය

නා. අතිදක්ෂ භාවය ; විචක්ෂණ භාවය.

වෛචිත්‍රය

නා. විසිතුරු බව ; විචිත්‍ර බව.

වෛජයන්තය

නා. 1.ශක්‍රයාගේ ප්‍රාසාදයේ නාමය ; විජයොත් පාය.
2. ශක්‍රයාගේ රථයේ නාමය ; විජයොත් රිය.
3. ශක්‍රයාගේ කොඩියේ නාමය.

වෛඥානික

වි. නිපුණ ; විද්‍යාඥ.