සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 294
උජ්ඣාපනය
නා. (විනය.) කුපිත කරවීම; කෝපාවිෂ්ට කරවීම; අනුන් ලවා (යමකු) සැහැල්ලු කොට සිතීමට සැලැස්වීම.
උජ්ඣායනය
නා. නින්දා කිරීම; දොස් කීම.
උජ්වලනය
නා. බැබළීම; දීප්තිය.
උජාරුව
නා. උඩඟුකම; අහංකාරය; පුහු ගර්වය; බොරු ඔපය; ජේත්තුව.
උජිත
වි. උතුම්; උසස්.
උජු
වි. ඇද නැති; ඍජු වූ.
උජුපටිපන්න
නා.ප්‍ර. ඍජු වූ ආර්ය මාර්ගයට පිළිපන් තැනැත්තා; භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා.
උඤ්ඡාචාරය
නා. පිඬු සිඟා ගෙන් ගෙට යාම; පිණ්ඩචර්යාව; පිඬු සිඟා හැසිරීම.
උට්ටම
නා. රාජශ්‍රීය; තේජස.
උට්ටාලම
(කථා.) නා. ප්‍රයෝගය; කූට උපාය; උගුල; යටිකූට්ටුව.
උට්ඨාන වීරිය
නා. නොපසුබස්නා උත්සාහය; අප්‍රතිහත ධෛර්යය; කයින් මනසින් කරන දැඩි ප්රයත්නය.
උට්ඨාන සම්පදා
නා.ප්‍ර. ජීවනෝපාය සඳහා කරන රැකීරක්ෂා ආදියෙහි දක්ෂවීම; අලස නොවීම; වීර්ය සම්පත්තිය.
උට්ඨානය
1. නා. නැඟී සිටීම; නැගිටීම; උත්සාහවන්තවීම; වීර්යය.
2. (විනය.) නා. (ඇවතින්) මිදීම; (දොසින්) නිදහස් වීම.
උට්ඨාපනය
නා. නැඟිටුවීම.
උඩ
වි. යම් තැනකට වඩා උසින් පිහිටි; ඉස්මත්තෙහි වූ; ඉහළ; උස් වූ.
නා. යම් තැනකට වඩා උස කොටස; මුදුන; ඉහළ; උස් වූ ස්ථානය.
1. නි. මත්තෙහි; මුදුනෙහි; ඉහළ.
2. නි. ඉහත; ඉස්සර; පෙර.
3. නි. හේතූ කොටගෙන, සම්බන්ධයෙන්, අනු ව,මත ආදි අර්ථවල යෙදෙන නිපාතයක්.
උඩ අළුව
(කථා.) නා. ගසක් කැපීමේ උ දී පළමුවෙන් කපන ලද අළුවට (හැඩ කැපුමට) මඳක් උඩින් ගහේ අනික් පැත්තෙන් කපනු ලබන හැඩ කැපුම.
උඩ ගන්නවා
(කථා.) ක්‍රි. උසුලා ගන්නවා; දරා ගන්නවා.
උඩ ගබඩාව
නා. මහනුවර රාජධානි කාලයේ රජුගේ පෞද්ගලික භාණ්ඩාගාරය.
උඩඇල්ම
නා. හුස්ම ඇල්ලීම; ඇදුම.
උඩඔලොංගුව
(කථා.) නා. කිතුල්මල කඩා නොවැටෙන පිණිස මලේ උඩ පැත්තෙන් ගහට අල්ලා බඳින ලණුව.
උඩකට්ටුව
1. (කථා.) නා. උඩ පළාත; උඩරට.
2. නා. උසස් පෙළ; ඉහළ පන්තිය.
උඩගෙඩි දෙනවා
(කථා.) ක්‍රි. රුකුල් දෙනවා; උල්පන්දම් දෙනවා.
උඩඟු
1. වි. උඩට හැරුණු.
2. වි. අහංකාර; ආඩම්බර; ගර්විත.
3. වි. ඇවිස්සුණු; කැලඹුණු.