සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 505
කෘතෝපකාරය
කෘදන්ත
නා.ප්‍ර. (ව්‍යාක.) ධාතුවලින් පර ව විවිධ අර්ථ ප්‍රකාශන ප්‍රත්‍ය යෙදීමෙන් සාදා ගනු ලබන ප්‍රත්‍යායාර්ථ ශබ්ද.
කෘන්තක
වි. දත්වලින් කපන; කැපීමට හැඩ ඇති දත් සහිත.
කෘන්තකයා
නා. එක ඇන්දක දත් දෙක බැගින් කෘන්තක දත් ඇති ක්ෂිරපායී ගණයට අයත් (මීයා, ලේනා ආදි) සතා; ලෑටි ගාන්නා.
කෘන්තනය
නා. ශල්‍යකර්මයක දී සැත් පිහියෙන් කැපීම.
කෘපණ
1. වි. බැගෑපත්; දිළිඳු; දීන; දුක්ඛිත; අභාග්‍යසම්පන්න.
2. වි. මසුරු; ලෝභී.
කෘපා
නා. දයාව, කරුණාව; අනුකම්පාව.
කෘපාණය
නා. කඩුව; කොට කඩුව; සිරිය.
කෘපාලු
වි. දයාබර; කරුණාවෙන් පිරුණු.
කෘමි පාතනය
නා. පණුවන් හැලීමට හෙවත් වැටීමට සැලැස්වීම.
කෘමිකාමි
(පාරිභා.) වි. කෘමීන් ඇල්මක් දක්වන; කෘමීන් කැමති වන (=entomophilous).
කෘමිකාමී පුෂ්පය
(පාරිභා.) නා. කෘමීන්ගේ මාර්ගයෙන් පරාගණය වන මල.
කෘමිඝ්න
වි. පණුවන් නසන; කෘමිනාශක.
කෘමිඩැසිය
(පාරිභා.) නා. කෘමියා දෂ්ට කළ තුවාලය (=insect bite).
කෘමිපතනය
නා. පණුවන් හටගැනීම.
කෘමිපරාගණය
(පාරිභා.) නා. කෘමීන්ගේ මාර්ගයෙන් මලක පරාගය ඡායාංගයට පැමිණවීම.
කෘමිභක්ෂක
වි. කෘමින් කා දමන; කෘමි ශරීර ආහාර කොට ගන්නා වූ.
කෘමියා
1. නා. අපෘෂ්ඨවංශී කාණ්ඩයේ අර්ත්රොපොඩා (සන්ධිපාදක) වංශයට අයත් ෂට්පදික ඉන්සෙක්ටා වර්ගයට ඇතුළත් වන කුඩා සතෙක්.
2. නා. පුරුක් සහිත සිරුරෙන් යුත් අපෘෂ්ඨවංශී කුඩා සත්තු; පණුවා; පටපණුවා.
කෘමිවිද්යාව
නා. කෘමිවර්ගයන්ගේ නිර්මාණය හා ජීවිතය ආදිය පිළිබඳ ව හදාරන සත්ව විද්‍යා අංශය.
කෘමිසදෘශානුබද්ධය
(පාරිභා.) නා. උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ දික් වී පැතිර යන එක කෙළවරක් වැසුණු පටු නාලය; උණ්ඩුකපුච්ඡය.
කෘමීකීටයා
නා. කීට අවස්ථාවට අයත් කෘමියා.
කෘශ
වි. සිහින්; කෙට්ටු; වැහැරුණු.
කෘශඋණ
(පාරිභා.) නා. ධූලි හෝ පරාග නිසා (විශේෂයෙන් ශීත සෘතුව හැර අන් සෘතු වල දී) වැලඳෙන පීනස් රෝග විශේෂයක්; ශාරද පීනස (=hay fever).
කෘශකයා
නා. තාපසයා.