සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 409
කනුකුනුව
නා. බැගෑපත් ලෙස කරන ඉල්ලීම; කන් කෙඳිරිය.
කනුමස
(කථා.) නා. නිය පොත්ත දෙපැත්තේ ඇති සියුම් හම.
කඳ
1. නා.ප්ර. ගසක මුල හා අතු පතර හැරුණු විට ඉතිරි ප්රධාන කොටස; ස්කන්ධය.
2. නා.ප්ර. හිස සහ අත්පා හැර සිරුරෙහි ඉතිරි කොටස; ශරීරය.
3. නා.ප්ර. කර; උරහිස; දසරුව.
4. නා.ප්ර. ගසක ලොකු අත්ත; මහා ශාඛාව.
5. නා.ප්ර. සමූහය; රාශිය; ගොඩ.
6. නා.ප්ර. කන්ද; පර්වතය.
7. නා.ප්ර. කොටස; භාගය.
8. නා.ප්ර. කතරගම දෙවියන්; ස්කන්ධ කුමාරයා.
කඳ කටුව
1. නා. ලී ලියවීමේදී වඩුවන් පාවිච්චි කරන තියුණු යකඩ කටුව.
2. (කථා.) නා. කිතුල් ගසේ කඳින් එන අන්තිම මල.
කඳ කොළ
නා. බුලත් වැලේ කඳ කොටසෙහි සෑදෙන කොළ.
කඳ බර
නා. සත්ත්වයාගේ පංචස්කන්ධය නමැති බර; ස්කන්ධ භාරය.
කඳකලව
(කථා.) නා. පාදයේ ඉකිළිය හා දණහිස අතර කොටස.
කඳකුමර
නා.ප්ර. කතරගම දෙවිඳු; ස්කන්ධ කුමාරයා.
කඳපා
නා. කාමදේවයා; අනංගයා; කන්දර්පයා.
කඳපිළිවෙළ
නා. පෙර විසූ ආත්මභාවවල අනුපිළිවෙළ.
කඳයුරු
1. නා.ප්ර. සෙනඟ නැවතී සිටින ස්ථානය; සේනාව ලැගුම් ගන්නා තැන; කඳවුර.
2. නා.ප්ර. තරමක් උස තාවකාලික ආරක්ෂා පවුර.
කඳර
1. නා. ගලනාලය; උගුරු දණ්ඩ.
2. නා. බෙල්ල; ග්රීවය.
කඳලාරුව
නා. සීලිමෙහි එල්ලන අලංකාර පොකුරු පහන.
කඳවුර
1. නා. සෙනඟ ලැගුම් ගන්නා තැන.
2. නා. ආරක්ෂක අංශ රඳවා තබා ඇති ස්ථානය.
3. නා. බළකොටුව.
4. නා. රාජධානිය.
කඳවුරු කුලය
නා. සිංහල රාජ වංශයක්; ස්කන්ධාවාර වංශය.
කඳවුරු බඳිනවා
1. ක්රි. තාවකාලික ලෙස වාසය කිරීම පිණිස මඩු, කූඩාරම් ආදිය බැඳ ගන්නවා.
2. ක්රි. යුද සෙනඟක් වාඩි ලා ගන්නවා.
කඳසුර
නා.ප්ර. කඳ කුමරා; කතරගම දෙවි.
කඳළ
නා. ඇසින් වැගිරෙන කඳුළ.
කඳු
1. නා.ප්ර. අවට පහත් බිම මතින් නැගෙන උස් වූ භූමි ප්රදේශය; කඳුවැටි; පර්වත.
2. නා.ප්ර. (ගං) ඉවුර.
3. නා.ප්ර. අත්ත; ශාඛාව.
4. නා.ප්ර. සමූහය; රාශි; ගොඩ.
5. නා.ප්ර. ගස් වැල්වල බල්බයක් මෙන් මහත් ව වැඩෙන මුල හෝ අලය.
6. නා.ප්ර. ග්රන්ථ පරිච්ඡේදය; ඛන්ධක.
7. නා.ප්ර. රූප වේදනාදි ස්කන්ධ.
කඳු ගැටය
නා. කුඩා කන්ද.
කඳු බෑවුම
නා. කන්දෙහි බැස්ම ඇති පැත්ත; කඳුපල්ලම.
කඳු රැළිය
1. නා. නිම්නයක් දිගේ ගලා බස්නා දිය පහර; කුඩා දිය ඇල්ල.
2. නා. මඩ වගුරු සහිත බිම් පෙදෙස; ගොහොරු බිම.
කඳු වැටිය
නා. එකට පිහිටා ඇති කඳු පේළිය; කඳු පන්තිය.
කඳුකර
වි. උස් බිම් සහිත; කඳු සහිත.
නා. උස් බිම් සහිත ප්රදේශය; කඳු රැසකින් යුත් පළාත; කඳුකර ප්රදේශය.