අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 237

භජනය

නා. ඇසුරු කිරීම (පා. සං. භජන)

භජන්

නා.ප්‍ර. දෙවියන් වෙනුවෙන් තැනූ බැති ගී විශේෂයක්

භඤ්ජනය

නා. බිඳීම; කැඩීම (පා. සං. භඤ්ජන)

භටයා

නා. සෙබළා/ සේවකයා (පා. සං. භට)

භදන්ත

වි. භික්ෂූන් සඳහා විශේෂයෙන් යොදන ගෞරව පදයක්; ගෞරවාර්හ; පූජ්‍ය (පා. සං. භදන්ත)

භද්‍ර

වි. යහපත්; උතුම්; ඉෂ්ට (පා. සං. භද්‍ර)

භද්‍රකල්පය

නා. බුදුවරුන් පස් නමක් පහළ වන කල්පය (සං. භද්‍රකල්ප)

භද්‍රකාලී

නා.ප්‍ර. උමාවගේ අවතාරයක් (සං. භද්‍රකාලී)

භද්‍රඝටය

නා. ඉෂ්ටාර්ථය සලසාදෙන කළය (සං. භද්‍රඝට)

භය

නා. තැති ගැනීම; බිය (පා. සං. භය)

භයංකර

වි. බිය උපදවන; බියකරු (සං. භයංකර)

භයානක

වි. බිය උපදවන; බියකරු (පා. සං. භයානක)

භරතමුනි

නා.ප්‍ර. සංස්කෘත නාට්‍ය ශාස්ත්‍රයෙහි ආරම්භකයා

භරිත

වි. බර වූ; පිරුණු; ආඪ්‍ය (සං. භරිත)

භවත්‍රය

නා. කාම, රූප, අරූප යන තුන් ලොව

භවතා

නා. පින්වත් තැනැත්තා (සං. භවත්)

භවන

නා.ප්‍ර. නිවාසය; වාසස්ථානය (සං. භවන)

භවභෝග

නා.ප්‍ර. ධනධාන්‍යාදිය

භවය

නා. ඇතිවීම/ ආත්මභාවය/ සසර (පා. සං. භව)

භව්‍ය

වි. සුදුසු; විය යුතු; යෝග්‍ය (සං. භව්‍ය)

භවාංගය

නා. අලුත් භවයක උපන් සත්ත්වයාගේ චිත්ත සන්තතිය නොසිඳී පැවැත්මට හේතු වන සිත (පා. භවඞ්ග)

භවාන්තර

නා.ප්‍ර. අනෙක් උත්පත්තිය; මේ භවයට පෙර හෝ පසු භවය (සං. භවාන්තර පා. භවන්තර)

භස්ම

නා.ප්‍ර. අළු (සං. භස්ම)