සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1787
සාධන
1. වි. සිද්ධ කරන ; සිදුකරන ; ඇති කරවන ; උපදවන.
2. හේතු වන ; උපකාරී වන ; දක්වන ; ගෙනහැර පාන.
සාධන පත්රය
නා. විධිමත් ලියවිල්ල ; ලේඛනය.
සාධනතාව
නා. යමක් සනාථ කිරීමට කරුණු ගෙනහැර පෑම.
සාධනය
1. නා. සිදු කිරීම ; ඇති කිරීම ; දැක්වීම ; ඉදිරිපත් කිරීම.
2. යමක් සනාථ කිරීමට දක්වන නිදසුන.
3. දෙවියන්ට බල කිරීම ; යම් අපේක්ෂාවන් පිරිමසා ගැනුම සඳහා දෙවියන්ට බල කිරීමේ පුරාණ භාරතීය ක්රමය.
සාධනාභාස
නා.ප්ර. හේතුවක් මෙන් පෙනුණ ද, සාධාරණ හේතුවක් වශයෙන් පිළිගත නොහැකි කරුණ ; අයහපත් හේතුව.
සාධනීය
1. වි. සාදා දෙන්නා වූ ; සිදු කරදෙන.
2. ඔප්පු කළ යුතු ; සනාථ කරන.
සාධරණීකරණය
නා. සිතෙහි උත්කෘෂ්ට හැඟීම් මාත්රයක් ඇතිකර ගැනීම ; තමා බලාපොරොත්තු වන උත්කෘෂ්ටත්වය ලැබිය හැකි යැයි විශ්වාස කිරීම.
සාධර්ම්ය
වි. සමාන ධර්මයකින් යුතු වූ බව ; සමාන බවකින් යුත් වූ.
නා.ප්ර. සමාන ධර්මය ; සමාන බව ; සමානත්වයෙන් යුතු න්යාය.
සාධර්මිකතාව
නා. සම්යක් දෘෂ්ටිය ; ලෝකයා පිළිගත් මතය.
සාධ්ය
1. වි. සුව කළ හැකි ; සනීප කළ හැකි ; අසාධ්ය නොවන.
2. ඔප්පු කළ හැකි.
3. සිදුකළ යුතු ; සිද්ධ කටයුතු ; සාධනය කටයුතු.
සාධ්යතාවාදය
(පාරිභා.) නා. අවසාන හේතුව පිළිබඳ ධර්මය ; ලොව ඇති තාක් දෙය පරමාර්ථයක් උදෙසා පවත්නේය යන දහම ; අවසාන අරමුණ පිළිබඳ දහම.
සාධ්යය
1. නා. සිදු කළ දෙය ; සිද්ධ කටයුතු දෙය.
2. සුවකළ හැක්ක ; අසාධ්ය නොවූව.
3. (පාරිභා.) අරමුණ ; අභිප්රාය.
4. අවසානය ; අවිනභාවය.
සාධාරණ
1. වි. බොහෝ දෙනාට පොදු වූ ; සමාන වූ.
2. යුක්ති සහගත ; පක්ෂපාතීත්වයෙන් තොර ; අසාධාරණ නොවූ.
නා.ප්ර. බොහෝ දෙනාට පොදු වූව ; යුක්ති සහගත බව ; අපක්ෂපාතීත්වය.
සාධාරිත
වි. පොදු බවට පත් කළ.
සාධික
වි. අධිකයක් සහිත ; අධිකයෙන් යුතු.
සාධිකාර
වි. වටිනාකමකින් යුතු ; පිළිගැනීමකින් යුතු.
සාධිත
වි. සිද්ධ කළ ; සිදුකරන ලද ; ඇති කළ.
සාධිත්රය
නා. උපකරණය.
සාධු
වි. යහපත් ; උතුම්.
සාධුජනයා
නා.බහු. යහපත් ජනයා ; සත්පුරුෂ ජනයා ; සර්ජනයා.
සාධුවරයා
නා. ඉතා උතුම් පුද්ගලයා ; උතුම් වූ චර්යාවක් ඇති ශාන්ත පුද්ගලයා ; මනා පැවැත්මකින් යුත් තැනැත්තා.
සානය
නා. වී ඇට විස්සක බර මෙන් හය ගුණය හෙවත් කළඳෙන් හතරෙන් තුන් පංගුවක් වන පුරාණ මිනුම් ප්රමාණයක්.
සානවා
ක්රි. සී සෑම කරනවා ; නගුලෙන් කුඹුරක පස බුරුල් කරනවා ; හානවා.
සාන්ත
වි. සන්සුන් ; දැමුණු ; හික්මුණු.