සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 173
අවකීර්ණ
1. වි. විසුරුණු; ගැවසුණු.
2. වි. විනාශ කළ; නැසූ.
අවකුජ්ජ
වි. යටිකුරු වූ; මුහුණින් නැමූ; අධෝමුඛ වූ.
අවකේශී
වි. ඵල රහිත; ගෙඩි නැති.
අවකෝචනය
(පාරිභා.) නා. කොනීඩියකින් පහළ කොටසේ ශාඛාවක් සෑදීම ආරම්භ වීම; අත්තක් කැපූ තැනට පහළින් මොටෙය්යාවක් ඇදීම (=abstriction).
අවඛණ්ඩනය
නා. (පිළිවෙළ) කඩ කිරීම; විච්ඡේදය.
අවගණ්ඩය
නා. මුහුණෙහි හට ගැනෙන ගඩුව හෙවත් කුරුලෑව.
අවගත
1. වි. පහතට ගිය; බැසගත්.
2. වි. දක්නා ලද; වටහා ගත්; අවබෝධ කළ.
අවගතිය
නා. නරක ගතිය; දුෂ්ට පැවැත්ම; දුරාචාරය.
අවගමනය
1. නා. පහතට යෑම; පසු බැසීම.
2. නා. වැටහීම; අවබෝධය.
අවගමය
නා. දැනීම; වැටහීම; අවබෝධය.
අවග්‍රහය
නා. නියඟය; ඉඩෝරය.
අවගා
නා.ප්‍ර. ගිල්වීම; ගිල්වා තැබීම; ගැල්වීම.
අවගා ඔරුව
නා. බෙහෙත් තෙල් හෝ ද්‍රව වත් කොට රෝගියකු ගිල්වා තබනු සඳහා තැනූ ඔරු විශේෂය; බෙහෙත් ඔරුව.
අවගාරය
නා. ලීවල ලොකු සිදුරු විදීම සඳහා භාවිත කරන වඩු උපකරණය.
අවගාහනය
1. නා. නිමග්න වීම; දිය යට ගිලීම.
2. (ක්‍රිස්ති.) නා. ප්‍රසාද ස්නානය; බවුතීස්මය.
අවගුණ
වි. විපරිත ගුණ ඇති; ගුණ රහිත.
අවගුණ්ඨිත
වි. වසන ලද; හිස වසා පොරවන ලද.
අවඝර්ෂණය
නා. ඉළීම; තදින් ඇතිල්ලීම.
අවඝාතය
නා. පහර දීම; ගැසීම.
අවඞ්ක
වි. නොවක්; ඇද නැති; ඍජු.
අවච
වි. කුඩා; පහත්.
අවචතාරතාව
(පාරිභා.) නා. පහත් ස්වර මානය (=low pitch).
අවචර
වි. හැසිරෙන; ගැවසෙන.
අවච්ඡායාව
නා. (ජ්‍යෝති.) සෙවණැල්ලේ ආධාරයෙන් පියවර මැන වේලාව සෙවීමේ දී, සූර්යයාගේ ඇල ව ගමන් කිරීම අනු ව අඩු කරනු ලබන ප්‍රමාණය.