සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 331
උපාධ්‍යාය
නා.ප්‍ර. වරද නිවරද පෙන්වා අවවාද අනුශාසනා කරන්නා; ධර්ම විනය උගන්වන්නා; පැවිදි කිරීමෙහි සහ උපසම්පදා කර්මයෙහි මූලික වන භික්ෂූන් වහන්සේ.
උපාධි
නා.ප්‍ර. පටබැඳි නම; ගරු නාමය; විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතනයකින් ප්රදානය කෙරෙන උගත්කමේ තත්ත්ව හඟවන නම.
උපාධිඅපේක්ෂක
නා.ප්‍ර. උපාධියක් සඳහා විශ්වවිද්‍යාලයක ඉගෙනීම කරන්නා; විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයා.
උපාන්ත
වි. අන්තය හෙවත් කෙළවර සමීපයෙහි වූ; අග.
උපාමාරුව
නා. උපාය මාර්ගය; උපක්‍රමය.
උපාය
නා.ප්‍ර. කටයුතු සිදු කර ගැනීමේ ක්‍රමය හෙවත් ක්‍රියා මාර්ගය; උපක්‍රමය; න්‍යාය පිළිවෙළ; ප්‍රයෝගය; මායම.
උපාය මාර්ගය
1. නා. කාර්ය ඉටුකර ගන්නා ක්‍රමය; ක්‍රියා පිළිවෙළ.
2. නා. කරුණ; හේතුව.
උපාය ශක්තිය
නා. උපක්‍රමයෙහි සමත්බව; කාර්ය සිද්ධිය ඉටු කර ගැනීමෙහි සමත් බව හෙවත් හැකියාව.
උපායකෞශල්‍යය
නා. උපායෙහි කුශලතාව හෙවත් දක්ෂතාව; කටයුතු සිද්ධ කිරීමේ හැකියාව.
උපායඥානය
නා. උපාය යෙදීමේ නුවණ; උපාය පිළිබඳ නුවණ.
උපායනය
නා. පඬුර; තෑග්ග.
උපායාන්තරය
[උපාය + අන්තරය]
නා. වෙනත් හෝ අතුරු උපාය; උපායමාර්ග කීපයකින් තෝරාගන්නා ලද උපාය.
උපායාසය
නා. දැඩි ආයාසය; ඤාති ව්‍යසනාදිය හේතු කොටගෙන ඇති වන බලවත් සිත් තැවුල.
උපාරම්භය
නා. දොස් පැවරීම; දෝෂාරෝපණය; පරවම්භනය.
උපාර්ජනය
නා. සපයා ගැනීම; ලබා ගැනීම; රැස් කිරීම.
උපාර්ධය
නා. අඩ; භාගය; දෙකෙන් පංගුව.
උපාශ්‍රය
1. නා.ප්‍ර. ළංව සේවනය කිරීම හෙවත් ඇසුරු කිරීම; සමීපාශ්‍රය.
2. නා.ප්‍ර. මූලාධාරය; පිහිට.
උපාසක චණ්ඩාලයා
නා. උපාසකයකු උ තුළ පිහිටිය යුතු ගුණ නොමැති උපාසකයා; හොර උපාසකයා.
උපාසකයා
1. නා. යම්කිසි ශ්‍රමණ පිරිසක් ළං ව ඇසුරු කරමින් සේවය කරන්නා; භක්තිමතා.
2. නා. තෙරුවන් සරණ ගිය පුරුෂයා; තෙරුවන් සරණ ගොස් සිල් සමාදන් ව (බෞද්ධ) ආගමික වතාවත්වල යෙදෙන තැනැත්තා.
3. නා. අහිංසකයා.
උපාසනය
1. නා. සමීපයෙහි හිඳීම; ඇසුරු කිරීම; ඇප උපස්ථාන කිරීම; පුද සත්කාර දැක්වීම.
2. නා. ධනුශ්ශිල්පය පුරුදු කිරීම.
3. නා. භාවනාව (කමටහන්) වැඩීම.
උපාසිකාව
නා. තෙරුවන් සරණ ගිය ස්ත්‍රිය.
උපාහනය
නා. පාදුකාව; පාවහන; සෙරෙප්පුව; සපත්තුව.
උපැත්
නා.ප්‍ර. ඉපදීම; උත්පත්තිය; හටගැනීම.
උපැවිදි
වි. පැවිදිබව අත්හළ; සිවුරු හැර දැමූ; හීරළු.