සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 931
නිරවද්‍යය
1. නා. වරදින් තොරවූව; දෝෂයක් නොමැති දෙය; අඩුලුහුඬුකමක් නොමැති දෙය; යහපත් දෙය.
2. නා. දෝෂයක්, අඩුලුහුඬුකමක්, වරදක් නොමැතිබව.
නිරවධි
වි. සීමාවක් නැති; අප්‍රමාණ.
නිරවනත
වි. නොනැමුණු; ඇද නැති; කෙළින්.
නිරවබෝධය
වි. තේරුම් නොගත් බව; අවබෝධයක් නැතිකම; නොදත්කම.
නිරවයව
නිරවරෝධ
වි. බාධාවකින් තොර; විරුද්ධත්වයක් නැති.
නිරවශිෂ්ට
1. වි. ඉතිරියක් නැති; සම්පූර්ණ; සියලු; අනූන.
2. වි. වෙනස් නොවන; ඒකාන්ත; සර්වග්රාහී
3. (දර්ශන.) වි. අවශ්‍ය වූ ද වැදගත් වූ ද සියල්ල ඇතුළත් වන; සවිස්තර.
නිරවශේෂය
1. නා. සම්පූර්ණයෙන් අවසන් කිරීම; කම්මුතුව.
2. නා. විනාශය.
නිරවසාන
වි. අවසන් නොවූ; කෙළවරකට පත් නොවූ.
නිරවැද්ද
නා.ප්‍ර. නිවරැද්ද; නිරවද්‍ය.
නිරවුල්
වි. අවුලක් නැති; පැටලීමක් නොමැති; නිරාකුල; පැහැදිලි.
නිරවුල් කරනවා
1. ක්‍රි. අවුල් හරිනවා; දුෂ්කර ස්ථාන පැහැදිලි කරනවා; ගැටමුසු තැන් තේරුම් කරනවා.
2. ක්‍රි. බේරුම් කරනවා; සමථ කරනවා; සම්බාධක දුරු කරනවා.
3. ක්‍රි. වියවුලින් තොර කරනවා; සාමය ඇති කරනවා.
නිරස
1. වි. රසයෙන් තොර; රස සුන්; අමිහිරි.
2. වි. දියර ගතිය නැති; යුෂ රහිත.
1. නා.ප්‍ර. රසයක් නැතිකම; නීරසබව.
2. නා.ප්‍ර. වියළි දෙය.
නිරසක්
නා.ප්‍ර. සැක නැතිකම; ශඞ්කා රහිතබව.
නිරසනය
1. වි. ඉවතලීම; බැහැර කිරීම; නෙරපීම.
2. වි. තහනම.
3. වි. විනාශය; ඝාතනය.
නිරස්ත
වි. ඉවත් කරන ලද; දුරු කළා වූ; විධ්වංශනය කරනු ලැබූ.
නිරස්ථි
නිරහංකාර
1. වි. උඩඟු නොවූ; ආඩම්බර නැති; නිහතමානි.
2. වි. සරල; ආටෝප රහිත.
නිර්
උ. සිංහල භාෂාවෙහි තත්සම වශයෙන් නිෂේධ, නිෂ්ක්‍රාන්ත සහ නිශ්ශේෂ යන අර්ථවල යෙදෙන උපසර්ගයක්.
නිර්ගත
වි. බැහැරට ගිය; පිටතට ගමන් කළ; ඉවත් ව ගිය.
නිර්ගම
වි. නික්ම යන; පිට වන; බැහැරට යන.
නිර්ගමන නලය
(පාරිභා.) නා. පිට වෙන නලය; නිකුත් කරන නාලය (=exit tube).
නිර්ගමය
1. නා. පිටවීම; නිකුත්වීම; ඉවත් ව යෑම.
2.(පාරිභා.) නා. නික්මවන උපකරණය; පිට කරන උපකරණය (=exhaust).
නිර්ග්රන්ථ
වි. කෙලෙස් ගැට නැතැයි යන වාදය ඇති; නිගණ්ඨ.