සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 864
දෘෂ්ටි
වි. ඇසට අයත්; ඇස හා සම්බන්ධ; පෙනීම හෝ දැකීම පිළිබඳ.
1. නා.ප්‍ර. මතය.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. ග්‍රහයකුට තවත් ග්‍රහයකුගේ ආලෝකය වැටීම; ග්‍රහයන් එකිනෙකා දැකීම.
දෘෂ්ටි අක්ෂය
(පාරිභා.) නා. ඇසේ අක්ෂය; ඇසේ බබාගේත් (කනීනිකාවේත්) පළිඟු කාචයේත් කේන්ද්‍ර අතර ඇතැයි සැලකෙන ඍජු රේඛාව හෙවත් අක්ෂය. (=optic axis).
දෘෂ්ටි අසමතාව
(පාරිභා.) නා. ඇසේ ව්‍යුහයේ ඌනතාව; විෂම දෘෂ්ටිකතාව.
දෘෂ්ටි උපකරණය
(පාරිභා.) නා. ඇසේ පෙනීම පවත්වා ගැනීමට උදවු වන මෙවලම; ඇස් කන්නාඩිය (=optical instrument).
දෘෂ්ටි කෝණය
1. නා. (පාරිභා.) ඇසට පෙනෙන යම් වස්තුවක බාහිර සීමාවේ සිට විහිදෙන රේඛා එක්වීමෙන් දෘෂ්ටි විතානය මත සෑදෙන කෝණය (=visual angle).
2. නා. යම් වස්තුවක් හෝ කාරණයක් හෝ දෙස බලන ආකාරය; බලන අංශය; දක්වන ආකල්පය.
දෘෂ්ටි ගතිකයා
නා. වැරදි විශ්වාස වැලඳ ගත් තැනැත්තා; මිථ්‍යා ඇදහිලිවල තදින් එල්බ ගත් තැනැත්තා.
දෘෂ්ටි ග්‍රාහය
නා. මිථ්‍යා අදහස් තදින් ගැනීම.
දෘෂ්ටි චලනය
(පාරිභා.) නා. සාමාන්‍ය බැල්මට පෙනෙන සෙලවීම; චලිතයට බලපාන බාහිර කරුණු ගණන් නොගත් විට පෙන්නුම් කෙරෙන සෙලවීම (=apparent movement).
දෘෂ්ටි තීක්ෂ්ණතාව
(පාරිභා.) නා. ඇස් පෙනීමේ තියුණු බව; දැකීමේ සියුම්බව.
දෘෂ්ටි පථය
නා. මසැසට පෙනෙන තෙක් මානය.
දෘෂ්ටි පාතය
නා. නෙත් යොමු කිරීම; බැලීම; නෙත් හෙළීම.
දෘෂ්ටි මණ්ඩලය
1. නා. ඇසේ පෙනීමට හේතු වන මණ්ඩලාකාර කුඩා කොටස; ඇහේ බබා.
2. නා. හාත්පසින් ඇසට පෙනෙන තෙක් මානය; ඇසට පෙනෙන ප්‍රමාණය.
දෘෂ්ටි මායාව
(පාරිභා.) නා. පෙනීමෙන් ඇස රැවටීම; නොපවතින දෙයක් පවතින ලෙසින් ඇසට පෙනීම; මායාමය දෘෂ්ටිය.
දෘෂ්ටි රූල
(පාරිභා.) නා. බිම් මිනුමේ දී භාවිත කරන උපකරණයක් (=sight ruler).
දෘෂ්ටි විකෘතිය
නා. ඇසට පෙනෙන දෑ ඒවායේ නියම ස්වරූපයෙන් නොපෙනී විකෘතව පෙනීම.
දෘෂ්ටි විතානිකාව
(පාරිභා.) නා. ඇසේ ස්ඵටික සෛලවලට යටින් පිහිටි සෛල සමූහය (=retinula).
දෘෂ්ටි විද්‍යාව
(පාරිභා.) නා. ආලෝකය සහ ඇස අතර සම්බන්ධය පිළිබඳව විද්‍යාව.
දෘෂ්ටි වෛවර්ණ්යය
නා. වර්ණ අඳුනා ගැනීමේ දුර්වලතාව.
දෘෂ්ටි ශාස්ත්‍රඥයා
නා. ඇස් පෙනීම පිළිබඳ උපකරණ සාදන්නා; ඇස් කන්නාඩි සාදන්නා.
දෘෂ්ටි හීනත්වය
1. (පාරිභා.) නා. ඇසේ පෙනීමේ මඳබව; දෘෂ්ටි ස්නායුවේ දුබල බැවින් අඩක් අන්ධ වීම.
2. නා. ඇසේ ව්‍යුහයේ හෝ දෘෂ්ටි ස්නායුවේ දැන ගත හැකි වරදක් නැති ව අන්ධ වීම.
දෘෂ්ටික ජිද්‍රය
(පාරිභා.) නා. අක්ෂි කූපය පිටුපසින් දෘෂ්ටික ස්නායුවට සහ රුධිර නාලවලට ඇස තුළට පිවිසීම සඳහා මග සලසන සිදුර.
දෘෂ්ටික බිම්බය
නා. ඇසේ දෘෂ්ටි විතානයේ පිහිටි සුදු තිත; නේත්‍ර කනීනිකා පටල; අන්ධ බින්දුව.
දෘෂ්ටික ස්නායුව
නා. පෙනීම (දෘෂ්ටිය) පිළිබඳ දෙවැනි කපාල ස්නායුව.
දෘෂ්ටිගෝචර
වි. ඇසට ගොදුරු වන; පෙනීමට හසු වන.