සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 958

නිහන්කාර

(කථා.) වි. නිරහංකාර; උඩඟු නැති.

නිහර

නා.ප්‍ර. පිනි බින්දු; තුෂාර; හිම.

නිහාරිකා

(පාරිභා.) නා.ප්‍ර. සෞරග්‍රහ මණ්ඩල සීමාවෙන් පිටත අතිදුර ආකාශයෙහි දක්නට ලැබෙන වලාකුළු බඳු නොපැහැදිලි තාරකාවලිය.

නිහාරිකාව

(පාරිභා.) නා. තාරකා සමූහයක් නිසා හෝ වායුමය ද්‍රව්‍යයක් නිසා හෝ සෑදී සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඉතා ඈත පිහිටි යන්තමින් පෙනෙන නොපැහැදිලි තාරකාවලිය.

නිහාලු

වි. නිවට; නියාලු.

නිහැඬියාය

නා. නිහඬබව; නිශ්ශබ්දතාව; ඝෝෂා රහිත බව.

නිහිත

වි. පිහිටුවා ගන්නා ලද; තැන්පත් කළ; තබන ලද; ස්ථාපිත.

නිහින්දු

වි. පහත්; නිහීන; නින්දා සහගත.

නිහින්දුව

නා. නින්දාව; පහත්කම.

නිහිම්

ක්‍රි.වි. සීමා නැති ව; සම්පූර්ණයෙන් ම; මුළුමනින් ම.

නිහිය

ක්‍රි.වි. සෙමෙන්; ඉක්මන් නොවී.

නිහීන

වි. ලාමක; පහත්; දීන; නීච.

නිහීනයා

නා. ලාමක පුද්ගලයා; පහත්ගති ඇත්තා; නීචයා.

නිහුණු

නා.ප්‍ර. ආයුධ මුවහත් තබන ගල; හණගල.

නිහුණු ගානවා

ක්‍රි. හණ ගහනවා; මුවහත් කරනවා.

නිළිය

නා. නාටිකාංගනාව; නළඟන.

නී

1. නා.ප්‍ර. වතුර; ජලය; දිය.
2. නා.ප්‍ර. නදිය; ගඟ.
3. නා.ප්‍ර. නිධානය; නිධිය.
4. නා.ප්‍ර. නාදය; හඬ; අහස් ගිගුරුම; මේඝ ගර්ජනාව.
5. නා.ප්‍ර. නියපොත්ත; නිය.
6. නා.ප්‍ර. නුවණ; ඥානය; ප්‍රඥාව.
7. නා.ප්‍ර. නීතිය.

නීකාර

වි. කේලම් කියන; නින්දා කරන; ගැරහුම් කරන.

නීකාශ

වි. සමාන; සම වූ; සදෘශ.

නීකාශය

නා. නිශ්චිතය; සහතික භාවය.

නීකුසුම්

නා.ප්‍ර. බක්මී මල්.

නීච

1. නා. පහත්; හීන.
2. නා. ප්‍රමාණයෙන් කුඩා.

නීච භාණ්ඩ

(පාරිභා.) නා.ප්‍ර. පහත් මිල පරිමාණයක් හා අඩු පාරිභෝගික සංඛ්‍යාවක් ඇති භාණ්ඩ.