සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 37
අටතිස් චෛතසික
නා.බහු. (අභි.) ආශ්රව නොවන චෛතසික තිස් අට.
අටතිස් මඟුල්
නා.ප්ර. මංගල සූත්රයෙහි දක්වන ලද මංගල කාරණා තිස් අට.
අටතුරා දහස
නා. අටකින් වැඩි දහස; එක් දහස් අට.
අටතුරාසිය
නා.ප්ර. අටකින් වැඩි සියය; එක්සිය අට.
අටදස විදු
නා.බහු. දස අට වැදෑරුම් විද්යා; අටළොස් ශිල්ප.
අටදා
නා.ප්ර. ජාතක අට; තේමිය, මහාජනක, සාම, නිමි, භූරිදත්ත, නාරද කස්සප, විදුර, ඛණ්ඩහාල යන ජාතක කථා අට හෝ වෙසතුරු, කට්ඨහාරි, මඛාදේව, කුස, නිමි, ඛණ්ඩහාල, විධුර, සිවි යන ජාතක කථා අට.
අටදෑ මුතු
නා. මුතු වර්ග අට.
අටදික්
නා.ප්ර. අට දිග; අටදිශා.
අටදික් බාගය
නා. අට කොන; අට දිශාව; සතර දිශා හා සතර අනු දිශා.
අටදිට
නා.ප්ර. නෙත් අටක් ඇත්තා; මහා බ්රහ්මයා.
අටන
1. (කථා.) නා. සටන; යුද්ධය.
2. නා. යුද්ධවල දී සතුරන් යට කර මැරීම සඳහා අටවා ඇති උගුල; හබකය.
3. නා. තැනින් තැන ඇවිදීම. සැරිසරා යෑම; සංචාරය.
අටපට්ටම්
නා.ප්ර. කෝණ අටක් හා පාද අටක් ඇති බහු අස්රය.
අටපද
1. නා.ප්ර. දාම් ලෑල්ල.
2. නා.ප්ර. පාද අටකින් යුක්ත පද්යය; පේළි අටක් ඇති පද්ය බන්ධනය.
අටමස්ථානය
1. නා. අනුරාධපුරයෙහි පිහිටි දකුණු මහාසෑය, ශ්රී මහා බෝධිය, ලෝවාමහාපාය, පිරිත්ලාගෙය, ජන්තාඝර පොකුණ, ථූපාරාමය, රුවන්වැලිසෑය, මිහින්තලේ සේල චේතිය යන ප්රධාන සිද්ධස්ථාන අට.
2. නා. වර්තමාන අටමස්ථානය ලෙස සලකන ශ්රී මහා බෝධිය, රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය, ථූපාරාමය, ලංකාරාමය, මිරිසවැටිය, ලෝවාමහාපාය.
අටමහ නරකය
නා. මහා නිරය අට; සඤ්ජීවය, කාලසූත්රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්රතාපය, අවීචිය යන නිරය අට.
අටමහ පිරිස
නා. බුදුරජාණන් වහන්සේලාගෙන් බණ ඇසීමට රැස් වන රජ, බමුණු, ගොවි, මහණ යන පිරිස් ද සිවුමහරජ සහ තව්තිසා දෙවියෝ ද මාරයෝ ද බ්රහ්මයෝ ද යන අට වැදෑරුම් පිරිස; අටවණක් පිරිස.
අටමහ ලෝ වැඩ
නා. ධර්ම ව්යාඛ්යානයකින් හෝ බුදුගුණ කථාවකින් හෝ ලෝකයාට සිදු වන අෂ්ටවිධ අභිවෘද්ධිය; රාජ, රජමෙහෙසි, මැති ඇමති, මහතෙර, සබ්රහ්මචාරි, ධර්මකථික, කල්යාණ සත්පුරුෂ හා ප්රත්යන්ත වාසී ස්ත්රී පුරුෂ යන ජනයාට ඇති වන අර්ථ සිද්ධිය.
අටර
නා. අටළොස; දහඅට.
අටරාසිය
නා. අටක් වැඩි සියය; එකසිය අට; අටෝරාසිය.
අටලවණ
නා. බෙහෙතට ගන්නා ලුණු අට වර්ගය.
අටල්ල
නා. උස් කොට තැනූ මුරගෙය; හාත්පස පෙනෙන සේ උස් තැනක ඉදි කළ තාවකාලික ගොඩනැඟිල්ල; අට්ටාලය.
අටලු ගෙය
නා. උස් තට්ටුවක් ඇති ගොඩනැගිල්ල; උස් ව තැනූ මැසි ගෙය; ප්රාකාර මතුයෙහි තැනූ උඩුමහල් ගෙය.
අටවක
1. නා. චන්ද්රමාස ක්රමය අනුව පුර පක්ෂයෙහි හා අව පක්ෂයෙහි අටවැනි දිනය; චන්ද්රයාගේ අටවැනි කලාව.
2. නා. වක් අට; වක් අටක් ඇති මැණික; අෂ්ට වංකය.
අටවක මිණ
නා. වක් අටක් ඇති මැණික; සක් දෙවිඳුන් විසින් කුසරජු ගෙලෙහි පලඳවන ලද අෂ්ටවංක මාණික්යය. මිණිරුවන;
අටවනවා
1. ක්රි. රඳවනවා; (උගුලක්) මානනවා.
2. ක්රි. තනනවා; සාදනවා; ඉදි කරනවා.
3. ක්රි. (කුඩ ආදිය) දිග අරිනවා; විහිදනවා.