අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 236
බොරලු
නා.ප්ර. ගල් කැට
බොලට
නා.ප්ර. පාදයේ වළලුකර; ගොප් ඇටය
බොහොඬා
නා. කටුස්සා/ අහංකාර තැනැත්තා
බොළඳ
වි. කෝමල/ ළාමක/ මෝඩ
බෝධ
නා.ප්ර. ඥානය; නුවණ; වැටහීම (පා. සං. බොධ)
බෝධිඝරය
නා. බෝ ගස ඇතුළු වන සේ තැනූ ගෙය (පා. බොධිඝර)
බෝධිය
නා. චතුරාර්ය සත්යය පිළිබඳ අවබෝධ ඥානය (පා. සං. බොධි)
බෝධිසත්ත්ව
නා.ප්ර. බුදු වීමට විවරණ ලැබූ තැනැත්තා (සං. බොධිසත්ත්ව)
බෝනික්කා
නා. ළමා රූ සේ සෑදූ කෙළි බඩු විශේෂයක් (පුර්. boneca)
බෝමළුව
නා. බෝ ගස වටා පිහිටි තැනිතලා බිම (පා. බොධිමාළක)
බෞද්ධයා
නා. බුදුන් සරණ ගිය තැනැත්තා (සං. බෞද්ධ)
භංග
වි. බිඳුණු; වැනසුණු; නැති වූ (පා. සං. භඞ්ග)
භංගුර
වි. බිඳෙනසුලු; විනාශ වී යන (සං. භඞ්ගුර)
භක්ත්යාදරය
නා. භක්තිය හා ආදරය
භක්ති ප්රණාමය
නා. භක්තිය මුල් කොට කරන වැඳුම
භක්තිය
නා. බැතිය (සං. භක්ති පා. භත්ති)
භක්ෂක
වි. අනුභව කරන (සං. භක්ෂක)
භක්ෂණය
නා. කෑම අනුභව කිරීම (සං. භක්ෂණ)
භක්ෂ්ය
වි. කෑ යුතු (සං. භක්ෂ්ය)
භග
නා.ප්ර. භාග්ය/ රූපකාය සම්පත්තිය/ බක් මාසය/ යෝනි මුඛය අවට ප්රදේශය (පා. සං. භග)
භගණය
නා. ඡන්දශ්ශාස්ත්රයේ දැක්වෙන අට ගණයෙන් එකක්/ බගණය
භගන්දර
නා.ප්ර. එනම් රෝගය (සං. භගන්දර)
භගවත්
වි. භාග්යවන්ත වූ (පා. භගවා සං. භගවත්)
භග්න
වි. බිඳුණු; විනාශ වූ (සං. භග්න පා. භග්ග)
භගිනි
නා.ප්ර. සහෝදරිය; අක්කා හෝ නංගී (පා. සං. භගිනී)