සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 509
කෙවුළා
නා. මසුන් මරන්නා; මාළු අල්ලන්නා; ධීවරයා.
කෙවෙනිය
නා. ඇස පිහිටා ඇති වළ; අක්ෂි කූපය.
කෙසකිළි
නා.ප්‍ර. මුත්‍රා කරන කුටිය හෙවත් පැළ.
කෙසග
1. නා. කෙස් ගහක කෙළවර; කේශාන්තය; කේශාග්‍රය.
2. නා. කෙස් ගහ කෙළවර තරම් වූ ප්‍රමාණය; ඇබිත්ත.
3. නා. දිග මැනීමේ ඉතා සියුම් පැරණි මිම්මක්; පරමාණු හැටහතරක ප්‍රමාණය.
කෙසර
1. නා.ප්‍ර. සිංහයා; කේශර සිංහයා.
2. නා.ප්‍ර. රාශි දොළසින් එකක් වන සිංහ රාශිය.
3. නා.ප්‍ර. සිංහයාගේ බෙල්ලේ තිබෙන දිගු ලෝම.
කෙස්දා
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේගේ කේශධාතු.
කෙස්දුන්න
නා. ඔර්ලෝසුවක "ලෝලන චක්‍රය" පාලනය කරන සිහින් දුන්න; ඉසකේ දුන්න (=hair spring).
කෙසි
නා.ප්‍ර. අගුළු ලෑම සහ ඇරීම සඳහා භාවිත වන උපකරණය; යතුර.
කෙසිමුදු
නා.ප්‍ර. යතුරු අමුණන මුද්ද.
කෙසු
නා.ප්‍ර. රේණු; පුෂ්ප; කේසර.
කෙසුන්
නා.ප්‍ර. (භය, පුදුමය ආදි අවස්ථාවල දි) ඇඟේ මයිල් කෙළින් සිටීම; ලොමුදැහැගැන්ම.
කෙසුරු
1. නා.ප්‍ර. කේශර සිංහයා.
2. නා.ප්‍ර. මල් රේණු; කේසර.
3. නා.ප්‍ර. ශරීරයේ සම මතුපිට හටගන්නා රෝම.
4. නා.ප්‍ර. පියුම් ගැබ.
කෙසුරු බර
නා. සිංහයාගේ දිග ලොම් රැස; රෝම භාරය.
කෙසුරුසළා
නා.ප්‍ර. මල් රොන්; මල් රේණු.
කෙසෙයින්
ක්‍රි.වි. කොයි ආකාරයෙන්; කොයි සැටියෙන්; කෙසේ.
කෙහට
1. නා.ප්‍ර. සත්තු කා ඉවත දමන රොඩ්ඩ; හපය.
2. නා.ප්‍ර. සර්ප හැවය; නිර්මෝකය.
කෙහුටා
(කථා.) නා. කෘශ වූ ශරීරයක් ඇත්නා.
කෙහෙකළඹ
නා. කෙස්වැටිය.
කෙහෙතා
1. නා. කේතු ග්‍රහයා.
2. නා. මුස්පේන්තුවා / මුස්පේත්තුවා; අනුන්ට කුරිරුකම් කරන්නා.
කෙහෙදා
නා. කේශධාතු.
කෙහෙලි
නා.ප්‍ර. කොඩිය; ධජය; පතාකය .
කෙළ
1. නා. මුඛයෙන් ස්රාවය වන ද්‍රව්‍ය; ඛේටය.
2. නා. අග; කොන; අග්‍රය; (කාලපරිච්ඡේදයක) අවසානය; අන්තය; (ඉගෙනීමක) අන්තිම කෙළවර.
3. නා. ලක්ෂ සියය; කෝටිය.
4. නා. මුහුදු වෙරළ.
5. නා. කඩුවක තුඩ; මුනය.
6. නා. මාසෙ පෝය; අමාවක.
7. නා. ක්‍රීඩාව; සෙල්ලම.
කෙළ පැමිණෙනවා
ක්‍රි. යම් විෂයක් පිළිබඳ දැනීමෙහි කෙළවරට පැමිණෙනවා; ශිල්ප ශාස්ත්‍ර අවසානය තෙක් හදාරනවා.
කෙළකෝටිය
නා. කෝටි සියක් ලක්ෂය; කෝටි කෝටිය.