සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 550
ගණික
වි. ධාතු ගණයකට අයත් වූ.
ගණිකා වෘත්තිය
නා. ජීවන වෘත්තිය වශයෙන් වෙසඟනක ලෙස හැසිරීම; වේශ්‍යා වෘත්තිය.
ගණිකාව
නා. වෙසඟන; බහුපුරුෂ සේවනයෙහි යෙදෙන ස්ත්‍රිය.
ගණිත පෝරුව
නා. කුඩා ළමයින්ට ගණිතය ඉගැන්වීම සඳහා භාවිත කරනු පිණිස ඇටබෝල අමුණා තනා ගනු ලබන උපකරණය.
ගණිත සත්‍යය
(පාරිභා.) නා. ගණිත මාර්ගයෙන් සත්‍යයක් බවට එළඹෙන නිගමනය; ගණිතය අනු ව බලන විට ඔප්පු වන දෙය.
ගණිතචක්රය
නා. ගණිත ක්‍රියා සඳහා යොදා ගනු ලබන වගුව; ගණන් චක්‍රය.
ගණිතඥයා
නා. ගණිතය පිළිබඳ මනා දැනුම් ඇත්තා; ගණිත ශාස්ත්‍රයෙහි ප්‍රවීණයා.
ගණිතන්යාය ශාස්ත්‍රය
(පාරිභා.) නා. ගණිතමය සංකේත භාවිත කරන විධිමත් තර්ක ක්‍රමයක්; ගණිත තර්ක ශාස්ත්‍රය.
ගණිතය
1. නා. ගණන් සෑදීම පිළිබඳ ශාස්ත්‍රය; ගණිත ශාස්ත්‍රය.
2. නා. නක්ෂත්රය.
ගණිතයා
1. නා. නක්ෂත්රය පිළිබඳ දැනුම් ඇත්තා; නැකැත්තා.
2. (කථා.) නා. (බලි තොවිල් ආදි) ශාන්ති කර්ම කරන්නා; බෙර වයන්නා.
ගණිනවා
ක්‍රි. සංඛ්‍යා වශයෙන් කොපමණදැයි නිශ්චය කරනවා; ගණන් කරනවා; ගණන් බලනවා.
ගණින්නාන්සේ
නා. භික්ෂු ප්‍රතිපත්තියෙන් පිරිහී ගියා වූ අනුපසම්පන්න ශ්‍රමණ පිරිස හැඳින් වූ නාමය.
ගණිඳු
නා.ප්‍ර. ගණදෙවි; ගණේශ.
ගණිඳු කෝවිල
නා. ගණ දෙවියන් උදෙසා කළ දෙවොල; ගණදෙවි කෝවිල.
ගණී
1. නා.ප්‍ර. ගණයක හෙවත් සමූහයක නායකයා; ගණදෙටුවා.
2. නා.ප්‍ර. ගණිකාව; වෛශ්‍යාව; වෙසඟන.
ගණේකුඹුර
නා. විහාරස්ථානයකට හෝ සංඝයාට පූජා කළ කුඹුර.
ගණේයතාව
(පාරිභා.) නා. ගණන් කළ හැකි බව; ගණන් බැලිය හැකි බව.
ගණේශ
[ගණ + ඊශ]
නා.ප්‍ර. ඊශ්වර දෙවියන්ගේ පුතුන් දෙදෙනාගෙන් කනිෂ්ඨයා වූ ගණදෙවි; ගණපති.
ගත
1. නා. ඇඟ; සිරුර; ශරීරය.
2. නා. ශරීරාවයවය; ගාත්‍රය; ප්රත්යංගය.
3. නා. ව්‍යඤ්ජනාක්ෂරය; ගාත්‍රාක්ෂරය; ගතකුර.
4. නා. ග්‍රන්ථය; පොත.
5. නා. ශාස්ත්‍රය; විද්‍යාව; ශිල්පය.
6. නා. ගාථාව; පද්‍යය.
7. නා. එළකිරෙන් ගන්නා තෙල; එළඟිතෙල්; සෘත.
1. වි. ගියා වූ; පැමිණියා වූ.
2. වි. මළ; මැරුණු.
3. වි. ගෙවී ගිය; ඉකුත් වුණු.
ගතකුරු
නා.ප්‍ර. (ව්‍යාක.) තනිව ශබ්ද කළ නොහැකි අකුර; ගාත්‍රාක්ෂරය; ව්යාඤ්ජනාක්ෂරය.
ගතදෙනවා
ක්‍රි. ඇඟේ ගානවා; ශරීරයේ ආලේප කරනවා හෝ ගල්වනවා.
ගතදෙස් සඳ
නා.ප්‍ර. සිංහල ව්‍යාකරණයෙහි දැක්වෙන සන්ධි විධියක්; එක් ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනත් ගාත්‍රාක්ෂරයක් ආදේශ කිරීමේ සන්ධි විධිය; ගාත්‍රාදේශ සන්ධිය.
ගතභර්තෘකා
නා.ප්‍ර. සැමියා මළ කත; වැන්දඹුව; විධවාව.
ගතමනා
වි. ගැනීමට සුදුසු; ලබා ගැනීමට යෝග්‍ය.