සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 932
නිර්ග්රන්ථික
(පාරිභා.) වි. ග්‍රන්ථි නැති; ද්‍රව කූපවලින් තොර වූ.
නිර්ගුණ
1. වි. යහපත් ගුණ නැති; ගුණවත්බවින් තොර; පහ වූ ගුණ ඇති.
2. (භා.දර්ශන.) වි. පදාර්ථ මත පිහිටි; පදාර්ථ විශේෂත්වය ප්‍රකට කරන ධර්මතාවලින් තොර; රූප රස ගන්ධ ආදි සූවිසි ගුණවලින් පහ වූ.
නිර්ගුම්බය
නා. අවුල් නැතිබව; නිරවුල්බව; පැටලුම් නැතිබව.
නිර්ඝාත
නා.ප්‍ර. අකුණ; හෙණපාර; අසනිය.
නිර්ඝාතනය
නා. පහ කිරීම; ඉවත් කිරීම; පිට කිරීම.
නිර්ඝෝෂණය
නා. රැව් පිළිරුව් හඬ; ඝෝෂාව.
නිර්ජට
වි. ගැට නැති; අවුල්වලින් තොර.
නිර්ජන
වි. ජනාවාසයෙන් තොර; ජනශූන්‍ය; පාළු.
නිර්ජර
වි. ජරාවට නොයන; දිරාපත් නොවන.
නා.ප්‍ර. දෙවියා.
නිර්ජල
1. වි. ජලයෙන් තොර; ජලය නැති; වියළි; ශුෂ්ක.
2. වි. ස්ඵටිකායික හෝ සම්මිශ්රිත වූ ජල මාත්‍රයක් නොමැති (=anhydrous).
නිර්ජල ක්ලෝමීය
(පාරිභා.) වි. කරමල රහිත; ශ්වසනය සඳහා කරමලක් නැති (=abranchiate).
නිර්ජල කෝෂය
(පාරිභා.) නා. වියළි කෝෂය; ශුෂ්ක කෝෂය; නිරුදක බැටරිය (=dry cell).
නිර්ජලකය
(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයකට බැඳී ඇති ජලය ඉවත් කළ විට ඉතිරි වන ද්‍රව්‍යය; ජලය රහිත (=anhydride).
නිර්ජාතිකත්වය
නා. ජාතිකත්වයෙන් තොරබව.
නිර්ඣරය
නා. උස් තැනකින් පහතට ඇද හැලෙන ජලධාරාව; දිය ඇල්ල; ගඟුලැල්ල.
නිර්ණය
1. නා.ප්‍ර. නිශ්චය; අනුමිතිය; නිගමනය.
2. නා.ප්‍ර. විනිශ්චය; තීන්දුව; තීරණය.
නිර්ණාමික
වි. (ලියූ තැනැත්තාගේ හෝ අයිතිකරුගේ) නම සඳහන් නොවන; නාමය නොදැක්වූ; කර්තෘ නාමය නොයෙදූ.
නිර්ණායක
වි. නිශ්චය කරන; ප්‍රමාණ කරන; තීරණය කරන.
නා.ප්‍ර. නිර්ණයට වහල් වන සාධකය; නිර්ණ හේතුව.
නිර්ණායනය
නා. අගය කිරීම; අගය නිශ්චය කිරීම; තත්ත්වය ඇගයීම.
නිර්ණිත
වි. තීරණය කරන ලද; නිශ්චය කරන ලද.
නිර්ණේජකයා
නා. රෙදි සේදීම වෘත්තිය කරගත් තැනැත්තා; රජකයා.
නිර්දන්ත
(පාරිභා.) වි. විදුරුමසින් උඩට වැඩුණු දත් නැති.
නා.ප්‍ර. විදුරුමසින් උඩට දත් නැති ක්ෂීරපායී ගණයට අයත් සත්ත්ව විශේෂය (=edentate).
නිර්දය
වි. දයාව නැති; කරුණාවෙන් තොර; අනුකම්පා විරහිත; දැඩි.
නිර්දශ
වි. ආශ්‍රවයන් ක්ෂය කරන; අර්හත්වය ලබාදෙන.