සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 574
ගහනය
1. නා. ඝනව පිහිටි සමූහය; ඝනවනාන්තරය; මූකලාන; වනලැහැබ.
2. (පාරිභා.) නා. ඇතුළු කණේ අර්ධ කවාකාර අස්ථිත නළය.
4. (පාරිභා.) නා. ගණාවාසය.
ගහපති කුටිය
නා. ගෘහපතියන් විසින් සංඝයාට කැප කොට පූජා කළ කුටිය.
ගහපතියා
1. නා. ගෘහපතියා; ගෙදර ප්‍රධානයා; ගෘහමූලිකයා; ගැහැවියා.
2. නා. ගහපති කුලයට අයත් තැනැත්තා.
ගහමග
(කථා.) නා. ග්‍රහයන්ගේ මාර්ගය; ආකාශය; ගුවන.
ගහමැණ
නා. ග්‍රහයන් අතර මාණික්‍යයක් වැනි වූව; ඉර; සූර්යයා.
ගහරජ
නා. ග්‍රහයන්ගේ රජ; චන්ද්‍රයා.
ගහවැස
නා. ගිහිගෙය විසීම; ගෘහවාසය.
ගහළ
නා.ප්‍ර. කුණු රොඩු; කුණු කසළ; අපද්‍රව්‍ය.
ගහළයා
1. නා. පාරතොට අතුගාන්නා; කසළ ශෝධකයා.
2. නා. වධකයා; අලුගෝසුවා.
ගහ්වරය
1. නා. කුහරය; ගුහාව.
2. (පාරිභා.) නා. මලක ඩිම්බ විකසනය වන කුහරය; කෝෂ්ඨය.
3. (පාරිභා.) නා. ශරීරයේ අවයවයක කුහරය; කෝෂිකාව.
ගහැදුරා
නා. නැකැත් ශාස්ත්‍රය දත් තැනැත්තා; ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා.
ගළ
1. නා.ප්‍ර. සමූහය; රාශිය; එකතුව; නිකාය.
2. නා.ප්‍ර. වන රොද; ගුම්බය; රාජිය.
3. නා.ප්‍ර. ඇත් කුඹය; හස්ති කුම්භය.
වි. වැගුරුණු; ගළිත; ගළිහුණු.
ගළතනවා
ක්‍රි. සම්බන්ධ කරනවා; ගළපනවා; ඈදනවා.
ගළනවා
ක්‍රි. ගැට ගසනවා; බඳිනවා; සම්බන්ධ කරනවා.
ගළපනවා
1. ක්‍රි. එකිනෙකට සම්බන්ධ කරනවා ; ඈඳනවා; සන්ධි කරනවා.
2. ක්‍රි. යෝග්‍ය කරනවා; අනුකූල තත්ත්වයකට පමුණුවනවා.
3. ක්‍රි. රචනා කරනවා; ප්‍රබන්ධ කරනවා.
ගළවටුව
(කථා.) නා. කමත මැද සිටුවන කණුවේ හරකුන් බඳින ලණුවළල්ල.
ග්ලාන
වි. ගිලන්; රෝගී; ලෙඩ වූ.
ග්ලානප්‍රත්‍යය
නා.ප්‍ර. රෝගී වූ හෝ පීඩා හෝ පැවිද්දන්ට දිය යුතු බෙහෙත් ද්‍රව්‍ය, පථ්‍ය ආහාර ආදිය; ගිලන්පස.
ග්ලානිය
නා. ගිලන් බව; ලෙඩ වීම.
ග්ලානෝපස්ථානය
නා. ගිලනුන්ට උපස්ථාන කිරීම.
ග්ලැසියරය
(පාරිභා.) නා. උස් බිම්හි හිමපතනය නිසා එකතු වී හිම ඉමෙන් ඉහළ මට්ටමේ සිට පොළෝ ආකර්ෂණය හේතු කොටගෙන නිම්නයක් ඔස්සේ බසින අයිස් කඳ (=glacier).
ග්ලිෂ්ට
1. වි. වැළඳගත් ; එකතුවූ.
2. සිලුටු ; රළු නැති.
3. (පාරිභා.) කැටි ගැසුණු.
ග්ලිසරින්
(පාරිභා.) නා.ප්‍ර. උකු, ජලාකර්ෂක, අවර්ණ රසායන ද්‍රව්‍යයක්; ග්ලිසරොල් (=glycerine).
ග්ලූකෝස්
නා.ප්‍ර. ආහාරයට ගත් විට ක්ෂණික ලෙස ශරීරයට උරා ගත හැකි සියුම් ව සැකසූ සීනි විශේෂයක්; මිදි සීනි; ඩෙක්ස්ට්‍රොස්.