සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 996
පරමාණුක
වි. පරමාණුව පිළිබඳ ; පරමාණුවට අයත් ; පරමාණුවට සම්බන්ධ ; පරමාණුවෙන් හටගත්.
පරමාණුක ක්රමාංකය
(පාරිභා.) නා. පරමාණුවක න්යෂ්ටියෙහි ඇති ප්රෝටෝන (මූලික ධන ආරෝපණ) සංඛ්යාව.
පරමාණුක භාරය
(පාරිභා.) නා. ඔක්සිජන් පරමාණුවක බරත් වෙනත් මූලද්රව්යයක පරමාණුවක බරත් අතර ඇති සාපේක්ෂක බර.
පරමාණුව
නා. රසායනික ප්රතික්රියාවකට සහභාගි විය හැකි මූල ද්රව්යයක කුඩාතම අංශුව.
පරමාත්මය
1. නා. හින්දු සමය අනුව විශ්වයේ සියලු ජීවීන්ගේම සම්භවයට හේතු වී යැයි සැලකෙන ශ්රේෂ්ඨතම ආත්මය.
2. පරමාත්මය ; පරමේශ්වරයා ; බ්රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්රිමූර්තිය.
පරමාදර්ශය
1. නා. උසස්තම ආදර්ශය ; අතිශ්රේෂ්ඨ ආදර්ශය.
2. (පාරිභා.) එල්ලය ; කේවල ලක්ෂ්යය ; නියම එල්ලය.
පරමාධිකාරය
(පාරිභා.) නා. අනෙක් කිසිවකු සමඟ හවුලක් නැති විශේෂ අධිකාරි බලය හෝ වරප්රසාදය.
පරමාධිපත්යය
නා. කිසිවෙකුටත් යටත් නැති සියල්ලන්ට ඉහළින් වූ දේශපාලන බලය ; ස්වෛරීභාවය.
පරමානන්දය
නා. මහත් සතුට ; උසස් ප්රීතිය.
පරමාන්නය
නා. උතුම් ආහාරය ; කිරිබත ; පායාසය.
පරමාභිසම්බෝධිය
නා. උත්තරීතම අවබෝධය ; ශ්රේෂ්ඨ බුද්ධත්වය ; උතුම් බුදු බව ; සර්වඥතා ඥානය.
පරමායුෂ
නා.ප්ර. මිනිසකුට හෝ සත්ත්ව විශේෂයකට උපරිම වශයෙන් ජීවත් විය හැකි කාල සීමාව.
පරමාර්ථ දේශනාව
නා. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්යාත පරමාර්ථ ගැන ඉගැන්වෙන දෙසුම ; ගැඹුරු අර්ථ ඇති ධර්මය ; අභිධර්ම දේශනාව.
පරමාර්ථය
1. නා. කේවල සත්යය ; අභිධර්මය.
2. උසස් ම බලාපොරොත්තුව ; පරම ප්රාර්ථනය.
3. යථාතත්වය.
පරමේශ්වර
1. නා.ප්ර. උසස්ම අධිපතියා ; අසහාය ප්රධානයා ; විශිෂ්ටතම නායකයා ; අධීශයා.
2. සම්බුදු රජ.
3. ඊශ්වර හෙවත් ශිව දෙවි.
4. මහා බ්රහ්මයා.
5. විෂ්ණු දෙවි ; නාරායණ.
6. ඉන්ද්රයා හෙවත් ශක්ර දෙවි; දෙවියන් වහන්සේ.
පරය
නා. මුහුදු දිය මතුපිටට ආසන්න ව පිහිටි ගල්කුළු පේළිය හෝ වැලි වැටිය ; ගල්පරය ; කොරල් වැටිය ; කොරල් පරය ; හිරිගල් පරය ; හිරිගල් වැටිය.
පරයනවා
ක්රි. පරදවනවා ; පරාජය කරනවා. පසුබස්වනවා ; යටපත් කරනවා ; අභිභවනය කරනවා.
පරරූප
නා.ප්ර. වචනයක අවසනට – යෙදෙන ශබ්දය පසුව යෙදෙන ශබ්දයෙහි රූපය ගැනීම ; පර වර්ණයාගේ රූපය.
පරලය
නා. අමනුෂ්යයකු යමකුගේ ශරීරයට ආරූඪවීම ; භූතාවේශය ; භූත බලයෙන් සිහි නැති වීම.
පරලොව
නා. මරණින් පසු උපදින භවය ; මීළඟ උත්පත්ති ස්ථානය ; මතු ආත්මභාවය.
පරවනවා
1. ක්රි. අත් හරිනවා ; හැර දමනවා ; දුරු කරනවා ; ඉවත් කරනවා.
2. (කථා.) ආයුධ පණ පොවනවා.
පරවම්භනය
නා. අනුන් පහත් කොට සැලකීම හා කතා කිරීම ; අනුන්ට ගැරහීම ; අනුන් හෙළා දැකීම.
පරවශ
වි. බැඳුණු ; ගැති ; වහල්; යටත්.
පරවාදය
නා. අන්යයන්ගේ මතය.