සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 957

නිසැදුරු

නා.ප්‍ර. (විනය.) නවක භික්ෂූන්ට නිස්සය හෙවත් නිස උගන්වන ආචාර්යවරයා.

නිසි

1. වි. සුදුසු; යෝග්‍ය; ගැළපෙන; අවශ්‍ය.
2. වි. නිත්‍ය; ස්ථිර නියත.

නිසිණිය

නා. ඉණිමඟ; හිණ; පඩිපෙළ.

නිසිත

නා. ව්‍යංජනාක්ෂර; හල් අකුරු.
වි. තියුණු කළ; තීක්ෂ්ණ වූ; මුවහත් කළ.

නිසිත රැය

නා. මධ්‍යම රාත්‍රිය.

නිසිතා

වි. සුදුසු; යෝග්‍ය.

නිසින්

ක්‍රි.වි. නිතින්; නිත්‍ය වශයෙන්; සැබැවින්.

නිසින්න

වි. හිඳගත්; වාඩිගත්.

නිසින්නාසනය

1. නා. හිඳගත් අසුන.
2. නා. හිඳගත් විලාසය; හිඳගත් ඉරියවුව.

නිසිඳු

නා.ප්‍ර. රාත්‍රියට අධිපතියා; සඳ; චන්ද්‍රයා.

නිසිපිය

නා. රාත්‍රියෙහි ප්‍රියයා වූ චන්ද්‍රයා; සඳ.

නිසිම්

නා.ප්‍ර. (විනය.)සීමාවක් නැති තැන; සීමාවෙන් පිටත; අසීමාව.

නිසියාකාර

[නිසි + ආකාර]
ක්‍රි.වි. යෝග්‍ය පරිදි; සුදුසු අන්දමින්; නියම ආකාරයෙන්.

නිසිරි

1. වි. නිශ්‍රීක; නිසරු.
2. වි. ශ්‍රී නැති; අවාසනාවන්ත; කාලකණ්ණි; නින්දිත.

නිසීදනය

1. නා. හිඳීම; හිඳ ගැනීම.
2. නා. භික්ෂූන් වැඩ හිඳිනා ඇතිරිය හෝ සම්කඩ; පත්කඩ; ඇතිරිල්ල.

නිසු

වි. ඇසුරු කළ; ආශ්‍රයෙහි වාසය කරන; නිශ්‍රිත.

නිසෙනි

ක්‍රි.වි. මුළුමනින්; ඉතිරි නැති ව; ශේෂයක් නැති ව.

නිසේවිත

1. වි. ඇසුරු කරන ලද; වාසය කරනු ලැබූ; ගැවසී ගත්.
2. වි. පුරුදු කරන ලද; භාවිත කරන ලද.

නිසොර

වි. සොර නොවන.

නිසොල්මන

නා. නිසලබව; කතාබහක් නැතිබව; නිහඬතාව; නිශ්ශබ්දතාව.

නිසොල්මනේ

ක්‍රි.වි. හොර රහසේ; නිහඬව.

නිහඬ

වි. ශබ්දයක් නැති; නිශ්ශබ්ද.
1. නා. කළයුත්ත; කළ යුතු කාර්යය; කිරීමට අවශ්‍ය දෙය.
2. නා. සමෘද්ධිය; කාර්ය සිද්ධිය; සම්පූර්ණ කිරීම.

නිහඬුරු ලනවා

ක්‍රි. සෝ සුසුම් හෙළනවා; දුක් සුසුම් ලනවා.

නිහත

වි. නසන ලද; විනාශ කරන ලද.

නිහතමාන

වි. නසන ලද මානය ඇති; මානය වනසා දැමූ; මාන රහිත; ආඩම්බර නැති.