සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 865
දෘෂ්ටින්ද්රිය
නා.ප්‍ර. පෙනීම ඇති කරන ඉන්ද්රිය; ඇස.
දෘෂ්ටිය
1. නා. පෙනීම; ඇස් පෙනීමේ ශක්තිය
2. නා. මනසින් දැකීම; මානසිකව පෙනීම.
3. නා. ඇදහිල්ල; විශ්වාසය.
4. නා. වැරදි සහගත දැකීම; මිථ්‍යා දෘෂ්ටිය.
5. නා. ග්රහයින්ගේ ආලෝකය එකිනෙකා කෙරෙහි වැටීම.
දෘෂ්ටිවාදියා
නා. මිථ්‍යා ඇදහිලි ඇත්තා; මිථ්යාලබ්ධිවාදයෙහි පිහිටි තැනැත්තා.
දෘෂ්ටිවිතාන ධමනිය
(පාරිභා.) නා. දෘෂ්ටිවිතානයට ලේ සපයන රුධිරවාහිනිය.
දෘෂ්ටිවිතානය
නා. අක්ෂි ගෝලයේ පිටතින් වූ පටලය; දෘෂ්ටිගෝලය ආවරණය වූ සංවේදී ස්තරය.
දෘෂ්ටිවිපන්න
වි. වැරදි දෘෂ්ටියට ගිය; දෘෂ්ටියෙන් වැරදි මඟට පැමිණි.
දෘස්ටි අභිනිවේශය
(පාරිභා.) නා. පෙනීමට හසු වන වස්තුවෙන් ඇස ඉවත් කළ පසු ද එහි රූපය ඇසෙහි රැඳී පැවතීම.
දෙ
1. නා.ප්‍ර. දෙක; ද්වි සංඛ්‍යාව; ද්විත්වය; දෙගුණය; යුගලය.
2. නා.ප්‍ර. දෙය; ද්‍රව්‍යය; කාරණය; විෂයය.
3. නා.ප්‍ර. ශරීරය; දේහය; කය.
දෙ අඩපලම
නා. බෙහෙත් ද්‍රව්‍ය ආදිය කිරීමේ දී භාවිත කරනු ලබන බර මිණුමක්; කළන් දොළහක බර.
දෙ අඩමස
නා. පුර අව යන පක්ෂ දෙක; චන්ද්‍රමාසය; අර්ධ මාස දෙක.
දෙ අතුර
නා. දෙකකට අතර; දෙකකට මැද; උභයාන්තරය.
දෙ ඇලය
1. නා. දෙපැත්ත; දෙපාර්ශ්වය; අංශ දෙක.
2. නා. ශරීරයේ ඇලපත් දෙක; වම් ඇලය හා දකුණු ඇලය.
දෙඅක
නා. බර කිරීමේ පුරාතන මිම්මක්; අක දෙකක නොහොත් වී ඇට හතළිහක බර.
දෙඇස් බෙර
නා.ප්‍ර. බෙර කඳ දෙපැත්තේ මුහුණත් දෙකක් ඇති බෙර විශේෂය.
දෙඋර
නා.ප්‍ර. උරහිස් දෙක; දෙ උරය.
දෙඋරස්
වි. එක පිට එක වැටෙන ඉදිරිපස කොටස් සහිත (උඩුකයේ ඇඳුම සම්බන්ධයෙන් ව්‍යවහාර වේ).
දෙකක් කරනවා
1. ක්‍රි. දෙකට බෙදනවා; දෙකකට වෙන් කරනවා; දෙබේ කරනවා.
2. ක්‍රි. තදින් කලබල කරනවා; දෙවනත් කරනවා.
දෙකට දෙවාරමේ
ක්‍රි.වි. දෙගිඩියාවෙන්; තීරණයක් නැතිව; අවිනිශ්චිත ස්වභාවයෙන්.
දෙකට යතුර
(පාරිභා.) නා. ඇණ ගැලවීමට ගන්නා කටවල් දෙකක් ඇති යතුර; දෙ කොන ම භාවිත කළ හැකි යතුර.
දෙකටසන
නා. හූ හඬ දෙකක දුර ප්‍රමාණය; දෙ හූවක දුර.
දෙකට්ටුව
නා. (රජ, දෙවි, විනිසකරු ආදි) සම්භාවනීය පුද්ගල යුගලයකින් සමන්විත මණ්ඩලය.
දෙකඩ
නා. දෙකොටස; කැබලි දෙක; කොටස් දෙක; දෙපලුව.
දෙකරල
නා. කන්න දෙකින් ලබාගන්නා අස්වනු දෙක; යලමහ දෙකේ ගොවිතැනින් ලැබෙන අස්වැන්න.
දෙකරල් වෙළුම
(පාරිභා.) නා. තුවාල වෙළුම් ක්‍රමයක්; තිරිඟු හෝ බාර්ලි කරල් දෙකක ආකාරයට වෙළුම් පටියෙන් තුවාලයක් වෙළීම.