අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 238

භස්මාවශේෂ

නා.ප්‍ර. දැවීමෙන් පසු ඉතිරි වූ දේ (සං. භස්මාවශේෂ)

භ්‍රම

නා.ප්‍ර. කැරකිල්ල/ දෝෂය; වරද (සං. භ්‍රම)

භ්‍රමණය

නා. රෝදයක් මෙන් කැරකීම/ ඔබමොබ හැසිරීම/ හිසේ කැරකිල්ල (සං. භ්‍රමණ)

භ්‍රෂ්ටයා

නා. ද්‍රෝහියා; විනාශ කරන්නා (සං. භ්‍රෂ්ට)

භ්‍රාජමාන

වි. බබළන; දීප්තිමත් වූ (සං. භ්‍රාජමාන)

භ්‍රාතෘ

නා.ප්‍ර. සහෝදරයා (සං. භ්‍රාතෘ)

භ්‍රාන්ත

වි. තැති ගත්; චකිත (සං. භ්‍රාන්ත)

භ්‍රාන්තිය

නා. වැරදි හැඟීම (සං. භ්‍රාන්ති)

භ්‍රෑණය

නා. මව් කුසෙහි වැඩෙන දරුවා (සං. භ්‍රෑණ)

භ්‍රෑසංකෝචන පේශිය

නා. ඇහි බැම හැකිළීමට උපකාර වන පේශිය

භාගය

නා. කොටස; පංගුව/ අර්ධය/ මිනුම් ප්‍රමාණයක් (පා. සං. භාග)

භාග්‍ය

වි. වාසනාවන්ත; පින්වත් (සං. භාග්‍ය)

භාගිනෙය්‍ය

නා.ප්‍ර. සහෝදරියගේ පුතා; බෑනා (පා. භාගිනෙය සං. භාගිනෙය්‍ය)

භාජන

නා.ප්‍ර. බඳුන (පා. සං. භාජන)

භාණක

වි. කටපාඩමින් දෙසන; සජ්ඣායනය කරන (පා. සං. භාණක)

භාණ්ඩය

නා. ද්‍රව්‍යය; උපකරණය; බඩුව (සං. භාණ්ඩ)

භාණ්ඩාගාරය

නා. භාණ්ඩ හෝ මුදල් ඇතුළු වස්තුව තැන්පත් කරන ස්ථානය (පා. සං. භාණ්ඩාගාර)

භාණ්ඩාගාරික

නා.ප්‍ර. භාණ්ඩාගාරය භාර නිලධරයා; ආයතනයක හෝ සංවිධානයක මුදල් භාරව සිටින්නා

භානු

නා.ප්‍ර. සූර්යයා (පා. සං. භානු)

භාර

නා.ප්‍ර. අයිතිය; සන්තකය/ දුෂ්කර වූ දෙය; අපහසු වූව (පා. සං. භාර)

භාරකාරයා

නා. වෙනත් අයකු වෙනුවෙන් යමක් භාර ව සිටින තැනැත්තා; ආරක්ෂකයා

භාරතය

නා. ඉන්දියාව (සං. භාරත)

භාරදූර

වි. අධික වගකීම් සහිත; බැරෑරුම් වගකීම් සහිත

භාර්යාව

නා. බිරිඳ (සං. භාර්යා)