සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 716

තඹරසතුරු

නා.ප්‍ර. හඳ; චන්ද්‍රයා.

තඹරසිය

නා.ප්‍ර. හිරු; සූර්යයා.

තඹරසිළු

නා.ප්‍ර. තඹවන් ශිඛාවක් ඇත්තා; කුකුළා; සැවුලා.

තඹරිළු

[තඹර + ඉළු]
1. නා.ප්‍ර. තඹුරු වනය.
2. නා.ප්‍ර. හෝතඹුවා.

තඹරුකුරු

[තඹුරු + අකුරු]
නා.ප්‍ර. නෙළුම් පොහොට්ටුව; පියුම් කැකුළ.

තඹරෝර

නා. නෙළුම් මලේ ඇතුළත; පියුම් ගැබ; තාමරසෝදරය.

තඹල

වි. තඹ පාටින් යුත්; දුඹුරු.
නා.ප්‍ර. තඹ පාට; ළා රතු පැහැය.

තඹලේරුව

නා. බීම සඳහා භාවිත කරන භාජනයක්; වීදුරුව.

තඹලෝදිය

[තඹර + ලෝදිය]
නා. තඹ ලෝහය උණු වීමෙන් ඇතිවන උකු ද්‍රාවය.

තඹලෝපස්

නා.ප්‍ර. තඹ ලබා ගැනීම සඳහා පොළොවෙන් හාරා ගන්නා පස් විශේෂය.

තඹලෝහාලේපනය

නා. තඹ ලෝහය උණු කළ ද්‍රවය ආලේප කිරීම; තඹ ගෑම.

තඹවන්

වි. තඹ පැහැති; ගුරු පාට වූ.

තඹවිටි

වි. තඹ පැහැති කෙහෙ රැවුල් ඇති.

තඹසියකුල

[තඹර + සිය + කුල]
නා.ප්‍ර. රිවි කුලය; සූර්යවංශය.

තඹහුලහ

නා. ඉතා සුළු අගය; අංශුමාත්‍ර වටිනාකම.

තඹුනෙල්

නා.ප්‍ර. පොල් වර්ගයක නාමය.

තඹුරු වනය

නා. පියුම් වනය.

තඹුරුකල්

නා. නෙළුමෙහි සිටින කාන්තාව වන සිරිකත; ශ්‍රී කාන්තාව.

තඹුරුකල්පති

නා.ප්‍ර. විෂ්ණු දෙවියා.

තඹුරුමිතුරු

නා.ප්‍ර. සූර්යයා.

තඹුවා

1. නා. තඹවන් කෙහෙ ඇත්තා.
2. නා. හිවලා; නරියා.
3. නා. හෝතඹුවා.
4. නා. රතුපාට කරදිය මාලුවෙක්.

තයම

නා. කූට උපාය; රැවටිල්ල.

තයමයින්

නා. බී (1) විටමිනය.

තයිපොංගල්

(කථා.) නා.ප්‍ර. හින්දු භක්තිකයන්ගේ වාර්ෂික සංස්කෘතික උත්සවය.