සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1788
සාන්තන්යය
(පාරිභා.) නා. අවිච්ඡින්නතාව ; අඛණ්ඩ භාවය.
සාන්තිය
1. නා. සෙත ; සුවය.
2. අපල උපද්රව දුරු කිරීම සඳහා සාම්ප්රදායික අභිචාරාත්මක කටයුතු ආශ්රයෙන් කරන සෙත් පැතීම ; ශාන්ති කර්මය.
සාන්ද්ර
වි. ඝන වූ ; එකට කැටි වූ ; උකු.
සාන්ද්ර අම්ලය
(පාරිභා.) නා. ඝන වූ, එකට කැටි වූ අම්ලය ; ඝනීභූත වූ අම්ලය.
සාන්ද්රණය
(පාරිභා.) නා. පරිමා ඒකකයක් තුළ තිබෙන ප්රමාණය ; පරිමා ඒකකයක තිබෙන අණුවල හෝ අයනවල හෝ සමානුපාතය.
සාන්ද්රිත
වි. උකු කළ ; සාන්ද්රණය වැඩි කළ.
සානුකම්පික
වි. අනුකම්පා සහගත ; අනුකම්පාවෙන් යුත් ; දයාවෙන් යුත්.
සානුඛණ්ඩනය
(පාරිභා.) නා. අනුඛණ්ඩිකා ඇති වීම.
සානුඛණ්ඩික
(පාරිභා.) වි. අනුඛණ්ඩිකා සහිත ; අනුඛණ්ඩිකා වලින් යුත්.
සානුව
නා. තැන්නක් බවට පත් ව ඇති උස් භූමි භාගය ; උස් සමබිම ; දළබෑවුමෙන් යුත් උස් භූමි භාගය.
සාපරාධි
වි. අපරාධ පිළිබඳ ; අපරාධයක් වන ; අපරාධ ගණයට වැටෙන.
සාපරාධී කුමන්ත්රණය
නා. සාපරාධී වන කුමන්ත්රණය ; අපරාධයක් කිරීෟමට කරන කුමන්ත්රණය.
සාපරාධී තර්ජනය
නා. අපරාධ ගණයට වැටෙන තර්ජනය ; අපරාධ සම්බන්ධයෙන් වන තර්ජනය.
සාප්පුව
නා. නා නා වර්ගයේ · වෙළඳ භාණ්ඩ විකුණන වෙළඳ සැල ; රෙදිපිළි ආදී භාණ්ඩ විකිණීම සඳහා තබා ඇති වෙළඳ ශාලාව.
සාපිපාසය
නා. බඩගින්න සහ තිබහ ; කුසගින්න සහ පවස.
සාපේක්ෂ
වි. අන්යෝන්ය සම්බන්ධකමින් බැඳී පවත්නා ; සම්බන්ධකම් සහිත ; ස්වාධීන නැති ; තුලනාත්මක.
සාපේක්ෂ ආර්ද්රතාව
(පාරිභා.) නා. වායුවේ ඇති ජලවාෂ්ප ප්රමාණය ඒ උෂ්ණත්වයේ දී ම සන්තෘප්ත කිරීමට අවශ්ය ප්රමාණයට දක්වන අනුපාතය.
සාපේක්ෂතාවාදය
(පාරිභා.) නා. විශ්වය පිළිබඳව අයින්ස්ටයින් ඉදිරිපත් කළ භෞතික විද්යාත්මක මතය ; ප්රකෘතිය පිළිබඳ වූ විශ්ව සාධාරණ නියමයක් ; සියලු ඒකාකාර චලිතය සාපේක්ෂ යැයිද, ආලෝකයේ ප්රවේගය නිත්ය යැයිද, අවකාශ කාලය යනු චතුර්මාන සන්තතියක් යැයිද ප්රකාශ කරන මතය.
සාඵල්යය
නා. සඵල බව ; ඵල සහිත බව ; සාර්ථක භාවය.
සාම
1. නා.ප්ර. චතුර්වේදයෙන් එකක් ; පව් නසාලීම ගැන ප්රබන්ධිත ස්තෝත්රවලින් යුක්ත වේද ග්රන්ථය.
2. කුඩා මුව වර්ගයක්.
3. අවුලක් නැති බව ; සන්සිඳීම ; කලකෝලාහල ආදියෙන් තොර බව.
4. මඳක් කළු පැහැය ; ශ්යාම වර්ණය.
5. හල්, රුක් හෝ ඉරමුසු යන ශාක.
සාම කලාපය
නා. දෙරටක් අතර ඇති කිසියම් ගොඩබිම් හෝ සාගර හෝ ප්රදේශයක් සම්බන්ධයෙන් ආරාවුලක් ඇති නොවීම පිණිස දෙරට අතර ඇති කර ගන්නා ලද සාම ගිවිසුමක් මඟින් නම් කරනු ලබන ප්රදේශය.
සාම ගිවිසුම
නා. යම් කරුණක් සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ පිළිවෙළක් සඳහා ඇති කරගනු ලබන ගිවිසුම.
සාම මණ්ඩලය
නා. අනවශ්ය ලෙස නඩු මගට බැසීම වැළැක්වීම සඳහා පිහිටුවා ඇති මණ්ඩලයක් ; සුළු ආරාවුල් විසඳනු ලබන මණ්ඩලය.
සාම විනිසුරු
නා.ප්ර. සාමදාන විනිශ්චයකාරයා.