සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 530
කෝටරය
1. නා. ගසක බෙනය; බිල.
2. (පාරිභා.) නා. හෘදය; මොළය ආදි ඉන්ද්‍රියවල පිහිටි කුඩා සිදුර; පුටය; කෝෂිකාව (=ventricle).
කෝටරාහය
(පාරිභා.) නා. පිලාව; අක්මාව; අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියවල ලේ රැඳීම සඳහා ඇති සියුම් සිදුරු සහිත ඉඩකඩ ප්‍රමාණය; ලේ ඉඩස; රුධිරාවකාශය (=sinusoid).
කෝට්
නා.ප්‍ර. උඩුකය වසනු සඳහා ඝන රෙදිවලින් සකස් කළ ඇඳුමක්; කබාය.
කෝට්ටය
නා. බලකොටුව; කොටුව.
කෝටින්
(පාරිභා.) නා.ප්‍ර. ලිංගික අවයව වර්ධනය හා ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය පාලනය කරන හෝමෝන විශේෂයක් (=cortin).
කෝටිපතියා
නා. කෝටියකට අධික අතිවිශාල ධන සම්භාරයක අයිතිකරුවා.
කෝටිප්රාප්ත
වි. කෙළවරට පැමිණියා වූ; අනන්තයට ගිය; පාරප්රාප්ත.
කෝටිප්රාප්තයා
නා. ශිල්ප ශාස්ත්‍රයෙහි කෙළවරට පැමිණි පුද්ගලයා; විශාරදයා.
කෝටිය
1. නා. ලක්ෂ සියය; 10,000,000.
2. නා. කෙළවර; අග්‍රය; අන්තය.
3. නා. සෘජුකෝණික ත්‍රිකෝණයක ලම්බව වැටෙන පාදය.
4. නා. ඇඳුම් හෝ රෙදි ජෝඩු විස්ස; හතළිහකින් යුත් ප්‍රමාණය.
කෝටියක් සංවරශීලය
නා. අධිශීලය; උපසම්පදා ශීලය; සංවර ශික්ෂා ගණනින් නව කෙළ දහස් එකසිය අසූ කෝටි පනස්ලක්ෂ සතිසක් යැයි දැක්වේ.
කෝටුගානවා
ක්‍රි. කෝටුවකින් තළනවා; කූරුගානවා.
කෝටුමස් කරනවා
ක්‍රි. කිසියම් වරදකට උසාවියේ නියමයෙන් කසයකින් හෝ වේවැලකින් හෝ නියමිත පහර ගණනක් ගසනවා; කෝටුවකින් තදින් තළනවා.
කෝටුමිටිය
1. නා. රාජ නියෝගයෙන් වධයට ගෙන යනු ලැබූ අපරාධකාරයාට තැළීම සඳහා යොදා ගන්නා සිහින් කෙවිටි මිටිය; සැමිටිය.
2. නා. ලෝහ තැළීම සඳහා යොදා ගනු ලබන මිටි වර්ගයක්; වළලු බොකු ලන මිටිය.
3. නා. කැටයම් කැපීමේ දී ප්‍රයෝජනයට ගන්නා මිටිය.
4. නා. එකට තබා බඳින ලද කෝටු සමූහය.
කෝටුව
1. (කථා.) නා. සිහින් දිගටි ලී කැබැල්ල.
2. නා. ශ්‍රේෂ්ඨාධිකරණය.
කෝටුවේ රජ
1. (කථා.) නා. විනිශ්චයකාරතුමා.
2. (කථා.) නා. අග්‍රවිනිශ්චයකාරතුමා.
කෝඩය
1. නා. කුණාටුව; තද සුළඟ.
2. (කථා.) නා. නියඟය; පෑවිල්ල; ඉඩෝරය.
3. නා. කළු වැහිවලාව.
4. නා. මුහුදේ ජලයෙන් මතු වී පෙනෙන ගල.
කෝඩ්
1. නා.ප්‍ර. කැපූ ලී මැනීමේ දී භාවිත වන මිනුම් ප්‍රමාණයක්; ඝන අඩි 128 ක ප්‍රමාණය.
2. නා.ප්‍ර. නූල්වලින් අඹරන ලද රැහැන.
කෝඩාටා
(පාරිභා.) ස්වකීය ජීවිතයේ මොනයම් අවස්ථාවකදී හෝ පෘෂ්ඨ රජ්ජුවකුත් පෘෂ්ඨීය මධ්‍ය ස්නායු පද්ධතියකුත් ග්‍රසනිකා බිත්තියෙහි ජලක්ලෝම විවරයකුත් පිහිටි සත්ත්ව වංශය.
කෝඩිපත
1. නා. ආධුනිකයකු විසින් අභ්‍යාසය ලබනු සඳහා වියනු ලබන කුඩා පැදුර.
2. නා. මලුපිට.
කෝඩිය
1. නා. විස්සක ප්‍රමාණය.
2. නා. රටාව; මෝස්තරය; (වස්ත්‍ර ආදියෙහි) ඉරි වැටුණු බව.
3. නා. රෙද්ද; වස්ත්‍රය.
කෝඩු
වි. නවක; ආධුනික; පළපුරුදු නැති.
කෝඩුකාරයා
1. නා. පළමු වතාවට යමක් කරන්නා; විශේෂයෙන් පළමු වරට සමනොළ සිරිපා වැඳීමට යන්නා; ආධුනිකයා.
2. නා. මනමාලයාගේ යහළුවා හැටියට සිටින්නා; දෙවන මනමාලයා.
කෝඩුවාව
1. (කථා.) නා. පොල් අතු කෙළවර.
3. නා. ඉස්තෝප්පුව; ආලින්දය; බරාඳය.
කෝණ ආකලනය
(පාරිභා.) නා. කෝණවල එකතුව (=addition of angles).