සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 293
උච්චාවචනය
1. නා. නැඟීම හා බැසීම; උස් පහත් වීම; අඩුවැඩි වීම; වෙනස් වීම.
2. (පාරිභා.) නා. වටපිටාවේ බලපෑම නිසා ශාකයක සිදුවන වර්තනය (=fluctuation).
3. නා. ද්‍රවයෙහි හෝ අසාමාන්‍ය ඉදිමුමක හෝ ඇතිවන දිග හැරීම හා හැකිළීම.
උච්චාසනය
නා. (විනය.) උස් අසුන; උස් වූ පුටු ආදි ආසනය; මිටි රියනකට හෙවත් වඩු රියනකට වඩා උස් වූ පාද ඇති ආසනය.
උච්චාසයනය
නා. (විනය.) උස් වූ ඇඳ හෙවත් මඤ්චය.
උච්චිනනය
නා. තෝරා රැස් කිරීම; තේරීම.
උච්ඡඞ්ග
නා.ප්‍ර. ඉණ; උකුළ; ඔඩොක්කුව.
උච්ඡඞ්ග පඤ්ඤයා
නා. අස්ථිර ප්‍රඥාව ඇත්තා; උගත් දෙය වහා අමතක කරන්නා.
උච්ඡලනය
නා. උඩට නැඟීම; ඉහළට විහිදීම.
උච්ඡාදනය
නා. ඇඟ ඉළීම; ශරීරයේ කුණු ඉවත් කිරීම සඳහා පිරිමැදීම.
උච්ඡිට්ඨ
වි. ඉතිරි; ඉඳුල් වූ.
නා.ප්‍ර. කා ඉතිරි වූ දේ; ඉඳුල්.
උච්ඡිට්ඨභෝජි
නා.ප්‍ර. ඉතිරි වූ ආහාර අනුභව කරන්නා; ඉඳුල් කන්නා.
උච්ඡින්න
වි. සිඳුණු; සුන් වූ.
උච්ඡින්නමූල
වි. මුලින් ම සිඳුණු; මූලෝච්ඡින්න වූ; නැවත හටගත නොහැකි සේ නැසුණු.
උච්ඡින්නය
නා. සිඳීම; සුන් වීම; විනාශය.
උච්ඡු
නා.ප්‍ර. උක්ගස.
උච්ඡේද දෘෂ්ටිය
නා. මරණින් මතු උත්පත්තියක් නැතැයි යන මතය; උච්ඡේද වාදය.
උච්ඡේදකය
නා. නැසීම; වැනසීම.
උච්ඡේදනය
නා. සිඳීම; කැපීම; මුල් සිඳී වැනසී යෑම; නැවත නොඉපදීම.
උජවඩනවා
(කථා.) ක්‍රි. අගේ කරනවා; පුරසාරම් දොඩවනවා; තමා ලබා ගත් දෙයක බොරු වටිනාකම හෝ වාසිය හුවා දක්වනවා.
උජ්ජ්වල
වි. දිලිසෙන; බැබළෙන.
උජ්ජ්වලිත
වි. ආලෝකවත් වූ; බැබළෙන; දිලිසෙන.
උජ්ජ්වාලකය
(පාරිභා.) නා. වහා ගිනි ගන්නා රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ දී උපයෝගී කොට ගන්නා හැන්දක් වැනි උපකරණය; දල්වන හැන්ද (=deflagrating spoon).
උජ්ජීවනය
නා. නැවත පණ ලැබීම; ජීවත් වීම; නව ජීවනය.
උජ්ජෝතනය
නා. ආලෝකවත් කිරීම; බැබළවීම.
උජ්ඣානය
නා. කිපීම; අනුන්ගේ දොස් සෙවීම; කෝප සිතැති බව.