අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 240

භාසුර

වි. බබළන්නා වූ; දීප්තිමත් (පා. සං. භාසුර)

භික්ෂාටනය

නා. පිඬු සිඟා යෑම; පිණ්ඩපාතයෙහි යෑම (සං. භික්‍ෂාටන)

භික්ෂාව

නා. සිඟීමෙන් ලබන ආහාරය/ පිණ්ඩපාතය (සං. භික්‍ෂා)

භික්ෂු ගණයා

නා. භික්ෂු සමූහය (සං. භික්‍ෂු+ගණ)

භික්ෂුණිය

නා. භික්ෂුභාවය ලැබූ ස්ත්‍රිය; මෙහෙණ (සං. භික්‍ෂුණී)

භික්ෂුව

නා. බුදු සසුනෙහි පැවිදි වූ තැනැත්තා (සං. භික්‍ෂු)

භින්න

වි. බෙදුණු/ අසමාන/ පැළුණු (පා. සං. භින්න)

භින්නෝන්මාදය

නා. මානසික රෝග තත්ත්වයක්

භිෂක්වේදය

නා. ඖෂධ පිළිබඳ හැදෑරීම

භීතිය

නා. බිය (පා. සං. භීති)

භීම

වි. භයානක; බිහිසුණු; දරුණු (පා. සං. භීම)

භීෂණය

නා. භීතිය; බිය (පා. සං. භීෂණ)

භුක්තිය

නා. අයිතිවාසිකම; ප්‍රයෝජනයට ගැනීම (සං. භුක්ති)

භුජ

නා.ප්‍ර. අත; බාහුව/ ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණය සාදන පාද දෙකෙන් එකක්/ ත්‍රිකෝණයක ශීර්ෂ කෝණයට සම්මුඛ පාදය (පා. සං. භුජ)

භුජංගයා

නා. සර්පයා/ ධූර්තයා/ ක්‍රීඩකයා (පා. සං. භුජඞ්ග)

භුවන

නා. ලෝකය; ලොව/ ආහස (සං. භුවන)

භූ

නා.ප්‍ර. පෘථිවිය; භූමිය (පා. සං. භූ)

භූ චලන

නා.ප්‍ර. පොළොව සෙලවීම

භූ ලක්ෂණ

නා.ප්‍ර. භූ විෂමතා නිරූපන (සං. භූලක්‍ෂණ)

භූ විෂමතාව

නා. භූමියේ ඇති වන වෙනස්වීම

භූගත

වි. පොළොව තුළ වූ

භූගර්භය

නා. පෘථිවි අභ්‍යන්තරය

භූගෝලය

නා. පෘථිවි ගෝලය

භූතයා

නා. ප්‍රේත පිශාචාදි අමනුෂ්‍යයා (පා. සං. භූත)