සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 995
පරපුටු
වි. අනුන්ගෙන් පෝෂණය වන ; වෙනත් අයගෙන් යැපෙන ; පරපුෂ්ට
නා.ප්ර. උස්කෙටි නාද ඇති පක්ෂියෙක්; කොවුලා ; කෝකිලයා.
පරපුර
1. නා. පරම්පරාව ; වංශය ; ප්රවේණිය.
2. පෙළ ; පංක්තිය.
පරපුරුෂයා
1. නා. විවාහක ස්ත්රීයක් සමග නීත්යානුකූල නොවන සම්බන්ධතාවයක් පවත්වාගෙන යන (අනියම්) පුරුෂයා.
2. සිය සැමියා නොවන පුරුෂයා.
පරපෝෂණය
(පාරිභා.) නා. 1. වෙනත් සත්වයකුගේ ශාකයක හෝ ආධාරයෙන් ජීවත් වීම.
2. අනුන්ගෙන් යැපීම ; අනුන් නිසා ජීවත් වීම.
පරපෝෂිතයා
නා. සතෙකුගේ හෝ ශාකයක හෝ ආධාරයෙන් යැපෙන්නා ; පරපුටු.
පරබ්රහ්ම
1. නා.ප්ර. ලෝකයාගේ ප්රභවයට හේතු වී යැයි ඇතමුන් විසින් සැලකෙන ශ්රේෂ්ඨ ආත්මය ; පරමාත්මය.
2. ඊශ්වරයා.
පරම
වි. උපරිම ; උසස් ; උත්තම ; ශ්රේෂ්ඨ ; උත්කෘෂ්ට.
පරම අගය
නා. විශාලතම වටිනාකම ; ඉහළම අගය.
පරම අයිතිය
(පාරිභා.) නා. වෙනස් නොකළ හැකි හිමිකම ; නිශ්චිත අයිතිය.
පරම ප්රසාරණය
(පාරිභා.) නා. ප්රසාරණය විය හැකි ඉහළ ම ප්රමාණය ; උපරිම ප්රසාරණය.
පරම බලධාරි
(පාරිභා.) නා.ප්ර. ඉහළ ම බලය දරන්නා ; උපරිම බලය සතු තැනැත්තා හෝ අධිකාරිය.
පරම මෝක්ෂය
නා. කෙලෙස් බැමිවලින් මුළුමනින්ම මිදීම ; නිරවශේෂ විමුක්තිය.
පරම රාජාණ්ඩුව
නා. සීමා රහිත බලයක් රජුට පැවරෙන රාජාණ්ඩුව.
පරම විඥානය
(පාරිභා.) නා. පරමාර්ථ සත්යඥානය ; යම් ආගම ධර්මයක් අදහන්නවුන් විසින් තධර්මයෙහි අන්තර්ගතව ඇතැයි සැලකෙන පරමාර්ථ සත්යය පිළිබඳ ඥානය ; බ්රහ්මඥානය.
පරම ශූන්යය
(පාරිභා.) නා. 1. සංස්කාර ධර්මයන්ගේ ප්රවර්තනයෙහි ශුන්යතාව (හිස්බව).
2. අගයේ පහළම අන්තය දක්වන අවස්ථාව ; කිසි ම අගයක් නැති තත්ත්වය.
පරම සතුරා
නා. (යමකුගේ) බලවත්ම විරුද්ධකාරයා ; දරුණුම පසමිතුරා.
පරමණ්ඩලය
1. නා. වෙනත් රජයකට අයත් රට ; අනුන්ගේ රට ; විදේශය.
2. (ක්රිස්ති.) මෝක්ෂය ; සවර්ගය.
පරමත්
නා.ප්ර. උසස් අදහස් ; පරමාර්ථ.
වි. සිහියෙන් තොර ; ප්රමාදී.
පරම්පරා ප්රත්යාවර්තනය
(පාරිභා.) නා. ජල ශාකයක් හෝ ජීවියකු ස්ථල ශාකයක් හෝ ජිවියකු බවට පරිණාමය වීම.
පරම්පරාගත
වි. ස්වකීය මුතුන් මිත්තන්ගෙන් උරුම වූ ; පරපුරින් පැවත එන ; පරම්පරාවට අයත් වූ.
පරම්පරානීත
වි. පරපුරෙන් පරපුරට ගෙන ආ.
පරම්පරාව
1. නා. එකකට එකක් අනු පිළිවෙළින් එකිනෙකට සම්බන්ධ වූ සමූහය ; නොකැඩුණු පේළිය ; සන්තතිය.
2. වංශය ; පරපුර ; පෙළපත.
පරම්මුඛය
නා. (යමකු) නැති තැන ; අනභිමුඛය ; අසම්මුඛය.
පරමාණු බෝම්බය
(පාරිභා.) නා. යුරේනියම් හෝ ප්ලුටෝනියම් පරමාණුවක න්යෂ්ටිය නියුට්රෝන මගින් පිපිරවීමෙන් මුදා හැරෙන බලශක්තිය යොදා ගැනීමෙන් ක්රියාත්මක වන බිහිසුණු විනාශකාරි බලයකින් යුතු බෝම්බය.