සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 575
ග්රථනය
නා. ගෙතීම; එකට බැඳීම.
ග්රථිත
වි. ගොතන ලද; ගැටගැසුණු.
ග්රන්ථ
1. නා.ප්ර. පොත; පුස්තකය; ප්රබන්ධය.
2. නා.ප්ර. ගැට ගැසීම; බැඳීම.
3. නා.ප්ර. සත්ත්වයා සසර බඳින වෙළන ක්ලේශ ධර්ම.
4. නා.ප්ර. සමහර ගස්වල කඳේ සෑදෙන ගැට.
ග්රන්ථ ගෞරවය
නා. පොතක අගනාබව.
ග්රන්ථ චෞරයා
නා. අන්ය කෘතියක ඇතුළත් කරුණු අදහස් ආදිය ගෙන තමාගේ බව අඟවමින් ඉදිරිපත් කරන තැනැත්තා.
ග්රන්ථ ඥානය
නා. පොත්පත් කියවීමෙන් ලබා ගන්නා නුවණ.
ග්රන්ථ ධුරය
නා. ත්රිපිටක බුද්ධ ධර්මය කටපාඩමින් කර (ඉගෙන) සිත්හි දරාගැනීම.
ග්රන්ථ භාෂාව
නා. පොත්පත් ලිවීමේ යොදා ගන්නා බස් වහර; ව්යාකරණානුකූල භාෂාව; ලියන බස.
ග්රන්ථකරණය
නා. පොත්පත් ලිවීම; ග්රන්ථ සම්පාදනය.
ග්රන්ථධර
වි. පොත් කියවා ලත් දැනුම ඇති; ග්රන්ථ කටපාඩමින් උගත්.
ග්රන්ථනය
1. නා. ගෙතීම; වෙළීම; ඇමිණීම; ගැටගැසීම.
2. නා. ශරීරයේ උඩු සමට යටින් පිහිටි සියුම් නාලිකා එක් වී සෑදෙන තන්තු කෙඳි.
3. නා. ග්රන්ථකරණය.
ග්රන්ථවිශාරද
වි. ග්රන්ථ පිළිබඳ උසස් දැනුමක් හා පාණ්ඩිත්යයක් ඇති; ග්රන්ථ සම්පාදනයෙහි දක්ෂ.
ග්රන්ථශෝධක
නා.ප්ර. ග්රන්ථයක අපපාඨ ආදිය නිවැරදි කොට ග්රන්ථ සංශෝධනය කරන්නා; ග්රන්ථ සංස්කරණය කරන්නා.
ග්රන්ථාංශය
නා. ග්රන්ථයක කොටස ඡේදය හෝ පරිච්ඡේදය.
ග්රන්ථාගත
වි. ග්රන්ථයක සඳහන් වී ඇති; පොත්වල ඇතුළත්.
ග්රන්ථාන්තර
නා.ප්ර. වෙනත් පොතපත; අන්ය ග්රන්ථ.
වි. පොතපතහි එන; ග්රන්ථවල ඇතුළත්.
ග්රන්ථාරම්භය
[ග්රන්ථ + ආරම්භය]
නා. පොතක පටන් ගැන්ම; පොතක ආරම්භයේ ලියන හැඳින්වීම හෝ ප්රස්තාවනාව.
ග්රන්ථාර්ණවය
ග්රන්ථාරූඪ
[ග්රන්ථ + ආරූඪ]
වි. ලේඛනයට / පොතපතට නැංවී ඇති; පොත්වල සටහන් වූ.
ග්රන්ථාවලිය
ග්රන්ථි
1. නා. ගැට; ගැටලු.
2. නා. සත්ත්ව ශරිරයේ ස්වයංක්රීය සෛලවලින් නිර්මිත ගැට වැනි ඉන්ද්රිය විශේෂය; කුද්දටි.
ග්රන්ථි අර්ථය
නා. තේරුම් ගැනීමට අපහසු තැන්වල අදහස; දුරවබෝධ තැන්හි අර්ථය.
ග්රන්ථි ස්ථානය
නා. ගැටලුවක් ඇති තැන; ගැටලු සහිත තැන; අර්ථය තේරුම් ගැනීමට දුෂ්කර තැන.
ග්රන්ථිකා
නා.ප්ර. කෙටි ප්රබන්ධය; කිසියම් තනි සිද්ධියක් මුල් කොට ලියනු ලබන කෙටි කාව්යය.