සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 492
කුරගැටය
(පාරිභා.) නා. සමහර බල්ලන්ගේ පාදයෙහි ඇති සම්පූර්ණයෙන් නොවැඩුණු (අනවශ්‍ය) ඇඟිල්ල (=dew claw).
කුරගේ
(කථා.) නා.ප්‍ර. යම් කාරියක් කිරීමේ දී ඊට ආවරණය සඳහා හෝ ගොයම් පෑගීම ආදි කටයුතුවල දී සෙවණ සඳහා හෝ සාදා ගන්නා තාවකාලික මඩුව.
කුරමුඬ
නා.ප්‍ර. හිස බූ ගෑ තැනැත්තා; මුඩු හිසක් ඇති තැනැත්තා.
කුරය
නා. අශ්ව, ගව, එළු ආදි ඇතැම් සිවුපාවුන්ගේ ඇඟිලි හෝ පාද වසා පවතින කොරොස් කොපුව; ක්ෂුරය.
කුරර
1. නා. උකුස්සා
2. නා. කිරලා.
කුරල්
නා.ප්‍ර. වී කරල.
කුරවල්ල
1. (කථා.) නා. පොල් කොළවලින් වියන ලද එල්ලාගෙන යන කූඩය
2. නා. පොල් කොළවලින් වියා කෙහෙල්කැන් ආදියට යොදන ආවරණය; පිරිවැස්ස.
කුරවලා
(කථා.) නා. නයි නටවන්නා; අහිගුණ්ඨිකයා.
කුරවි
නා. මිහිරි නාදයක් ඇති කෝකිල විශේෂයක්.
කුරහන් ගල
(කථා.) නා. කුරක්කන් ඇට අඹරා පිටි කරන ගල.
කුර්තිඤ්ඤ
නා.ප්‍ර. තිරය; ආවරණය.
කුර්පර
නා.ප්‍ර. වැලමිට.
කුර්බරය
1. නා. මධ්‍ය කේන්ද්‍රය; භ්‍රමණ කේන්ද්‍රය.
2. නා. පෘථිවි ගෝලයේ උතුරේ සිට දකුණට හරි මැදින් වැටී ඇති සේ සලකනු ලබන කල්පිත රේඛාව.
කුරානය
නා. මහම්මත්තුමාගේ දේශන ඇතුළත්ව අරාබි බසින් ලියා ඇති ග්රන්ථ; මුස්ලිම් දේවධර්ම පුස්තකය.
කුරාලය
1. නා. අතීතයේ මළ මිනී ගෙන යෑම සඳහා උපයෝගී කරගත් මැහි විශේෂයක්; කුම්බය.
2. නා. යක් තොවිලයකදී පිදේනි තබා යකැදුරාට දපන්නට තබන මැස්ස.
3. නා. ධාන්‍ය ගබඩා කරගැනීම සඳහා තැනෙන මැස්ස; අටුව.
කුරිරු
වි. රළු; දැඩි; නපුරු; දරුණු; ක්‍රෑර; දුෂ්ට.
කුරු
1. නා.ප්‍ර. පිසූ සහල්; බත්.
2. නා.ප්‍ර. උඳු ඇට තිහක බර හෙවත් නික දෙකක ප්‍රමාණය වන මිනුමක්.
3. නා.ප්‍ර. අකුර; අක්ෂරය.
4. නා.ප්‍ර. පැළය; කැකුළ; අංකුරය.
5. නා.ප්‍ර. පොහොට්ටුව; කැකුළ.
6. නා.ප්‍ර. දලුව; ළපටි රිකිල්ල.
7. නා.ප්‍ර. කුඩා ගල් කැටය.
8. නා.ප්‍ර. අලියා; ඇතා.
වි. ප්‍රමාණයෙන් කුඩා වූ; මිටි.
කුරුකන්ද
1. (කථා.) නා. පහන තැබීමට ගෙය තුළ තැනූ කණුව; පාන් කන්ද; පාන් අඩිය.
2. නා. බිම හිටවන උස පිත්තල පහන
3. නා. වාත්තු පිත්තල පහනේ යටි පැත්තේ කුහරය.
4. නා. මැද මිදුලේ ජලය බැස යෑම සඳහා තබන නළය.
කුරුක්කුව
(කථා.) නා. කෙටි මඟ; දුර නොවූ පාර.
කුරුකුට්ටා
නා. ඉතා මිටි තැනැත්තා; කුරුකුණ්ඩා; කුරුට්ටා.
කුරුකුටුසාත්තුව
(කථා.) නා. කුඩා මසුන් ඇල්ලීමට භාවිත කරන ඇහි කුඩා දැල.
කුරුකුන්දම් ගැහෙනවා
ක්‍රි. ශරීරය වකුටු කර ගන්නවා; ගුළි ගැහෙනවා.
කුරුඟුලාකන
නා. ඇඳි වස්ත්‍රයේ කොන; රෙදි කොන; නෙරිය.