සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 862
දූලි කුණාටුව
නා. වාතය පුරා වැලි සහ ධූලි නංවමින් හමන කුණාටුව; කාන්තාර හරහා හමන වේගවත් සුළඟින් දූවිලි නැඟී ඇතිවන කුණාටුව.
දූලි වසුන
(පාරිභා.) නා. රථ රෝදවල සුළං ගැසීමට යොදා ගනු ලබන වැල්වයෙහි ඇතුළට දූවිලි ආදිය යෑම වැළැක්වීම පිණිස වසා තැබීමට සවිකර ඇති පියන (=dust cap).
දූලිකඩ
(පාරිභා.) නා.ප්‍ර. දූවිලි ගසා දමන රෙදිකඩ (=duster).
දූලිකඩ වැස්ම
(පාරිභා.) නා. පොත්පත් වැනි දෑ දූවිල්ලෙන් ආරක්ෂා කරගැනීම සඳහා යොදන කවරය. (=dust cover).
දූව
නා. හාත්පසින් ජලයෙන් වට වූ කුඩා බිම් කොටස; දූපත; කුඩා දිවයින.
දූෂක
වි. කිලිටි කරන; අපවිත්‍ර කරන.
දූෂකයා
1. නා. කිළිටි කරන්නා; කෙළෙසන්නා.
2. නා. කාන්තාවන්ට හෝ දරුවන්ට අපචාර ක්රියාකරන්නා.
3. නා. දුශ්ශීල පැවතුම් ඇත්තා; විනාශකාරි හැසිරීම් ඇත්තා.
දූෂණ
1. වි. කිලුටු; අපිරිසිදු; අපවිත්‍ර.
2. වි. නුසුදුසු; අයථා; නීති විරෝධි.
දූෂණය
1. නා. අපිරිසිදු වීම; කිලුටු වීම.
2. නා. සමාජ විරෝධී කටයුත්ත; නීති විරෝධී ක්‍රියාව; අකටයුත්ත.
3. නා. ස්ත්රීන්ට හා දරුවන්ට බලහත්කාරකම් කිරීම; කාමාපරාධ කිරීම.
දූෂ්‍ය
වි. කිලිටි; අපිරිසිදු; දොසින් යුත්.
දූෂිත
වි. අපිරිසිදු වුණු; කෙලෙසුණු; දූෂණය වූ.
දූසමාන
වි. අනුමාන; අවිනිශ්චිත; සැක සහිත.
දූසාව
නා. බොරු ආරංචිය; අසත්‍ය ප්‍රවෘත්තිය.
දූසොඬ
වි. සූදු ක්‍රීඩාවෙහි ගිජු; දූකෙළියෙහි ඇලුණු.
දූහනය
(පාරිභා.) නා. පියවි ඇසට පෙනෙන (ක්ෂුද්‍ර ජීවීන් නොවන) පරපෝෂිතයන් විසින් ආක්‍රමණය කිරීම.
දූළඳ
නා. දුහිතෘ වූ කාන්තාව; දියණිය.
දෘක්ශක්තිය
නා. දැකීමේ හැකියාව.
දෘකාණ
නා.ප්‍ර. (ජ්‍යෝති.) රාශියක් තුනට බෙදු කොටසක ප්‍රමාණය; දෙර්කාණය.
දෘඩොත්සාහය
නා. බලවත් උත්සාහය.
දෘඪ
1. වි. දැඩි; දළ; තද; ස්ථාවර; අනම්‍ය.
2. වි. දැඩි ව එල්බ ගත්.
3. වි. රළු; ගොරෝසු; කටුක.
දෘඪ ග්‍රහණය
1. නා. තදින් අල්ලා ගැනීම; දැඩි සේ ගැනීම.
2. නා. සිත්හි දැඩිලෙස ධාරණය කර ගැනීම; දැඩි ව එල්බ ගැනීම.
දෘඪ ව්‍රතය
නා. කටුක පැවැත්ම; දැඩි පැවැත්ම; උග්රචර්යාව.
දෘඪග්‍රාහී
වි. දැඩි ව ගන්නාසුලු; තදින් එල්බ ගන්නා.