සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 508

කෙම

1. නා.ප්‍ර. ක්‍රමය; පිළිවෙළ.
2. නා.ප්‍ර. ගල් පර්වතයක වූ වළ.
3. නා.ප්‍ර. ගල් පොකුණ.
4. නා.ප්‍ර. මන්ත්‍ර විධියෙන් හෝ උපචාර කර්ම විධියෙන් කරන ආරක්ෂාව; ක්ෂේම කර්මය.
5. නා.ප්‍ර. මඟුල; මංගල්‍යය.

කෙමන

නා. මසුන් හිර කර ගැන්ම සඳහා මිරිදිය පහරක ඉරටුවලින් හෝ ලී කෝටුවලින් අටවන දිගටි කූඩුව.

කෙම්බිම

නා. කාන්තාර මැද පිහිටි ගස්වැල් හා ජලය සහිත සරුබිම; ක්ෂේම භූමිය.

කෙම්මර

1. නා.ප්‍ර. ශාන්ති කර්ම සඳහා දෙවියන් හා යකුන්ට පවත්වන පුද පූජාව; දේවාලවල පූජාව.
2. නා.ප්‍ර. ආවේශ වීම.

කෙම්මරදිනය

නා.ප්‍ර. කෙම්මුර පැවැත්වීමට සුදුසු යැයි සම්මත බදාදා සහ සෙනසුරාදා දෙ දින.

කෙමැලි

1. නා.ප්‍ර. දියෙහි පෙණ; මුහුදු පෙණ.
2. නා.ප්‍ර. කෙස් කළඹෙහි දැවටි කුසුම.

කෙමිය

1. නා. නෙළුම් මලේ මැද පිහිටා ඇති ඵලාවරණය; පියුම් ගොටු; පියුම් බටුව; කර්ණිකාව.
2. නා. කැණිමඬල; ගෘහකර්ණිකාව.
3. නා. කේතල, ජෝගු වැනි භාජනවල ජලය පිට වීමට තනා ඇති අවයවය.
4. නා. ක්ෂේමය, ශාන්තිය.

කෙඹිය

නා. කෙල්ල; ළදැරිය.

කෙරටින්

(පාරිභා.) නා.ප්‍ර. අං, නිය, කුර, කේශ, රෝම, පිහාටු ආදි අපිචර්මීය ව්‍යුහ සෑදීමට පදනම් වන සල්ෆර් අඩංගු විවිධ තන්තුමය ප්‍රෝටීන් වර්ග පොදුවේ හඳුන්වන පදය.

කෙරුම්කාරයා

(කථා.) නා. බලපුළුවන්කාරයා.

කෙරෙවි

නා.ප්‍ර. යුද ඇඳුම; සන්නාහය: කරවිය.

කෙලසනවා

1. ක්‍රි. (ශරීරය, සිත, චරිතය, නම ආදිය) කිලුටු කරනවා; දූෂිත කරනවා; අපවිත්‍ර කරනවා.
2. ක්‍රි. ගරහනවා; නින්දා කරනවා; අපහාස කරනවා.

කෙල්වින්

නා.ප්‍ර. නිරපේක්ෂ උෂ්ණත්වය මැනීමේ ඒකකය (=kelvin).

කෙල්වින් පරිමාණය

(පාරිභා.) නා. නිරපේක්ෂ ශුන්‍ය වූ සෙන්ටිග්‍රේට් පරිමාණය ඇති උෂ්ණත්වමාන පරිමාණ (=kelvin scale).

කෙලි

1. නා.ප්‍ර. කෙල්ල.
2. නා.ප්‍ර. කොඩිය; කෙහෙල්ල.
3. නා.ප්‍ර. කුඩා ඇල; කුඩා ජලපාර.

කෙලෙස්

1. නා.ප්‍ර. සිත කිලිටි කරන අකුශල පාක්ෂික චෛතසික ධර්ම.
2. නා.ප්‍ර. ඊශ්වර දෙවියන්ගේ වාසභවනය පිහිටා ඇතැයි සැලකෙන කෛලාසය.
3. නා.ප්‍ර. අපවිත්‍ර දෑ.

කෙලෙස් මලය

නා. කෙලෙස් නමැති කිලිටු හෝ අපවිත්‍ර දැය.

කෙවිට

නා. ගව ආදි සතුන් දැක්කීම හා මෙල්ල කිරීම සඳහා පාවිච්චි කරන මෙල්ල කරන දිග කෝටුව; කෙවිටි ලීය.

කෙවිටි කරනවා

ක්‍රි. යම්කිසි දෙයක් කිරීමට නිතර නිතර උනන්දු කරනවා.

කෙවින්න

නා. ප්‍රාසාදාදියෙහි මුදුනේ සවි කරන කොත; ශෘඞ්ගය.

කෙවිල්ල

1. නා. නඟුලේ මිටෙහි සවි කරන අවයවය; නඟුල් කෙමිය; නිමුන් කුරුල්ලා.
2. නා. කෙවුම; වේදනාවෙන් යුක්ත තැන.

කෙවිලිය

1. නා. කෝකිලාව.
2. නා. කෝකිල ධේනුව.

කෙවුන්න

1. නා. ආහරණවල මැණික් ඔබ්බන සිදුර; කෙවින්න.
2. නා. යම් කිසිවක් තවත් කොටසකට වැද්දවීම සඳහා සෑදූ කුහරය.

කෙවුල්සර

නා.ප්‍ර. කෝකිල ස්වරය.