අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 239

භාව නාමය

නා. ගුණ මාත්‍රයක් හෝ හඟවන්නට යෙදෙන නාමය

භාවනානුයෝගී

වි. භාවනාවේ යෙදෙන (පා. භාවනානුයොග)

භාවනාව

නා. සිත විසිර යා නොදී එක් අරමුණක පවත්වා ගැනීම (පා. භාවනා)

භාවප්‍රකාශන

නා.ප්‍ර. හැඟීම් ප්‍රකාශ කිරීම

භාවපූර්ණ

වි. හැඟීම් පිරුණු

භාවය

නා. සාමාන්‍ය තේරුම/ අභිප්‍රාය/ ස්වභාවය (පා. සං. භාව)

භාවශූන්‍ය

වි. හැඟීම්වලින් හිස් (සං. භාවශූන්‍ය)

භාවාතිශය

වි. හැඟීම්බර

භාවාර්ථය

නා. ලුහුඬු අදහස; කෙටි තේරුම/ අර්ථය දැන ගැනීමට ඉවහල් වන දෙය (සං. භාවාර්ථ)

භාවිතය

නා. ව්‍යවහාරය; පාවිච්චිය (පා. සං. භාවිත)

භාවෝද්දීපන

වි. හැඟීම් දනවන

භාෂකයා

නා. කියන්නා; කථා කරන්නා (සං. භාෂක)

භාෂණය

නා. කීම; කථා කිරීම (සං. භාෂණ)

භාෂ්‍ය

නා.ප්‍ර. කථාව; කථනය කිරීම/ යම් මූලික ග්‍රන්ථයක් විවරණය කරමින් රචනා කළ ග්‍රන්ථය (සං. භාෂ්‍ය)

භාෂාධ්‍යයනය

නා. භාෂාව ඉගෙනීම

භාෂාන්තර

වි. අන්‍ය භාෂා පිළිබඳ වූ (සං. භාෂා+අන්තර)

භාෂානුරාගය

නා. භාෂාව කෙරෙහි ඇති ඇල්ම

භාෂාව

නා. ලේඛනයට හා කථනයට මාධ්‍යය කොට ගනු ලබන වාගාලාප (සං. භාෂා)

භාෂිත

වි. කියන ලද්දා වූ; දේශනා කරන ලද්දා වූ (සං. භාෂිත)

භාෂෝද්ග්‍රහණය

නා. භාෂාව ඉගෙනීම (සං. භාෂා+උද්ග්‍රහණ)

භාෂෝන්නතිය

නා. භාෂාවේ දියුණුව (සං. භාෂා+උන්නති)

භාස්කර

නා.ප්‍ර. සූර්යයා/ රත්රන්/ කපුරු (සං. භාස්කර)

භාස්මික

වි. භස්ම පිළිබඳ වූ

භාස්වර

වි. බබළනසුලු (සං. භාස්වර)