සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 332
උපෑ
නා. උඩට නැඟීම; උත්පාතය; කැලඹීම; කුණාටුව.
උපිළිවෙළ
නා. පිළිවෙළ ඉක්මවීම; වැරදි පිළිවෙළ.
උපුටනවා
1. ක්රි. උගුළනවා; උදුරනවා; ගලවනවා.
2. ක්රි. පොත් ආදියකින් කොටස් ගෙනහැර දක්වනවා.
උපුරනවා
ක්රි. උගුළනවා; උදුරනවා.
උපුල
1. නා. ගල.
2. නා. වර්ණවත් මැණික් ගල් විශේෂයක්.
3. නා. ජලජ පුෂ්ප වර්ගයක්; මානෙල්; උත්පල.
උපුල්වන්
නා.ප්ර. උත්පලවර්ණ.
උපේක්ෂක
වි. උපේක්ෂා ගුණයෙන් යුත්; මධ්යස්ථ පැවතුම් ඇති.
උපේක්ෂ්ය
වි. නොතැකිය යුතු; නොසැලකිය යුතු; ගණන් නොගත යුතු.
උපේක්ෂාව
නා. මැදහත්බව; ඉෂ්ට අරමුණෙහි ඇලීමක් හෝ අනිෂ්ට අරමුණෙහි ගැටීමක් හෝ නො වී මධ්යස්ථ වීම.
උපේක්ෂිත
වි. උපේක්ෂාවෙන් යුක්ත; සැලකිලිමත් නොවූ; ගණනකට නොගත්.
උපේත
වි. යුක්ත වූ; සමන්විත වූ.
උපේන්ද්රයා
උපෝද්ඝාත
වි. උපහැරණ ස්වරූප ගත්; ආඛ්යාත විලාසය ගත්; අතුරු කථා බඳු.
උපෝසථ කර්මය
නා. උපසම්පදා භික්ෂූන් අතින් විනය නීති කැඩීමේ වරදක් සිදු වූ විට පසළොස්වක අමාවක යන දිනයන්හි භික්ෂු සංඝයා අභිමුඛයෙහි ඒ වැරදි හෙළි කිරීමෙන් කරන විනය කර්මය; පොහොය කිරීම.
උපෝසථ කුලය
නා. දස වැදෑරුම් ඇත් කුලවලින් එකක්.
උපෝසථ ශීලය
නා. ගිහියන් පොහෝ දවස්හි සමාදන් වන අටසිල්; අෂ්ටාංගසීලය.
උපෝසථය
1. නා. (විනය.) පොහොය දිනය; පොහොය කිරීමට නියමිත අව අටවක, අව තුදුස්වක, පුර අටවක සහ පුර පසළොස්වක යන දින.
2. නා. පොහොය දිනයෙහි සංඝකර්ම කිරීම; පොහොය කිරීම.
උපෝසථාගාරය
නා. භික්ෂූන් එක්රැස් වී උපෝසථ කර්මය සිදු කරන විශේෂ ශාලාව.
උබ්බෑය
(කථා.) නා. උප්පු බෑය; ලුණු පොල්කටුව.
උබ්බිනය
වි. ධර්ම විනයට විරුද්ධ වූ; වැරදි අදහස් ඇති; විනය විරෝධී.
උභතෝ
නි. දෙකින්; දෙපසින්.
උභතෝකෝටික
වි. දෙකොනක් ඇති; නිගමන දෙකකට තුඩු දෙන; විසඳුමක් හෝ තීරණයක් ගත නොහැකි; දෙ විධියකට තේරුම් ගත හැකි.
උභතෝකෝටික ප්රශ්නය
නා. නිගමන දෙකකට තුඩු දෙන ප්රශ්නය; කොයි අතට විසඳුවත් තීරණයක් කරගත නොහැකි කාරණය; විසඳීමට දුෂ්කර ප්රශ්නය.
උභතෝධාරා
නා.ප්ර. දෙපස ම කැපෙන මුවාත ඇති බව; දෙපිට කැපීම.
උභතෝසංඝයා
නා. භික්ෂු, භික්ෂුණී යන දෙවැදෑරුම් (උභය) සංඝයා වහන්සේ.