සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 562
ගයනුකිත්ත
නා. ඖ, ඌ ආදි ස්වර හැඳින්වීම සඳහා යොදන ‘ෟ’ යන ලකුණ.
ගයිඩ් පියරය
(පාරිභා.) නා. වරායට පැමිණෙන නැව්වලට මඟ පෙන්වීම සඳහා වරායේ ගොඩනගා ඇති කණුව හෝ ප්‍රාකාරය.
ගයිනීසියම්
(පාරිභා.) නා.ප්‍ර. (උද්භි) බීජ ශාකවල ස්ත්‍රී අවයව; ජායාංගය.
ගයිරික
1. නා.ප්‍ර. උපධාතු විශේෂයක්; සිවන්ගුරු; ස්වර්ණ ගයිරික.
2. නා.ප්‍ර. රත්රන්; ස්වර්ණ; කනක.
ගර
1. නා.ප්‍ර. ගෙය; ගෘහය.
2. නා.ප්‍ර. ගිහිගෙය; ඝරාවාසය.
3. නා.ප්‍ර. ගැරඬියා.
4. නා.ප්‍ර. උග්‍ර විෂ.
5. නා.ප්‍ර. නින්දාව; අපහාසය.
ගරද
වි. විෂ සහිත; විසකුරු.
ගරදිය
1. නා. කාරම් දිය කළ වතුර; ක්ෂාරෝදකය.
2. නා. ලුණු ගතිය ඇති වතුර; කිවුල් දිය.
ගරදූෂය
නා. (විෂ වර්ගයක් හෝ විෂ සහිත ද්‍රව්‍යයක් හෝ මිශ්රවීම නිසා) ආහාරපාන දූෂිත වීම; කෘත්‍රිම විෂ ඇති වීමට හේතුවක් වන කෑමබීම් අපවිත්‍ර වීම්.
ගරනවා
1. ක්‍රි. (ධාන්‍ය ආදිය දියෙන් සෝදා) ගල් වැලි ආදි අපද්‍රව්‍ය ඉවත් කරනවා.
2. ක්‍රි. හලනවා; පෙරනවා.
3. ක්‍රි. අයුතු ක්‍රමවලින් මුදල් උපයනවා; අනියම් ක්‍රම මගින් හරිහම්බ කරනවා.
4. ක්‍රි. මීවද කඩා මී පැණි එකතු කරනවා; මී කඩනවා.
ගරල
1. නා.ප්‍ර. (ස්ථාවර හෝ ජංගම) විෂ; සර්ප විෂ; වස.
2. නා.ප්‍ර. (පිදුරු ආදිය) එකට එකතු කර බඳින ලද මිටිය; (පිදුරු) කට්ටය.
ගරලාශය
[ගරල + ආශය]
නා.ප්‍ර. විෂසහිත සර්පයකුගේ දළවලට අනුබද්ධ ව තිබෙන විෂ පිරුණු අවයව කොටස; විෂ ග්‍රන්ථිය.
ගරවස්
නා.ප්‍ර. ගිහි ගෙයි විසීම; ගෘහස්ථ ජීවිතය; ගිහි දිවිය.
ගරවිෂ
නා.ප්‍ර. විවිධ ද්‍රව්‍යයන්ගේ සංයෝජනයෙන් ඇති වන කෘත්‍රිම විෂ.
ගරහනවා
ක්‍රි. දෝෂාරෝපණය කරනවා; නින්දා අපහාස කරනවා; පරිභව කරනවා; ගර්හා කරනවා.
ගරහිත
වි. ගර්හා කරන ලද.
ගර්ජනය
1. නා. අහස ගෙරවීම; මේඝ ගර්ජනය.
2. නා. (සිංහල, ව්යාඝ්ර ආදී සතුන්ගේ) හඬ නැගීම.
ගර්තය
1. නා. වළ, ආවාටය.
2. (පාරිභා.) නා. පෙනහළුවල ඇති ඉතා කුඩා වායු සිදුරු.
ගර්තික
වි. කුඩා කෙවෙනි හෝ කුහර හෝ පිළිබඳ වූ; ගර්භය හා සම්බන්ධ.
ගර්තීය
(පාරිභා.) වි. මී වදයක මෙන් කුහර සහිත.
ගර්භ
වි. ඇතුළත්; අන්තර්ගත; ගැප් වූ.
ගර්භ ක්ෂේත්රය
(පාරිභා.) නා. ගර්භාෂයේ ඇතුළු පැත්තේ පිහිටි ඕජස් සහිත සිවිය.
ගර්භ ගල
නා. (දාගැබක මංගල වස්තු තැන්පත් කිරීම සඳහා සැකසූ) සම සතරැස් ගල් පුවරුව; යන්ත්‍රගල.
ගර්භ ග්‍රහණය
නා. මව්කුස පිළිසිඳ ගැනීම; ගැබ් ගැනීම.
ගර්භ චලනය
නා. දරු ගැබෙහි සිටින දරුවාගේ සෙලවීම.