සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 994

පරංගි

1. නා.ප්‍ර. පෘතුගාලය ජන්මභුමිය කරගත් පුද්ගලයා ; පෘතුගීසි ජාතිකයා.
2. ලාදුරු වැනි බෝවෙන චර්ම රෝග විශේෂයක්.

පරක්කරනවා

ක්‍රි. ළදරුවන් නළවා ගන්නවා.

පරක්කුව

1. නා. ප්‍රමාදය.
2. බරක් උසුලාගෙන යාමට යොදාගන්නා උපකරණය.

පරකාසය

(කථා.) නා. 1. ප්‍රකාශය ; පැවසීම ; ප්‍රකාශ කිරිම.
2. ප්‍රසිද්ධිය ; ප්‍රචාරය.
3. පුහු ආත්මවර්ණතාව.

පරකීය

වි. අනුන් සතු ; අන්‍යයන් හා සම්බන්ධ ; අන් ජාතියකට නොහොත් දේශයකට අයත් ; ස්වකීය නුවූ.

පරචිත්ත විජානනය

නා. තම සිතින් අනුන්ගේ සිත දැනීම.

පරචිත්තය

නා. අනුන්ගේ සිත.

පරජීවියා

නා. වෙනත් සතකු මත හෝ තුළ එම සතාගේ ලේ උරා බොමින් ජීවත් වන සත්වයා : පරපෝෂිතයා.

පරණ

වි. කල් ඉක්ම ගිය ; පෙර පැවති ; පුරාණ ; පැරණි ; පෞරාණික ; අලුත් නොවන.

පරඬල්

නා.ප්‍ර. ඉදී වැටී වේලී ගිය කොළය ; බිම වැටී වේලී දිරා ගිය පත්‍රය.

පරතන්ත්‍ර

වි. අනුනට යටත් ; අනුන් වසඟයෙහි සිටින ; පරාධීන.

පරතන්ත්‍රවාදය

(පාරිභා.) නා. සියල්ලකම සම්බන්ධයක් ඇතැයි යන වාදය.

පරතරය

1. නා. සීමා දෙකක් අතර ඇති දුර ; දෙකක් අතර ඉඩ ප්‍රමාණය.
2. අවස්ථා දෙකක හෝ තත්ත්ව දෙකක ස්වභාවයේ වෙනස.

පරත්‍ර

නා.ප්‍ර. පරලොව.

පරතීරය

නා. ජල තලයක අනෙක් පැත්ත ; විරුද්ධ පාර්ශ්වයේ ඉවුර ; එගොඩ.

පරදාර

නා.ප්‍ර. තමනට අයිති නැති ස්ත්‍රිය ; පර අඹුව.

පරදාරය

නා. පර ස්ත්‍රී සේවනය ; කාමයෙහි වරදවා හැසිරීම ; කාමමිථ්‍යාචාරය.

පරදිනවා

ක්‍රි. පරාජයට පත් වෙනවා ; පරාජය වෙනවා ; අභිභවනය වෙනවා ; මර්දනය වෙනවා.

පරදුව

1. නා. ඔට්ටුවට තබන මුදල හෝ වස්තුව ; ඔට්ටුව.
2. විශ්වාසය කඩ නොවීම සඳහා සහතිකය වශයෙන් ඉදිරිපත් කරන දෙය ; ඇපය.

පරදේශය

නා. අනුන්ගේ රට ; පිටරට ; විදේශය.

පරදේශික

වි. පිටරටකට අයත් ; විදේශයකට සම්බන්ධ ; විදේශීය.

පරන්තප

1. නා.ප්‍ර. අනුන් යටපත් කිරීම ; සතුරන් මැඩලීම ; අනුන් තැවීම.
2. අනුන් මැඩලන්නා ; අනුන් තවන්නා.

පරපරාගණය

(පාරිභා.) නා. මලක පරාග එම ශාකයේම හෝ එම වර්ගයේම ශාකයක මලක හෝ වෙන මලක කලංකය මත පතිත වීම.

පරප්පුව

නා. පැතුරුණු භූමි භාගය; යාය; කඳුපෙළ; ප්‍රාන්තය.