සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 501
කූට
වි. බොරුකාර; කපටි; වංචා සහගත; ප්රයෝගකාර.
කූටක
1. වි. කපටි; වංචාකාර; කුහක; ව්යාජ.
2. වි. ඉතා තද ඉර අවුව පවතින; මධ්යාහ්නයෙහි වූ.
කූටකය
1. නා. (කන්දක හෝ පර්වතයක) මුදුන; (ගිරි) කුළ; ශිඛරය.
2. නා. ඉදිරියට නෙරා ගිය කොටස; උන්නත ස්ථානය; අක්ෂිකූටය.
3. නා. ඉර මුදුන් වේලාවේ වූ තද අවුව.
4. (පාරිභා.) නා. ක්ෂීරපායි ගණයට අයත් සත්ත්වයන්ගේ නාසයට සම්බන්ධ ප්රදේශයේ පිහිටා ඇති දෙකට බෙදීගිය සිහින් සිවියක් වැනි පැතලි ඇටය(=vomer).
කූටගන්ධ
නා.ප්ර. තද දුගඳ; බලවත් දුර්ගන්ධය.
කූටතලා
නා.ප්ර. හොර තරාදිය; කිරුමේදී වංචා කළ හැකි තරාදිය.
කූටදන්ති
(පාරිභා.) වි. චාර්වක දන්ත මස්තකයෙහි හරස් දාර ඇති (=lophodont).
කූටමාන
නා.ප්ර. හොරට කිරීම හෝ මැනීම; කපටි මිනුම.
කූටය
1. නා. කන්දක හෝ පර්වතයක මුදුන; ගිරිකුල; ශිඛරය.
2. නා. ශංකුචක ස්වරූපය ගත් වහලක මුදුන; කැණිමඬල; කර්ණිකාව.
3. නා. (ශරීරයේ ඇඟිලි ආදි ස්ථානවල, කෙළවර; මුදුන.
4. නා. කුළු ගෙඩිය; යකුළ; යකඩ මිටිය.
5. නා. ගොඩ; රාශිය.
6. (පාරිභා.) නා. හකු දතක ශිඛර සම්බන්ධ කරන මුදුන් වැටිය; චාර්වක දතක තුණ්ඩ සම්බන්ධ කරන දාරය (= loph).
කූටස්ථ
1. වි. උදාසීන.
2. වි. මධ්යස්ථ.
3. වි. නිත්ය වූ; ස්ථිර.
4. වි. මුදුනෙහි සිටි.
කූට්ටරවුව
නා. (ක්රිස්ති.) සමූහය; කණ්ඩායම; එකතුව.
කූට්ටාණෙ
(කථා.) නා. (බුලත් ආදිය දමන) කුඩා මල්ල; හැඹිලිය.
කූට්ටාළියා
(කථා.) නා. එකට කටයුතු කරන්නා; සගයා; සහචරයා; යහළුවා.
කූට්ටු
1. වි. කිට්ටු; එකතු; සම්බන්ධ; යාළු; අනියම් සම්බන්ධයකින් යුතු.
2. වි. එක් කරන; මිශ්ර කරන.
කූටාගාරය
නා.ප්ර. තනි මුදුනක් ඇති ගෙය; කේතු ආකාර මුදුනක් සහිත ගෙය; කුළාර ගෙය.
කූටෝපාය
නා.ප්ර. කපටි උපක්රමය; දුෂ්ට ප්රයෝගය.
කූඩම
නා. මඩුව; මණ්ඩපය; කුටිය.
කූඩය
නා. වේවැල් ඉඳිකොළ ආදියෙන් කළ පැස; ගල්, පස් ඇදීමාදියට ගන්නා වේවැල් බට පතුරු ආදියෙන් තැනූ පේටිකාව.
කූඩාරම
නා. කැන්වස් රෙදි ආදියෙන් තනන ලද පහසුවෙන් ඔබමොබ ගෙන යා හැකි මඬුව.
කූඩාරම් ඇඳ
නා. ආරුක්කු වියනක් සහිත පැතිවලින් ආවරණය කරනු ලැබූ ඇඳ.
කූඩු කරත්තය
(කථා.) නා. වහලක් සහිත ගැල; අඹරාව බැඳි කරත්තය.
කූඩු කරනවා
1. ක්රි. කොටුවකට හෝ කූඩුවකට දමා හිර කරනවා; කොටු කරනවා.
2. ක්රි. එකතු කරනවා; රැස් කරනවා; සපයනවා.
කූඩු තියනවා
ක්රි. උළු ගඩොල් ආදිය කපා වියළීම සඳහා එකිනෙකින් ඈත් කොට තබනවා.
කූඩුව
1. නා. කුරුල්ලන්ගේ නිවහන; කැදැල්ල.
2. නා. (බල්ලන් කුරුල්ලන් ආදි) සතුන් රඳවා තබා ගැනීම සඳහා සාදාගනු ලබන කොටුව.
3. නා. හැඩහුරුකම්වලින් යුත් වටේට ආවරණය කරන ලද තාවකාලික පහන් විශේෂය; (එළිය) කූඩුව.
4. නා. තීන්ත වත් කොට තබන කුඩා භාජනය; තීන්ත කුප්පිය.
5. නා. නඩුවල පාර්ශ්වකරුවන් සහා උසාවියක (විනිශ්චයාසනය ඉදිරිපිට දෙපස පිහිටි) කොටු කළ ස්ථානය; සාක්කි කූඩුව.
6. නා. පොලීසියෙහි ඇති සිර කූඩුව; හිරමැදිරිය; බන්ධනාගාර ගත වූවන් රඳවා තබන සිර මැදිරිය.
7. නා. කරත්තයේ වහල; අඹරාව.
8. (කථා.) නා. කුඩා ගෙය; පැල.
9. නා. සැලැස්ම; ආකෘතිය; පඤ්ජරය.
කූණිතදාහය
නා. අක්ෂි ගෝලයේ තන්තුමය වැස්මේ පූර්ව කොටසේ ඇතිවන දාහය.