සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 240
ඇටමුරුත්තාව
(කථා.) නා. කෑම නොදිරවීම නිසා ඇති වන ආබාධය හෝ මූර්ච්ජාව.
ඇටමුවා
වි. ඇටයෙන් කළ; අස්ථිමය.
ඇටය
1. නා. මාංශ ශරීරය දරා සිටින ඇට සැකිල්ලෙහි කොටසක්; අස්ථිය.
2. නා. බීජය; ශාකයක පරිණත වූ ඩිම්බය.
3. නා. අණ්ඩය; මුෂ්කය.
ඇටර්නි ජනරාල්
නා.ප්‍ර. රජයේ ප්‍රධාන නීති නිලධරයා; නීතිපති (=Attorney General).
ඇටසැකිලිය
නා. ශරීරය දරා සිටින ඇට රාමුව; ඇට කූඩුව; අස්ථි පඤ්ජරය.
ඇට්ටකුණා
1. වි. නිසියාකාර නොතැම්බුණු; මැනවින් නොඉදුණු.
2. (කථා. රූඪි.) වි. නොනැමෙනසුලු ගති ඇති; නොහික්මුණු.
ඇට්ටරයා
(කථා.) නා. ඉතා මුරණ්ඩු තැනැත්තා.
ඇට්ටැඹියා
නා. පහත් මෙහෙයක යෙදෙන්නා; පහත් ලෙස අත මෙහෙවර කරන්නා.
ඇට්ටිය
(කථා.) නා. මදය සෑදෙන්නට පෙර ළපටි පොල් ගෙඩිය; නොමේරූ කුරුම්බා ගෙඩිය.
ඇට්ලස්
නා.ප්‍ර. ග්‍රීක මිථ්‍යා කථාවන්හි එන යෝධයකුගේ නාමය.
ඇටුවන්
නා.ප්‍ර. නුග ආදි ගස්වල ශාඛාවලින් බැස, සමහර විට පොළොව හා සම්බන්ධ වන මුල්; කෝන්, වීර වැනි ගස්වල කඳ මුලින් පිටට නෙරා වැඩෙන මුල්.
ඇටෝර්නි
(පාරිභා.) නා.ප්‍ර. කෙනෙකු වෙනුවෙන් ක්‍රියා කිරීමට නීති ප්‍රකාර බලය ලත් තැනැත්තා; නීතිය වෘත්තිය කොට ගත් තැනැත්තා; නීතිඥයා ( = attorney ).
ඇණය
1. නා. ලී ලෝහ ආදි කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා එක් කෙළවරක් පැතලි වූ ද අනෙක් කෙළවර උල් වූ ද, පොටවල් හෙවත් ඉස්කුරුප්පු සහිත හෝ රහිත වූ ද ලෝහයෙන් හෝ දැවයෙන් හෝ වෙනත් ශක්තිමත් දෙයකින් සෑදූ කූරක් වැනි උපකරණය.
2. නා. ( උදලු මිටි වැනි ) යමක් තද කිරීම පිණිස යොදන කූඤ්ඤය හෝ උල.
3. නා. (කරත්ත රෝද වැනි ) යමක් ගැලවී යාම වැළැක්වීමට යොදන ලෝහ කූර.
4. (රූඪි.) නා. කරදරකාරි පුද්ගලයා.
ඇණවනවා
ක්‍රි. අණ කරනවා; නියෝග කරනවා; විධාන කරනවා; නියම කරනවා.
ඇණවුම
නා. නියෝගය; විධානය; ලිඛිත ව නොහොත් වාචික ව කරන ඉල්ලීම.
ඇණවුම් පිරිත
නා. දේවතාරක්ෂාව අයදිමින් භාවිත කරන පිරිත් සූත්‍රයක නාමය.
ඇණිනායක
නා.ප්‍ර. බළ ඇණියක ප්‍රධානයා.
ඇණිය
1. නා. ජල යාත්‍රාවක ඉදිරි කොටස.
2. නා. පෙළ ගැසුණු භට කණ්ඩායම; යුද්ධ සේනාව.
ඇතරුවා
නා. ඇතු පිට යන්නා; ඇත් ගොව්වා.
ඇතවුර
නා. රජ මාළිගාවේ බිසවුන් සමූහය; අන්තඃපුරය; ඇතොර.
ඇත්
1. වි. විශාල; මහත්.
2. වි. ඇතා පිළිබඳ; ඇතාට අයිති; ඇතකුගේ ආකාර ඇති; ඇත්රූපවලින් යුත්.
ඇත් ඉලත්තිය
නා. ඇත් බෙට්ට; ඇත් වසුරු පිඬ.
ඇත් කුඹ
නා.ප්‍ර. ඇතකුගේ නළලෙහි උඩට නෙරා ඇති මස් පිඬු දෙක; හස්ති කුම්භය.